සුළං විදුලි බලයෙන් මන්නාරම දූපතේ ජීවය ගිලිහයෙිද ?

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ දී ඇති බව අප විසින් සිදු කළ අධ්‍යයන මගින් අනාවරණය වී තිබේ. මෙම ආයතන විසින් සකස් කළ සියලු ම සුළං විදුලි බලාගාර සැලැසුම් බලශක්ති නිෂ්පාදනය ඉලක්ක ගත කර ගෙන සිදු කළ අධ්‍යයනයන් මත පමණක් කේන්ද්‍රගත වී ඇත. එහි දී මන්නාරම දූපතේ ජීවත් වන ජනතාව ගේ අනාගත පැවැත්ම හෝ ජෛව ප්‍රජාව ගේ පැවැත්ම මෙන් ම මන්නාරම දූපතේ භූමි භාවිත ස්වභාවය හෝ එහි වර්තමාන ජාතික සැලැසුම්වල ස්වභාවය පිළිබ`ද ව කිසිදු අවධානයක් යොමු කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *