ලෝක කාන්තා දිනය සමරන ක්‍ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් අපේ කාන්තාවෝ

#මාර්තු 08
කාන්තාවන්ගේ ජීවිතය හා ගෞරවය උදෙසා සුරාකෑමට හා පිඩනයට පත් කිරීම් වලට එරෙහිව සටන් වදිමු!

2019/03/12


ලෝක කාන්තා දිනය යෙදෙන මාර්තු 08 වෙනදා කාන්තාවන් ඔවුන්ගේ ආර්ථික නිදහස උදෙසා විදි බැස්සේය.ලාභය මුලික කරගත් ණය සමාගම් මඟින් කාන්තාව ගෙවා ගත නොහැකි තරම් ණය කර අවසානය .වවුනියාවේදී,පොළොන්නරුවේදී ,මඩකලපුවේදී ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා විපතට පත් කාන්තාවන් ඔවුන්ගේ ණය අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් මේ වන විටත් දිවයින පුරා සිය දිවි නසා ගැනීම් 170 ක් වාර්තා වී තිබේ.නමුත් මේ සඳහා නිසි වැඩපිළිවෙලක් තවමත් රජයට නොමැත.දිස්ත්‍රික්ක 12 ක ණය මුදල් කපා හරින බව කියා සිටියත් ඒ සඳහා කොන්දේසි බොහොමයක් ඇත.මෙවර අයවැය තුලත් තව දුරත් ග්‍රාමීය ජනතාව ණය මත යැපෙන අයවැයක් ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කව්න්සිලයේ 40 වන සැසි වාරයේදී රජයේ එල්ලීමෙන් 2018 වසරේ සැප්තැම්බර් මාසයේ 3 -11 අතර ලංකාව පැමිණ වාර්තාවක් ඉදිරි කල පැබ්ලෝ බෝලස්කි කියා සිටියේ යද රජයට මේ සඳහා වහාම ක්‍රිියාත්මක වන ලෙසයි.

මෙය මෙතනින් අවසන් නොවන බව කියමින් කාන්තාවන් දින 12ක් කොළඹට පැමිණ උද්ගෝෂණය කිරීමට කාන්තාවන් සුදානම් වේ .

‘කාන්තාවන්ට විපත් ගෙනදුන් සියලූ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු!’



ක්‍ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූවන්ගේ කාන්තා සංවිධානය - පොලොන්නරුව

මඩකලපුව දිස්ත‍්‍රික්ක කාන්තා එකතුව - මඩකලපුව

උතුරු පළාත් ජනතා සැලසුම් සංසදය - වව්නියාව

ඔබ ලබාගත් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අයකර ගැනීම සම්බන්ධයෙන් අදාල සමාගම්, ඒවායේ නියෝජිතයින්, රාජ්‍ය ආයතන හෝ වෙනත් කවර ආයතනයක් හෝ තැනැත්තෙක් වෙතින් ඔබට කිසියම් බලපෑමක් හෝ නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමේ තර්ජනයක් එල්ල වේ නම් පහත අංකය අමතන්න.



මඩකලපුව - තංගේෂ්වරි - 077-9005062, විනායගමූර්ති - 0775018309

පොළොන්නරුව - ප‍්‍රියංතිකා - 071-0323826, ජයතිස්ස - 0772888229

වව්නියාව - පවන්දේවි - 0763145605, දේවකි‍්‍රෂ්නන් - 0775141478




උතුරු පළාත් ජනතා සැලසුම් සංසදය - වව්නියාව




ක්‍ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූවන්ගේ කාන්තා සංවිධානය - පොලොන්නරුව




මඩකලපුව දිස්ත‍්‍රික්ක කාන්තා එකතුව - මඩකලපුව