බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ දැවැන්ත වන විනාශයක්

සජීව චාමිකර

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහ`ඩව සිටිය දී නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ හා නැගෙනහිර පළාත් සභා මන්ති‍්‍ර එ්.එල්. තවාම් මහතාගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 600ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. සාගම වැවේ හා පන්නල් ඔයේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයක් හා අලි - ඇතුන් ඇතුළු ව සුවිශේෂී ජෛව ප‍්‍රජාවකට රැුකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප්ත කිරීම සිදු කරනු ලැබුව ද ඊට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර නොමැත. ඔවුන් දේශපාලකයන්ට ඇති බිය නිසා මුනිවත රකිමින් සිටියි.
වන සංරක්ෂණ ආඥ පනතට අනුව 2010 ඔක්තෝබර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතය, ලාහුගල - කිතුලාන ජාතික වනෝද්‍යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට රැුකවරණය සලසන ප‍්‍රදේශයකි. කුමන හා ලාහුගල - කිතුලාන ජාතික වනෝද්‍යාන වල සිට ගල්ඔය ජාතික වනෝද්‍යානයට හා බුද්දංගල අභය භූමියට අලි - ඇතුන් ගමන් කරන ප‍්‍රධාන අලි මංකඩ වන්නේ වට්ටමඩු තෘණ භූමියයි. මෙම වනාන්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි - ඇතුන් එ් ආශ‍්‍රිත ව පිහිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන ගම්මානවලට පිවිසීමේ වැඩි අවධානමක් පවතී. මේ නිසා මේ ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය විය හැකි වන අතර එ් හේතුවෙන් අලි - ඇතුන්ට හා ගම්වාසීන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වේ. මෙවන් හානි කර තත්ත්වයන් ඇති කිරීමට පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් වත්මන් රජයේ අමාත්‍යවරුන් කටයුතු කිරීම පිළිබඳව අප කණගාටු වෙමු.
නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන සමහර ප‍්‍රදේශ කිරි ගොවිතැන වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි වේ. මහජන ආරක්ෂක ආඥ පනත යටතේ 1976.09.17 වන දින අංක 231 දරන ගැසට් නිවේදනයෙන් අක්කර 4000ක භූමි ප‍්‍රදේශයක් වට්ටමඩු තෘණ බිම ලෙස අලයාඩිවිම්බු කිරිගොවීන් සඳහා අම්පාර දිස්ති‍්‍රක් ලේකම් විසින් වෙන් කර තිබේ. එම ප‍්‍රදේශය අද වන විට බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයට ඇතුළත් කර තිබේ. මෙම තෘණ භූමිය කිරි ගොවි පවුල් 168කට අයත් කිරි ගවයන් 15,000ක පමණ ප‍්‍රධාන පෝෂක තෘණ භූමියකි. මෙම ප‍්‍රදේශය බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් කිරි ගොවි කර්මාන්තයේ නිරත ජනතාව දැඩි අසීරුතාවයකට පත් ව සිටී.
පන්නල් ඔයේ හා සාගම වැවේ ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයක් වන මෙම වනාන්තරය හා තෘණ භූමි එළිපෙහෙළි කිරීම හේතුවෙන් සාගම වැව යටතේ වගා කටයුතු සිදු කරන සාගම වෙල් යායේ යල මහ දෙකන්නයේ වගා කටයුතු සිදු කිරීමට ජලය හිඟ වීමෙන් ගොවි ජනතාවට ගැටළු රැුසකට මුහුණ දීමට ඉදිරියේ දී සිදු වනු ඇත.
2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, වගා බිම් සැකසීම, වගා කටයුතු සිදු කිරීම, වනාන්තර ඉවත් කිරීමට හා වගාබිම් සැකසීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීම යන සියල්ල නීති විරෝධී වේ. මේ ක‍්‍රියාවල නිරත වන පුද්ගලයන් වරද කරුවකු වන අතර වසර 5ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000ත් ලක්ෂයත් අතර දඩ මුදලකට හෝ මේ දඩුවම් දෙකටම හෝ යටත් කළ හැකි ය. මීට අමතර ව රක්ෂිත වනයට සිදු කරන ලද හානිය සඳහා ද අධිකරණය නියම කරන දඩයකට යටත් කළ හැකි ය. මීට අමතර ව මේ නීති විරෝධී කි‍්‍රයාවන් සඳහා ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයන් ද වැරදි කරුවන් වන අතර ඔවුන්ව ද මේ දණ්ඩනයන්ට යටත් කළ හැකි ය.
අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ හා පළාත් සභා මන්ති‍්‍ර එ්.එල්. තවාම් මහතාගේ සහයෝගය හා මඟපෙන්වීම මත මේ නීති විරෝධී ක‍්‍රියා සිදු වන බැවින් ඊට එරෙහිව මෙම නීති ක‍්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් ව සිටී. එ් හේතුවෙන් බොහෝ ජනතාවක් පීඩනයට පත් වීම හා වන රක්ෂිතයේ පැවැත්ම දැඩි බලපෑමකට ලක් ව ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතිද්දී අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති තුමන්ගේ අවධානය මේ ස`දහා යොමු නොවීම ගැටළුසහගත ය.
කිරි ගොවීන් වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි විනාශ කරමින් මහජන ආරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් සිදු කරන මේ විනාශයට එරෙහිව කටයුතු කිරීමට 1976 ජුනි 17 වන දින අංක 217/51 දරන ගැසට් නිවේදනයට අනුව අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට බලතල ඇත. නමුත් එ් සඳහා මේ වනතුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නොමැත.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව නීත්‍යානුකූලව රැුකියාවක හෝ වෘත්තියක නිරත වීමේ අයිතිය සෑම පුරවැසියකුටම හිමිය. එම අයිතියට බලපෑම් කරමින් කිරි ගොවීන්ගේ තෘණ භූමි මෙලෙස විනාශ කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. එ් සඳහා අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ආධාර හා අනුබල ලබා දීමෙන් පෙනී යන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු තැකීමක් වත්මන් රජය විසින් සිදු නොකරන බව ය.
වන රක්ෂිතය විනාශ කරමින් සිදු කරන මෙම දැවැන්ත වනාන්තර එළිපෙහෙළි කිරීම හා නීති විරෝධී වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ ගම්මානවල ජනතාව අලි - මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීම, අලයාඩිවිම්බු කිරි ගොවීන් අවතැන් වීම හා සාගම ගොවි ජනතාව අවතැන් වීම සිදු වුව ද රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ හා පළාත් සභා මන්ති‍්‍ර එ්.එල්. තවාම් මහතාගේ හිතවතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් මේ ගම්මානවල ජනතාව අවතැන් කිරීම සිදු කරති. ඔවුන්ගේ යැපුම් මාර්ග අවදානමට ලක් කිරීම සිදු කරති. මෙවන් දේශපාලකයන් මහජන නියෝජිතයන් ලෙස හැඳින්විය හැකි ද යන්න ගැටළුවකි.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍ර පාලනයක්, ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටට ඉදිරිපත් කරමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිතුමන් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සොබාදහම රැුක ගැනීම කොටසේ පැහැදිලිව ම සඳහන් කර ඇත්තේ වනාන්තර හා වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැළැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැුක ගැනීම සඳහා තරාතිරම නොබලා සියළු පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ය. නමුත් අද වන විට එවන් තත්ත්වයක් පෙනෙන්නට නැත. බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතය විනාශ කිරීමේ නිරතවන්නන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකිරීමෙන් පෙනීයන්නේ මෙම ප‍්‍රතිපත්ති ලේඛන වලට පමණක් සීමා වන බවය. මේ පිළිබ`දව ජනාධිපති තුමන්ගේ අවධානය යොමු නොවීම පිළිබ`දව කණගාටු වෙමු. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ද දක්වා ඇත. නමුත් මෙවන් ඉතාම වැදගත් වනාන්තර ප‍්‍රදේශයක් විනාශ කිරීමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර එම වනාන්තරයේ රැුකවරණය තහවුරු කිරීමට තවම නිලධාරීන් අපොහොසත් වී ඇත.
වත්මන් රජය බලයට පත් වීමට ප‍්‍රථම රටේ ජනතාවට ඉදිරිපත් කළ මාස 60කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලිය තුළ ද රක්ෂිත වනාන්තර රැුක ගැනීම පිළිබඳව විශේෂයෙන් සඳහන් විය. එහි තිරසර සංවර්ධන කොටසෙහි සඳහන් වන්නේ අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ය. නමුත් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළ වත්මන් රජයේ අමාත්‍යවරු විසින් ම ආරක්ෂිත වනාන්තර වැනසීමට ආධාර හා අනුබල ලබා දීම කණගාටුවට කරුණකි.
අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට අවධාරණය කර සිටින්නේ බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතය හා වට්ටමඩු තෘණ බිම්වල සිදු කරනු නීති විරෝධී වගා බිම් වහාම ඉවත් කිරීමට හා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස හා එ් අවට කිරි ගොවි හා ගොවි ජනතාවගේ මෙන්ම වන රක්ෂිතයේ රැුකවරණය හා සුරක්ෂිතතාවය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ය.