වන්නියාගම වන රක්ෂිතය අමාත්‍ය රංගෙ බණ්ඩාර වනසයි

සජීව චාමිකර

පුත්තලම දිස්ති‍්‍රක්කයේ, තබ්බෝව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ පිහිටි වන්නියාගම වන රක්ෂිතයේ අක්කර 4ක් පමණ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් එළි පෙහෙළි කර ගොවිපලක් ආරම්භ කිරීමට අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පියවර ගනිමින් සිටී. පසුගියදා මේ ස්ථානය පරීක්ෂා කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන රක්ෂිතයේ මායිම් කණු පවා ඉවත් කරමින් වනාන්තර එළි පෙහෙළි කිරීමේ හා ගිනි තැබීමේ කටයුතු වල නිරත පුද්ගලයකු එ් සඳහා භාවිතා කළ බැකෝ යන්ත‍්‍රයක් සමඟ අත් අඩංගුවට ගත් නමුත් රංගෙ බණ්ඩාර මහතාගේ පුතනුවන්ගේ මැදිහත්වීම මත එම යන්ත‍්‍රය සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැර තිබේ.
අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතා විදෙස් රටක සිට වන සංරක්ෂණ නිලධාරීන් අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් ලංකාවට පැමිණි පසුව මේ පිළිබඳව සාකච්ඡුා කර විසදුමකට එළැඹිය හැකි බවය. එ් අනුව වන රක්ෂිතය නීති විරෝධීව එළි පෙහෙළි කළ පුද්ගලයාව, එ් සඳහා භාවිතා කළ යන්ත‍්‍ර සූත‍්‍ර හා එ් සඳහා ආධාර හා අනුබල ලබාදුන් පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට අමාත්‍යවරයාගේ උපදෙස් මත සාකච්ඡුා කර විසදුමක් ලබා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් යොමුවීම හා තීරණය කිරීම කුමන පදනමක් මත සිදු කළේ ද යන්න ගැටළුවකි. වන රක්ෂිතයක් එළි පෙහෙළි කිරීම, වන සංරක්ෂණ ආඥ පනතට අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඤේය වැරදි කි‍්‍රයාවකි. එවන් කි‍්‍රයාවක නිරත පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට මුදා හැරීමට තරම් අමාත්‍යවරයාගේ දුරකතන ඇමතුම වන සංරක්ෂණ නිලධාරීන්ට ප‍්‍රභල වී ඇත.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1* වගන්තියට අනුව නීතිය කි‍්‍රයාත්මක කිරීම සැමට සර්ව සාධාරණව සිදු විය යුතුය. එහි දී අමාත්‍යවරයකුට එක් ආකාරයකටත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකටත් නීතිය කි‍්‍රයාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාවක් නොමැත.
2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ගිනි තැබීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් ස`දහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.
වන්නියාගම වන රක්ෂිතය එළි පෙහෙළි කිරීම සඳහා ආධාර හා අනුබල ලබා දී ඇත්තේ අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා හා ඔහුගේ පුතනුවන් බව මේ සඳහා ඔවුන්ගේ මැදිහත්වීම් වලින් තහවුරු වේ. එම නිසා මෙම පනතට අනුව ඔවුන්ට එරෙහිව ද නීතිය කි‍්‍රයාත්මක කිරීමට වන සංරක්ෂණ නිලධාරීන්ට හැකියාව ඇත.
වන්නියාගම වන රක්ෂිතය 2013 ජූලි 08 වන දින අංක 1818/5 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 9501.87ක භූමි ප‍්‍රමාණයක් පුරා විසිර පවතින වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ එ් ආශි‍්‍රත අනෙක් රක්ෂිත ප‍්‍රදේශ හා එ්කාබද්ධ කරමිනි. මෙය වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ප‍්‍රථම යෝජිත රක්ෂිතයක් ලෙස පැවතුනි. මෙම වනාන්තරය තබ්බෝව අභය භූමිය, වීරක්කුළිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්ෂිතය හා විල්පත්තුව ජාතික වනෝද්‍යානය සම්බන්ධ කරන වනාන්තර ජාලයක් ලෙස ව්‍යාප්තව ඇති අතර අලි - ඇතුන් ප‍්‍රමුඛ විශාල ජෛව ප‍්‍රජාවකට රැුකවරණය සලසන වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරයකි.
එවන් සුවිශේෂී වනාන්තර පද්ධතියක ගොවිපලක් ස්ථාපිත කර වනාන්තරය කුට්ටිකරණය හා හායනයට ලක් කිරීමෙන් සිදු වන්නේ මේ ප‍්‍රදේශයේ පවතින අලි - මිනිස් ගැටුම තව දුරටත් වර්ධනය කිරීමකි. ලංකාවේ වැඩිම අලි - මිනිස් ගැටුමක් පවතින කලාපයක් වන වයඹ කලාපයේ රක්ෂිත වනාන්තර වල පැවැත්ම තහවුරු කළ යුතුව පවතිද්දී අමාත්‍යවරයකු විසින් ම මෙවන් නීති විරෝධී, හානි කර කි‍්‍රයාවල නිරත වීමෙන් සිදු වන්නේ වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.
මීට ප‍්‍රථමයෙන් ද පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත හා වයඹ පලාත් පරිසර ප‍්‍රඥප්තිය උල්ලංඝනය කරමින් තබ්බෝව අභය භූමියේ හෝටලයක් ඉදි කෙරින. අද වන විට එය ඔහු විසින් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යයි. නැවත වරක් රක්ෂිත වනාන්තරයක් වැනසීමට ද මෙතුමන් කි‍්‍රයාත්මක වීමෙන් පෙනී යන්නේ යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරු යහපාලන සංකල්ප රට තුළ කි‍්‍රයාත්මක කිරීමට තවම සූදානම් නොමැති බවය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍ර පාලනයක්, ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටට ඉදිරිපත් කරමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිතුමන් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සොබාදහම රැුක ගැනීම කොටසේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ වනාන්තර හා වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැළැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැුක ගැනීම සඳහා තරාතිරම නොබලා සියළු පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවය. නමුත් අද වන විට එවන් තත්ත්වයක් පෙනෙන්නට නැත. අමාත්‍යවරුන්ට එක් ආකාරයකටත් සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකටත් පරිසර නීති කි‍්‍රයාත්මක වන බවක් මේ වන විනාශයේ නිරත වූවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකිරීමෙන් පෙනෙන්නට තිබේ.
එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ද දක්වා ඇත. නමුත් මෙවන් ඉතාම වැදගත් වනාන්තර ප‍්‍රදේශයක් ගොවිපලක් සඳහා විනාශ කිරීමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර එම වනාන්තරයේ රැුකවරණය තහවුරු කිරීමට තවම නිලධාරීන් අපොහොසත් වී ඇත.
වත්මන් රජය බලයට පත් වීමට ප‍්‍රථම රටේ ජනතාවට ඉදිරිපත් කළ මාස 60කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලිය තුළ ද රක්ෂිත වනාන්තර රැුක ගැනීම පිළිබඳව විශේෂයෙන් සඳහන් විය. එහි තිරසර සංවර්ධන කොටසෙහි සඳහන් වන්නේ අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවය. නමුත් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළ වත්මන් රජයේ අමාත්‍යවරු විසින් ම ආරක්ෂිත වනාන්තර වනසා ගොවිපලවල් ඇරඹීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණකි.
මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අලි - මිනිස් ගැටුම පිළිබඳව විශේෂ අවධානයට ලක් කර ඇති අතර අලි - මිනිස් ගැටුම විසදීමට විශේෂ පියවරයන් අනුගමනය කිරීම පිළිබඳව සඳහන් කර ඇත. එසේ තිබිය දී අලි - මිනිස් ගැටුම තව දුරටත් වර්ධනය කිරීමට හේතු වන නීති විරෝධී කි‍්‍රයා වල රජයේ අමාත්‍යවරුන්ම නියැලීමෙන් පෙනී යන්නේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සංකල්ප සියල්ල මැතිවරණ සමයේ දී පොරොන්දු වලට පමණක් සීමා වන ජනතාව මුලා කරන ලේඛන පමණක් වන බවය.
මේ තත්ත්වය තව දුරටත් පැවතීමට ඉඩ දිය යුතු නැත. කඩිනමින් වන සංරක්ෂණ ආඥ පනතට අනුව වන්නියාගම වන රක්ෂිතය වැනසීමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත යුතුව ඇත. එ් සඳහා ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ අවධානය යොමු වනු ඇතැයි අප විශ්වාස කරමු. එසේ නොමැති වුවහොත් පසුගිය කාලයේ දී තබ්බෝව අභය භූමියේ කොටසක් රංගෙ බණ්ඩාර මහතා නීති විරෝධීව අත්පත් කර ගෙන හෝටල් ඉදි කළ ආකාරයට වන්නියාගම වන රක්ෂිතයත් එළි පෙහෙළි කර ගොවිපලක් ඉදි කිරීම නතර කළ නොහැකි වනු ඇත.