මහා ජල අර්බුදයක් ඇති කර ඌවේ ගොවි බිම් හා ජන දිවිය වැනසූ උමා ඔය ව්‍යාපෘතියට කුමක් කළ යුතු ද?

සජීව චාමිකර

සංවර්ධනයේ නාමයෙන් ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති අතුරින් මහා ව්‍යසනයක් ඇති කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ති‍්‍රක්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 7450 ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී. භූගත උමං කැණීමෙන් ඇති වී තිබෙන මහා ජල කාන්දුවීම් හේතුවෙන් ළිං ඇතුළු ජල මූලාශ‍්‍ර සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගතවීම, කුඹුරු ඇතුළු ගොවි බිම් විනාශ වීම හා භූමිය අස්ථාවර වීමෙන් නිවාස හා දේපල විනාශ වී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු ව තිබේ. එපමණක් නොව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ස`දහා ගොවි බිම් ඇතුළු ව ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් සෘජුව අවතැන් වූ ජනතාවට මෙතෙක් ප‍්‍රමාණවත් වන්දි ගෙවීමක් සිදු කර නොමැත. නැවත පදිංචි කිරීමේ අක‍්‍රමිකතා හා අවතැන් වූ ගොවි ජනතාවට විකල්ප ගොවි බිම් ලබා නොදීම ඇතුළු ගැටලූ බොහොමයකට මේ වන විට ජනතාව මුහුණ දී සිටී. මීට අමතර ව උමා ඔයේ පුහුල්පොළ හා මහතැටිල්ල ජලාශ ඉදි කිරීම හේතුවෙන් පහළ ප‍්‍රදේශයට ජලය ගලා යාම සීමා වීමෙන් උමා ඔයේ පහළ පිහිටි බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපාරය ඇතුළු ව කුඩා අමුණු යටතේ උමා ඔයේ ජලය ලබා ගෙන කි‍්‍රයාත්මක වන සුළු වාරි ව්‍යාපෘති 19 කට හා මහවැලි ව්‍යාපාරයේ ගොවි බිම් වලට ජලය සීමා වීමෙන් ගැටලූ ගණනාවකට ඉදිරියේ දී ගොවි ජනතාවට මුහුණ දීමට සිදු වේ.

මෙම ව්‍යසනයට වගකිවයුත්තේ කවුරුන් ද?

මේ සියලූ ව්‍යසනයන්ට පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද එකසේ වගකිව යුතු ය. පසුගිය රජයෙන් සැලැසුම් කර නීති විරෝධීව ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මහා ව්‍යසනයන් සිදු වෙද්දී වත්මන් රජය යටතේ ද මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යයි. බුද්ධිමතුන්ගේ, පරිසරවේදීන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ අදහස් තැකීමකට ලක් නොකර දේශපාලන බලපෑමට යට වී සාවi හා දුර්වල සැලැසුමක් මත පදනම් වූ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දීම මේ ව්‍යසනයන් ඇති කිරීමේ ආරම්භය විය. එහෙයින් ජනතාවගේ නිදහස් ජල අයිතිය අහිමි කර මහා විනාශයක් ඇති කරන උමා ඔය ව්‍යාපෘතියෙන් දැනට සිදු වන සියලූ විනාශයන්ට මධ්‍යම පරිසර අධිකාරිය සෘජුව ම වගකිව යුතු ය. දේශපාලන උවමනාවන් මත සාවi කරුණු බොහොමයක් සහිත ව අසම්පූර්ණ වාර්තාවක් මෙම ව්‍යාපෘතිය ස`දහා සකස් කළ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මේ මහා විනාශයට ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුතු පාර්ශවය වෙයි. මෙම වැරදි සැලැසුම් හා නීති විරෝධී අනුමැතීන් වල ප‍්‍රතිඵලය ලෙස සිදු වූයේ ඌව පළාතේ ජනතාව මහා ව්‍යසනයකට ගොදුරු කිරීම ය.
දේශපාලන උවමනාවන් මත ප‍්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා පමණක් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට ඊනියා සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ලබා ගැනීමට උමා ඔයේ ජලය හම්බන්තොට ගෙන යාම සඳහා සැලැසුම් සකස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දීම හා එ් සඳහා සකස් කළ ඉතා ම දුර්වල හා අසම්පූර්ණ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි බලපෑම මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීම මත මේ සියලූ ව්‍යසනයන්ට ම`ග පෑදුනි.

ව්‍යාපෘතියෙන් ජනතාව අවතැන්කිරීම

උමා ඔය ව්‍යාපෘතියේ ප‍්‍රධාන උම`ග වන, අලූතින් ඉදි කරන මහතැටිල්ල ජලාශයේ සිට කර`දගොල්ල භූගත විදුලි බලාගාරය දක්වා සකස් කරන කිලෝමීටර් 15.15 ක් දිග ප‍්‍රධාන උමග කැණීමේ දී ප‍්‍රදේශ ගණනාවක් මහා ව්‍යසනයකට ගොදුරු විය. මකුල්ඇල්ල, හීල් ඔය, කුරුකුදේ ගම, හැවැන්වල, උඩු උල්පත, බැද්දෙඅරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරු`දුගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, අගුරුකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම, තන්තිරිය, කීනිගම, දෝව, දික්අරාව, මැදහින්න, බිදුණුවැව, වටගමුව, ගෙඩියරොද, ඇත්තලපිටිය, සාමචේතිය ගම, පනංගල, මිරහවත්ත, පුරණ, ¥ල්ගොල්ල, කන්දෙඅරාව, මහඋල්පත, බදුලූගස්තැන්න, මදුවැල්පතන, කිරිඔරුව, ඉසුරු උයන, අරාවත්ත, උඩැස්වැද්දුම, වලස්බැද්ද, උතුරු කැබිල්ලෙවෙල, දකුණු කැබිල්ලෙවෙල, විශාකා මාවත, එරණවෙල, මහගලහින්න, කොළතැන්න හා අභයපුර යන ගම්මාන වල ජනතාවට ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන්, වගා බිම් විනාශ වීමෙන් හා ගෙවල් ඉරිතලා විනාශ වීමෙන් සංවර්ධන අනාථයින් බවට පත් ව සිටී. මේ වන විට නිවාස 7100 කට වැඩි ප‍්‍රමාණයක් ඉරිතලා වාසයට නුසුදුසු තත්ත්වයට පරිවර්තනය වෙමින් තිබේ. බණ්ඩාරවෙළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 42 ක් හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 15 ක් මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. මේ ජනතාව වෙනත් ප‍්‍රදේශ වල කුලී පදනම මත ලබා ගත් නිවාස වල පදිංචි කිරීම සිදු කර ඇත. නමුත් අවතැන් වූ අනෙක් අති බහුතරයට කිසිදු විස`දුමක් මේ වන තුරුත් ලැබී නොමැත.
ප‍්‍රධාන උම`ගට අමතර ව උමා ඔයේ අතු ගංගා දෙකක අලූතින් ඉදි වන පුහුල්පොල ජලාශයේ සිට මහතැටිල්ල ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.9 ක් දිග උම`ග කැණීම හේතුවෙන් ද ගම්මාන ගණනාවක ගෙවල් ඉරිතලා හානි සිදු වීම හේතුවෙන් පවුල් විශාල ප‍්‍රමාණයක් බලපෑමට ලක් වී ඇත. ලූණුවත්ත, මැදපංසල, දික්කාපිටිය, පුහුල්පොල, කොස්කණුවිල හා බලතොටඇල්ල ගම්මාන මෙලෙස බලපෑමට ලක් ව තිබේ. මෙම ප‍්‍රදේශ වල ළිං සිදීයාමට අමතරව දික්කාපිටිය ප‍්‍රදේශයේ වගා බිම් විනාශ වීම ද සිදු වී ඇත.
නිවාස වලට අමතරව ආගමික ස්ථාන 23 ක් මේ වන විට ඉරිතැලීම් හේතුවෙන් විනාශයට ලක් ව තිබේ. ඒ අතර පුරාවිද්‍යාත්මකව ඉතාම වැදගත් ස්ථාන කිහිපයක් ම වේ. දෝව රජ මහා විහාරය, හීල් ඔය පුරාණ විහාරය, මකුල් ඇල්ල පුරාණ විහාරය ඇතුළු ඉපැරණි විහාරස්ථාන හා පල්ලෙපේරුව මුස්ලිම් පල්ලිය මේ වන විට උමා ඔයේ භූගත කැණීම් වල බලපෑමට ලක් ව තිබේ. මීට අමතරව මකුල් ඇල්ල විද්‍යාලය, බණ්ඩාරවෙළ, මධ්‍ය මහා විද්‍යාලය හා ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි බොහොමයක් ඉරිතලා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වෙමින් තිබේ.
මෙම කිසිදු බලපෑමක් සම්බන්ධයෙන් උමා ඔය ව්‍යාපෘතිය ස`දහා සකස් කළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ ඇගයීමට ලක් කිරීම හෝ හ`දුනා ගැනීම හෝ එම තත්ත්වයන් හ`දුනා ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණවත් පර්යේෂණ හෝ සිදු කර නොතිබුණි. මේ නිසා මෙම ව්‍යාපෘතිය ස`දහා සකස් කළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව ඉතා ම දුර්වල වාර්තාවක් බව තහවුරු වන අතර එවන් දුර්වල වාර්තාවක් ස`දහා මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා දීම මෑත ඉතිහාසයේ සිදු කළ මහා අපරාධයකි.
මේ දැවැන්ත විනාශයන් සියල්ලම සිදු වී ඇත්තේ ප‍්‍රධාන උමෙඟ් සහ ජලාශ දෙක අතර ජලය ගෙන යන උමෙඟ් කැණීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ය. පුහුල්පොල ජලාශයේ සිට මහතැටිල්ල ජලාශය දක්වා ජලය ගෙන යන උම`ග මේ වන විට කැණීම් කර අවසන් ව ඇත. එම උම`ග කැණීම් කර ඇත්තේ අභ්‍යන්තර බෝර පිපිරවීම් ම`ගිනි. මහතැටිල්ල ජලාශයේ සිට වැල්ලවාය, කුරු`දුගොල්ල, අලිකොට ආර ප‍්‍රදේශයේ භූගත ව ස්ථාන ගත කරන විදුලි බලාගාරය දක්වා ජලය ගෙන යන ප‍්‍රධාන උමෙඟ් කිලෝ මීටර 9 ක් පමණ මේ වන විට කැණීම් කර තිබේ. එම කැණීම් ස`දහා උමං කැණීම් යන්ත‍්‍ර දෙකක් (Tunnel Boring Machine) භාවිතා කර ඇත. මේ දැවැන්ත විනාශය සිදු වී ඇත්තේ සම්පූර්ණ උමං පද්ධතියෙන් කොටසක වැඩ නිම වනවාත් සමඟ ය. ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26 ක් දිග උමං කැණීමට නියමිත ව ඇත. එ් සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පූර්ණ කඳු පද්ධතිය ම ගිලා බැස නාය යෑම වළක්වා ගත නොහැකි වනු ඇත.
මේ වන විට ප‍්‍රධාන උම`ග මහතැටිල්ල ජලාශයේ සිට කර`දගොල්ල දෙසට කැණීම් කර ඇති අතර එය පනංගල ප‍්‍රදේශයේ දී නතර කර තිබේ. ප‍්‍රධාන උම`ග අනෙක් පසින් කර`දගොල්ලේ සිට මහතැටිල්ල ජලාශය දෙසට කැණීම් කරන අතර දැනට මහා ජල කාන්දුව හේතුවෙන් දික් උල්පත ප‍්‍රදේශයේ දී කැණීම් කටයුතු නතර කර තිබේ. මෙම උම`ග කැණීමේ දී පළමු මහා ජල කාන්දුව හා භූමිය ගිලා බැසීම සිදු වූයේ මකුල් ඇල්ල ප‍්‍රදේශයේ දී ය. දෙවන මහා ජල කාන්දුව ඇති වූයේ උඩපේරුව ප‍්‍රදේශයේ දී ය. මේ මහා භූගත ජල කාන්දුවීම් හේතුවෙන් අඹදණ්ඬේගම සිට වෙහෙරගල තැන්න, මකුල් ඇල්ල, හීල් ඔය, පල්ලෙපේරුව හා උඩපේරුව දක්වා ගම්මාන වල ළිං ඇතුළු සියලූ ජල මූලාශ‍්‍ර සි`දී යාමට ලක් විය. අද වන විට සිදු වන තෙවන මහා භූගත ජල කාන්දුව හේතුවෙන් කීනිගම, බිදුණූ වැව, හපුගස් උල්පත, දික් උල්පත දක්වා සියලූ ජල මූලාශ‍්‍ර සි`දී යමින් පවතී.
මේ සියලූ උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාෂාණ සහිත ප‍්‍රදේශවල ය. එම අස්ථාවර පාෂාණ වල උමං කැණීමත් සමඟ ම පොළොව මතුපිටට භූ පැලූම් ඇති වී තිබේ. එම භූ පැලූම් ඔස්සේ අවසාධිත පාෂාණ ස්ථරය හා මවු පාෂාණ ස්ථරය අතර පිහිටි භූගත ජලය හා මතුපිට පස් ස්ථර වල රැු`දී පවතින කේෂාකර්ෂණ ජලය උමං තුළට කාන්දු වීම හේතුවෙන් ළිං සි`දී යාම, වගා බිම් වල ජලය සි`දී යාම හා ජල මූලාශ‍්‍ර සි`දී යාම සිදු වී ඇති අතර භූ පැලූම් සහ භූගත ජලය ඉවත් වීම හේතුවෙන් පස් ස්ථර අතර අස්ථාවර හිඩැස් වල ඇති වන පාංශු තෙරපුම් හේතුවෙන් නිවාස හා වගා බිම් ඉරිතලා විනාශ වී ඇත. මීට අමතර ව භූගත ජලය ඉවත් වීමෙන් පස් ස්ථර පහළට තෙරපීම නිසා කුඹුරු ඉඩම් ඇතුළුව භූමිය ගිලා බැසීම සිදු වී තිබේ.
බදුල්ල දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 37 ක ළිං 3090 ක් පමණ හා ජල මූලාශ‍්‍ර 45 ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන් ම සි`දී ගොස් තිබේ. හීල් ඔය, ගල් ඇක්ක ඔය, කක්කුටු අරාව, කම්මල් අරාව, නානු අරාව, ගල් කන්දෙ අරාව, අඹගහ ක`දුර, වියළි වගුරු ඇළ, දෙයියන්නෙ කුඹුර ඇළ, වෙළන්ගහ උල්පත ඇළ, ඉළුක් අරාව ඇළ, වැලිතැන්නෙ අරාව ඇළ, බැද්දෙ අරාව ඇළ, අමුණු දෝව ඇළ, පනංගල වැව, මිනුවන් උල්පත වැව, පල්ලෙපේරුව ඇළ, දික් අරාව ඔය, කුරුදුගොල්ල ඔය, නත්තාරංක`දුර ඇළ, කිරින්දේ ඔය, බදුලූගස්තැන්න ඔය, බුදුන්ගෙ අරාව ඇළ, ගාල්ලෙ අරාව ඇළ, දික් උල්පත ක`දුර, දියවැටුණු ක`දුර, දෙහිගස් අරාව ක`දුර, පිට ක`දුර හා බදුලූ ඔය ආරම්භක ප‍්‍රදේශය මෙලෙස සි`දී ගොස් තිබේ. මෙම ජල මූලාශ‍්‍ර මත පදනම් වූ අක්කර 2200 කට වැඩි වගා බිම් ප‍්‍රමාණයක කෘෂි කර්මාන්තය 2015 වසර අවසානයේ සිට අද දක්වා සම්පූර්ණයෙන්ම බි`ද වැටී ඇත. මීට අමතර ව රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටි ඉතාම සුන්දර දිය ඇල්ලක් වන රාවණා ඇල්ල ද සි`දී ගොස් තිබේ. බි`දුණු වැව, අලූත්ගම පීල්ල, දික් අරාව, මහ වංගුව පීල්ල, නානු අරාව, ගල් ඇක්ක පීල්ල, ඉසුරු උයන, පල්ලෙකරුවට පීල්ල, පල්ලෙපේරුව, පීල්ලෙ අරාව පීල්ල, මැදපේරුව පීල්ල හා බදුලූගස්තැන්න පීල්ල වැනි ජනතාව ගේ දෛනික ජල අවශ්‍යතාවන් ස`දහා භාවිතා කළ ජල මූලාශ‍්‍ර පවා සම්පූර්ණයෙන් ම සි`දී ගොස් තිබේ.
මේ ස`දහා තාවකාලික පිළියම් ලෙස ග‍්‍රාම නිලධාරී වසම් 37 ක බලපෑමට ලක් වූ ජනතාව ගේ පවුල් 4511 කට ජලය ගබඩා කර ගැනීම ස`දහා ජල ටැංකි ලබා දී තිබේ. මේ වන විට ජල බවුසර් 57 ක් ම`ගින් ජලය අහිමි වූ ජනතාවට ජලය බෙදා දීම සිදු කරයි. වගා බිම් වලට හානි සිදු වූ ජනතාව ගෙන් පවුල් 642 කට රුපියල් මිලියන 266.5 ක් වන්දි වශයෙන් ගෙවා තිබේ. මෙලෙස වන්දි ගෙවා ඇත්තේ එක් කන්නයකට පමණි. කිසිදු වගා වන්දි මුදලක් හිමි නොවූ විශාල පිරිසක් මේ වන විට අසරණව සිටිති. ගෙවල් ඉරිතලා හානි වූ පවුල් වලට රුපියල් 1500 සිට රුපියල් මිලියන 12.7 දක්වා වන්දි හිමි වී තිබේ. බහුතරයකට හිමි වී ඇත්තේ ඉතා අවම වන්දි මුදලකි. බොහොමයකට කිසිදු වන්දි මුදලක් හිමි වී නොමැත. කේවල් කිරීමේ බලය, දේශපාලන සබ`දතා හා නිලධාරී සබ`දතා ඇති කිහිප දෙනෙකු උපරිම වන්දි මුදල් ලබා ගෙන ඇත.
උමං කැණීම නිසා ජලය අහිමි වූ ජනතාවට බවුසර් ම`ගින් ජලය ලබා දෙන්නේ දින කිහිපයකට වාරයකි. එක් නිවසකට ජලය ලීටර 500 ත් 1000 ත් අතර ප‍්‍රමාණයක් ලබා දෙයි. සමහර නිවාස වලට මෙම ජල සැපයුම හිමි වන්නේ සති කිහිපයකට වාරයකි. ක`දුකර ප‍්‍රදේශ වලට හා මාර්ග පහසුකම් අවම සමහර ප‍්‍රදේශ වලට ජල බවුසර් වලට හෝ ජලය රැුගෙන යන ට‍්‍රැක්ටර් රථ වලට ගමන් කිරීම අපහසු වීම නිසා විකල්ප ජල පහසුකම් ද අහිමි වී ඇති අතර ඔවුන් දැඩි දුෂ්කරතාවට පත් ව සිටී. ඔවුන්ට බොහෝ දුරක් පා ගමනින් ගොස් පානීය ජලය රැුගෙන ඒමට සිදු වී ඇත. බවුසර් ම`ගින් ලබා දෙන ජලයේ ගුණාත්මකතාවය හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබ`ද ව ගැටලූ පවතී. මේ නිසා බොහෝ දෙනෙක් අපහසුවෙන් හෝ පානීය ජලය මිල දී ගැනීමට පෙළැඹී සිටී.
දින කිහිපයකට වරක් ලබා දෙන ජලය ගබඩා කර තබා ගැනීම ස`දහා ජනතාවට දැඩි පරිශ‍්‍රමයක නිරත වීමට සිදු ව තිබේ. සමහර නිවාස වල ජල ටැංකි කිහිපයකත් තවත් සමහර නිවාස වල ප්ලාස්ටික් බාල්දි වලත් ජලය ගබඩා කර තබා ගනී. නමුත් එලෙස ගබඩා කර ගන්නා ජලය ප‍්‍රමාණවත් වන්නේ දින කිහිපයකට පමණි. ස්නානය කිරීම හා සේදුම් කටයුතු ස`දහා ජනතාවට ජලය රැුදී පවතින ජල මූලාශ‍්‍ර සොයා ගෙන කිලෝමීටර ගණනාවක් දුර යාමට සිදු වී ඇත. මේ ස`දහා අමතර මුදලක් දැරීමට අවතැන් වූ ජනතාවට සිදු වී ඇත.
භූගත උමං කැණීමේ ප‍්‍රතිඵලයක් ලෙස අක්කර 2200 කට වැඩි වගා බිම් ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. භූගත ජලය උමං තුළට කාන්දු වීමෙන් වගා බිම් ඉරිතැලීම, ගිලා බැසීම හා වගා බිම් වලට ජලය සපයන දිය බුබුළු සහ ජල මූලාශ‍්‍ර සිදී ගොස් වගා බිම් සියල්ල විනාශයට ලක් වී ඇත. මේ හේතුවෙන් අවතැන් වූ ගොවි ජනතාවට වගා කන්න 5 ක් පමණ අහිමි වී තිබේ. මේ නිසා රටට අහිමි වූ වී හා එළවලූ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් මිලියන දහස් ගණනකි. මේ තත්ත්වය සමස්ත ලංකාවේ ම එළවලූ හා වී මිල ඉහළ යාමටත් ඒවායෙහි හි`ගයන් ඇති වීමටත් බලපා තිබේ.
වගා බිම් විනාශ වූ බොහෝ ගොවි ජනතාවකට වන්දි හිමි වී ඇත්තේ එක් කන්නයකට පමණි. සමහර ගොවි ජනතාවට කිසිදු වන්දි මුදලක් හිමි වී නැත. පළමුව ගොවි සංවිධාන වල සභාපති ගේ නිර්දේශ මත ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වගා වන්දි ගෙවීම සිදු කර ඇත. නමුත් අද වන විට වගා වන්දි ගෙවීමේ දී වගා බිමට අදාළ සින්නක්කර ඔප්පුව, පත්ඉරු, පිඹුරුපත්, බැංකු ගිණුම් අංක, හැදුනුම්පත් පිටපත් සම`ග සම්පූර්ණ කළ ඉල්ලූම් පත‍්‍රය ගොවි සංවිධානයේ සභාපති ගේ නිර්දේශ මත ඉදිරිපත් කළ යුතු ය. නමුත් මේ ප‍්‍රදේශ වල බොහෝ ගොවි බිම් නිවැරදිව මැණීම් කර, පිඹුරුපත් හෝ ඔප්පු සකස් කර නැත. මේ වන විට අවතැන් වූ ගොවි ජනතාවට ලබා දෙන සුළු වන්දි මුදල ලබා ගැනීමට වගා බිම් මැණීම් කර ඔප්පු සකස් කර ගැනීමට සිදු වී ඇති අතර මේ ස`දහා වැය වන විශාල මුදල් ප‍්‍රමාණයක් දැරීමට ගොවි ජනතාවට නොහැකි වී ඇත.
මේ අතරතුර ගොවිජන සේවා නිලධාරීන් හා ගොවි සංවිධාන වල නිලධාරීන් එක් ව වගා වන්දි මුදල් ගෙවීමේ දී විශාල අක‍්‍රමිකතා හා වංචා කිරීම් සිදු කර ඇත. මේ නිසා වගා බිම් විනාශ වී අසරණ වූ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට ලක් ව සිටී. එපමණක් නොව සින්නක්කර ඔප්පු හිමි ගොවි ජනතාවට, අ`ද ගොවීන්ට, බදු ගොවීන්ට, උකස් ගොවීන්ට හා හවුල් ගොවීන්ට වගා වන්දි ලබා දීමේ දී අසාධාරණයන් බොහොමයක් සිදු වී ඇත. සමහර ප‍්‍රදේශ වල ගොවි සංවිධාන සභාපතිවරුන් ගේ මැදිහත්වීම මත වගා හානි සිදු නොවූ පරිබාහිර පුද්ගලයන්ට හා ඔවුන් ගේ පවුල් වල හිතවතුන් අතර වන්දි මුදල් බෙදා ගෙන තිබේ. ඒ ස`දහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හා ගොවි සංවිධාන වල නිලධාරීන් සෘජු ව වගකිව යුතු අතර අවතැන් වූ ගොවි ජනතාව ගේ වන්දි මුදල් අයතා පරිහරණය හා වංචා කිරීම පාලනය කිරීමට විධිමත් සැලැස්මක් සකස් කළ යුතු ය. එපමණක් නොව වන්දි මුදල් වංචා කළ නිලධාරීන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු ව ඇත.

උමා ඔය ව්‍යාපෘතියේ හානි කර සැලැසුම

මේ තත්ත්වය අහඹු සිදුවීමක් හෝ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නොවේ. 2008 වසරේ දී මේ ව්‍යාපෘතියේ පළමු සැලැසුම් අදියරේ දීම අප විසින් මේ තත්ත්වය පිළිබඳ ව අවධාරණය කළෙමු. නමුත් එ් පිළිබඳ ව කිසිදු තැකීමකින් තොරව දේශපාලන ප‍්‍රතිරූප ගොඩනඟා ගැනීම හා කොමිස් මුදල් කුට්ටි වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් මේ සියලූ ව්‍යසනයන් කිසිවක් පිළිබඳ ව අවධානයට ලක් නොවින. පළමුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය අවසානයේ ඉරාන, ෆරාබ් සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 553 ක මුදලකට ය. මේ අනුව ව්‍යාපෘතිය ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් කොමිස් මුදල් වශයෙන් පසුගිය රජයේ ප‍්‍රබලයන්ට ලැබී තිබේ. ඉරාන අපනයන සංවර්ධන බැංකුව වසර 20 කින් ගෙවා නිම කිරීමේ පදනම මත මෙම ණය මුදල ලබා දුන්නේ මේ ව්‍යාපෘතිය පිළිබඳ ව කිසිදු තාක්ෂණික ඇගයීමකින් තොරව ය. මෙවැනි බැංකුවලින් පසුගිය රජය දැවැන්ත ණය මුදල් ලබා ගත්තේ ඕනෑ ම හානි කර ව්‍යාපෘතියකට ණය ලබා ගැනීමේ පහසුව හා විශාල කොමිස් මුදල් ප‍්‍රමාණයක් ලබා ගැනීමේ පහසුව ද නිසා ය. එපමණක් නොව එම කාලවකවානුව තුළ දී පිළිගත් මූල්‍ය ආයතන අප රටට ණය ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබූ අතර ඒ වෙනුවට ජාත්‍යන්තරව පිළිනොගත් මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීමට රජය කි‍්‍රයා කළේ ය. ඒ ස`දහා මීට ප‍්‍රථම ප‍්‍රතික්ෂේප කර තිබූ උමා ඔය ව්‍යාපෘතිය භාවිතයට ගැනින.
උමා ඔයේ ජලාශ ඉදි කිරීම සම්බන්ධයෙන් පළමුව අධ්‍යයනය කර ඇත්තේ 1987 වසරේ දී ය. එම වසරේ දී ජර්මන් උපදේශක සමාගමක් වන LAHAMOYOR සමාගම විසින් පළමුව අධ්‍යයනය කෙරුණු අතර උමා ඔයේ ජලය ලූණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යාමේ බහුකාර්යය යෝජනාක‍්‍රමයක් ලෙස අධ්‍යයනය කර පළමු සැලැසුම සකස් වූයේ 1991 වසරේ දී ය. එය සකස් කැරුණේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය විසිනි. ඉන් අනතුරුව 2002 - 2003 වසර වල දී කැනේඩියානු ඉංජිනේරු උපදේශක සමාගමක් වන SNC- LAVALIN සමාගම විසින් අධ්‍යයනය කරන ලදී. එම සෑම අවස්ථාවක දී ම පුහුල්පොළ හා ඩයරබා ජලාශ ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. මෙම වාර්තාව පළමු ව මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමත්, ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික දුර්වලතාත් හේතුවෙන් ව්‍යාපෘති වාර්තාව ප‍්‍රතික්ෂේප කැරිණ. නමුත් මෙවන් දෑ පිළිබඳ ව කිසිදු තැකීමක් හෝ වගකීමක් නොගන්නා ඉරාන රජයේ මැදිහත් වීමෙන් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මේ ව්‍යාපෘතිය නැවත වරක් ක‍්‍රියාත්මක කිරීමට පසුගිය රජය පියවර ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 26 ක් වැනි විශාල මුදලක් මුල්ගල තැබීමේ කටයුතු වලට පමණක් වියදම් කරමින් 2008 අපේ‍්‍රල් මස 29 වන දින පෙරවරු 10 ට උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වැල්ලවාය, අලිකොටආර දී ආරම්භ කෙරිණි. එවකට අග‍්‍රාමාත්‍ය ව සිටි රත්නසිරි වික‍්‍රමනායක හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ වාණිජ අමාත්‍ය මීර් රසාමි මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ කටයුතු සිදු කැරිණි.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආධාර ඇතිව කි‍්‍රයාත්මක කරනු ලබන උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ස`දහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය තුමා විසින් 2008 පෙබරවාරි 12 වන දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය ස`දහා 2008 පෙබරවාරි 20 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතියේ අරමුණු කිහිපයකි. එනම් ජල විදුලිය නිපදවීම, වාරි ජලය සැපැයීම, පානීය ජලය සැපැයීම සහ කාර්මික කටයුතු සඳහා ජලය සැපයීම යි. මේ අතුරෙන් ප‍්‍රධාන වන්නේ හම්බන්තොට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපොළ, හම්බන්තොට කර්මාන්තපුරය, හම්බන්තොට වරාය සහ හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා ජලය සැපැයීම ය. මෙම අරමුණු කි‍්‍රයාත්මක කර ගැනීම ස`දහා උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ ව ශක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික අනුමැතියක් හෝ නොමැති ව හුදු දේශපාලන වුවමනාවන් මත පදනම් ව නීති විරෝධි ලෙස මුල් ගල තැබීම සිදු විය. එසේ වුවත් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ඉරාන අපනයන සංවර්ධන බැංකුව, ව්‍යාපෘතියේ ශක්‍යතාව පිළිබඳ ව හෝ පාරිසරික බලපෑම් පිළිබඳ ව හෝ ජනතාව ගේ නිදහස් ජල අයිතිය පිළිබඳ ව හෝ අවධානය යොමු නොකර මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම ද විශේෂත්වයක් විය. ඔවුන් පරිසරයට හෝ ජන දිවියට සිදු වන විනාශයට කිසිදු වගකීමක් නොගැනීම පුදුමයට කරුණකි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ව පිළිගත් මූල්‍ය ආයතන ණය මුදල් ලබා දීමේ දී පරිසරයට සිදුවන හානි හා ජනදිවියට සිදුවන හානි උපරිමයෙන් වැළැක්වීමට හා අවම කිරීමට අවධානය යොමු කළ ද පසුගිය රජය දැවැන්ත ණය ආධාර ලබා ගත් ඉරාන හෝ චීන මූල්‍ය ආයතන වල ස්වභාවය මීට හාත්පසින් ම වෙනස් විය. එම ණය ආධාර ලබාගත් කිසිදු ආයතනයක් පරිසරයට සිදුවන විනාශයේ වගකීම භාර ගැනීමට සූදානම් නැත. එ් බව හොඳින් ම තහවුරු වූයේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදුවන කිසිදු පාරිසරික හානියක වගකීම භාර ගැනීමට චීනය සූදානම් නොවන බවත් එහි වගකීම ශ‍්‍රී ලංකා රජය භාරගත යුතු බවත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමත් සමඟ ය.
උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු සැලැසුමකින් තොරව මුල්ගල තැබීමෙන් අනතුරු ව 2008 ජුලි මස 20 වන දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පූර්ව ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් විණි. එය සිදු කැරුණේ Mahab Ghodss Consulting Engineering Company නම් ආයතනය මඟිනි. ඉන් අනතුරු ව 2010 නොවැම්බර් මස දී උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ වෙළුම් තුනකින් සමන්විත පරිසර බලපෑම් ඇගැයීම් වර්තාව ව්‍යාපෘති යෝජක ආයතනය වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය වෙනුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය මඟින් සකස් කැරිණි. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ක‍්‍රියා කළ අතර, ඒ වාර්තාව 2010 දෙසැම්බර් මස 27 වන දා සිට රජයේ වැඩකරන දින 30 ක කාලයක් ලිඛිත මහජන අදහස් සඳහා විවෘත ව තැබිණ. ඒ කාලය තුළ ලිඛිත විරෝධතා විශාල ප‍්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරය වෙත පරිසර සංවිධාන, ගොවි සංවිධාන, ප‍්‍රජා සංවිධාන හා ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් වන විශාල පිරිසක් විසින් යොමු කෙරින. මෙතෙක් ඉතිහාසයේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ස`දහා වැඩිම මහජන අදහස් ප‍්‍රමාණයක් ලැබුණු වාර්තාව මෙය විය. නමුත් ඒ කිසිදු කරුණක් පිළිබඳ ව අවධානය යොමු නොකර ඉතා ම දුර්වල මට්ටමක පැවති පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2012 අපේ‍්‍රල් මස 12 වන දා කොන්දේසි සහිත අනුමැතිය ලබා දෙන ලදී. එම අනුමැතිය ලබා දීමටත් ප‍්‍රථමයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි. මේ ව්‍යාපෘතියේ දී පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවට අනුමැතිය ලබා ගැනීම යනු හුදු ලේඛනයකට පමණක් සීමා වූ කටයුත්තක් විය. එවැනි වැරදි පූර්වාදර්ශ රාජ්‍ය ආයතනයක් විසින් ම ලබා දීම පාරිසරික නීති උල්ලංඝනයට සමාජය පෙළැඹවීමක් වැනි ය. ඉන් නොනැවතී මේ සියලූ වැරදි වලට සංවර්ධන අනාථයින් බවට පත් වෙමින් වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ පහළ ප‍්‍රදේශයේ නිදහසේ ජීවත් වූ අහිංසක ජනතාවට ය.

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ දුර්වලතා

මෙවන් වූ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව ඉතා ම දුර්වල වාර්තාවක් වීම ද මෙම දැවැන්ත විනාශයට ප‍්‍රධාන හේතුවක් විය. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක මූලික ප‍්‍රධාන අංගයක් වන ප‍්‍රමාණවත් විකල්ප අධ්‍යයනය ද මේ වාර්තාවට ඇතුළත් කර නොතිබිණි. ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක තිබිය යුතු මූලික ප‍්‍රධාන අංගයක් ලෙස විකල්ප අධ්‍යයනය සැලැකේ. නමුත් මෙම පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ සිදු කර ඇත්තේ අතීතයේ සාකච්ඡුා කළ උමාඔයේ ජලය දකුණු කලාපයට හරවා යැවීම පිළිබඳ යෝජිත ව්‍යාපෘති වාර්තා කිහිපයක දත්ත පාදක කර ගනිමින් යෝජිත ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීම පමණි. එය පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ පවතින ප‍්‍රධාන අඩුපාඩුවකි. එ් මත ව්‍යාපෘතියෙන් සිදු වන සියලූ බලපෑම් මඟහැරීම හා තාක්ෂණික ශක්‍යතාව පිළිබඳ ව අවධානය යොමු කිරීම හිතාමතා ම මඟහැර ඇත. නිවැරදිව මෙම වාර්තාව සකස් කළේ නම් සිදු කළ යුතුව තිබුණේ උමං මාර්ග කැණීමට හා ජලාශ ඉදි කිරීමට යෝග්‍ය වන සුදුසු ස්ථාන තුනක් හ`දුනා ගෙන ඒ අතුරින් සුදුසුම ස්ථානය හ`දුනා ගැනීම ස`දහා දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමයි. එම`ගින් උමං කැණීම හේතුවෙන් බලපෑම් නොවන හා ජලාශ ඉදි කිරීම හේතුවෙන් බලපෑම් ඇති නොවන විකල්පයන් හ`දුනා ගැනීමට හැකියාව තිබුණි. මේ තත්ත්වයන් ම`ග හැරීම නිසා ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සම`ග ම මහා ව්‍යසනයක් ඇති විය.
උමාඔය ද්‍රෝණියට වර්ෂා ඍතුව එළැඹෙන කාලය හා දකුණු කලාපයේ වර්ෂා ඍතුව එළැඹෙන කාලය එකිනෙකට සමපාත වේ. එනම් ඊසාන දිග මෝසම් මඟින් මේ ප‍්‍රදේශ දෙකට ම වර්ෂාව ලැබේ. එබැවින් දකුණු කලාපයේ ජලය ගබඩා කර තබන ජලාශ හා වැව්, ඊසාන දිග මෝසම් වර්ෂාව පවතින කාලයට පිරී යන අතර ව්‍යාපෘතියේ යෝජිත පරිදි උමාඔයේ අතිරික්ත ජලය ගබඩා කිරීමට දකුණු කලාපයේ මේ ජලාශවලට හා වැව්වලට හැකියාවක් නො පවතී. එවන් තත්ත්වයක් ඇසුරේ මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ඵලදායීතාවයෙන් තොර බව ඉතා පැහැදිලි කරුණකි. එ් අනුව පෙනී යන්නේ මේ ව්‍යාපෘතියේ මූලික සංකල්පය ම දෝෂ සහිත බව ය.
භූගත කැණීම් හේතුවෙන් පාංශු ස්ථර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම මෙම ව්‍යාපෘතියෙන් ඇති විය හැකි ප‍්‍රධාන බලපෑම් වූ නමුත් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ ඒ පිළිබ`දව කිසිදු අවධානයක් යොමු කර නොතිබුණි. භූගත කැණීම් ඉතා හානිකර ලෙස බලපානු ලබන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන බොහෝ භූගත කැණීම් උග‍්‍ර නායේ යෑම් තර්ජනයට ලක් වූ කලාප වල සිදු කෙරෙන නිසා ය. මේ හේතුවෙන් නායේ යෑම් තර්ජන උග‍්‍රවීම, පාංශු ඛාදනය උග‍්‍රවීම, ජල දේහයන් රොන් මඩින් පිරි යාම, භූ ගත ජල මට්ටම පහළ බැසීම වැනි හානිකර තත්ත්වයන් බොහොමයක් භූ ගත උමං සකස් කරනු ලබන කලාපය පුරාම ඇති විය හැකි ය. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනයක් මෙම වාර්තාව සැකසීමේ දී සිදු කර නොතිබුණි. එම දුර්වලතාවන් ගේ ප‍්‍රතිඵල අද වන විට බුක්ති වි`දින්නට අහිංසක ජනතාවට සිදු වී ඇත.

ව්‍යාපෘති පිරි වැය

මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු ලෙස ක‍්‍රියාත්මක වන ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්‍යාපෘතිය වසර පහකින් නිම කිරීමට සූදානම් විය. පළමු සැලැසුමට අනුව ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 76,316 ක් ලෙස ගණන් බලා තිබුණි. ඉන් ලංකා රජය දරන වියදම රුපියල් මිලියන 24,600 කි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60,842 ක් වැය වේ. ඉන් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබා දෙන අතර ඉතිරි 15% ක මුදල ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැරිය යුතු වේ. ඒ අනුව ඉඩම් අත්පත් කර ගැනීම, ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය, ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශනය සඳහා වැයවන රුපියල් මිලියන 15,475 ක මුදල ලංකා රජයෙන් දැරිය යුතු ව ඇත. ව්‍යාපෘති කාලය තුළ මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු ඉඩම් අත්පත් කර ගැනීම් කටයුතු හා නැවත් පදිංචි කිරීම් කටයුතු ඉතා ම අක‍්‍රමවත්වීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ රජයට මේ සා විශාල මුදලක් දැරීමට හැකියාව නොමැති වීම ය. ණය ආධාර ලබා දුන් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ අරමුණ වූයේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබා දෙන ණය ආධාර මුදල නැවත ඉරානයට ම ලබා ගැනීම ය. එ් සඳහා කොන්ත‍්‍රාත්කරු ලෙස ඉරානයේ ෆාරාබ් සමාගම නම් කළ අතර ණය මුදලින් වැඩි කොටසක් එම සමාගම හරහා ඉරානයට නැවත ලබාගැනීම සිදු විය. ඊට අමතරව වසර 20ක් ඇතුළත ණය මුදල ද ගෙවා නිම කළ යුතු විය. මේ අනුව ඉරානයට මෙම ව්‍යාපෘතිය සඳහා අති දැවන්ත මුදලක් ලංකාවෙන් නැවත හිමි වේ. නමුත් ඔවුන් ව්‍යාපෘතිය යටතේ අවතැන් වන ජනතාවට වන්දි ගෙවීමට හෝ පරිසරය ආරක්ෂා කිරීමට මුදල් ලබා දීමට එකඟ නොවූයේ එම මුදල් සෘජුව ම නැවත වරක් ඉරානයට නොලැබෙන නිසා ය.

උමා ඔයේ පහළ නිම්නයේ වාරි ව්‍යාපෘති වලට සිදු වන බලපෑම

පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්‍යම පළාතටත් අයත් ය. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ජලාශ වලට ඉහළින් උමාඔයේ ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. ව්‍යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත. ඉන් කියුබික් මීටර මිලියන 30 ක් පානීය ජලය හා කර්මාන්තශාලා වලට ජලය සැපයීමටත් ඉතිරි කියුබික් මීටර මිලියන 115 කෘෂි කාර්මික කටයුතු ස`දහා ජලය සැපයීමටත් යොදා ගැනේ.
උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන පුහුල්පොල හා මාතැටිල්ල වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් වෙයි. මෙම වේලි ඉදි කිරීමත් සම`ග ම උඩපේරුව, හාවෙළගම, ගල්පඩිතැන්න, වැලිඅරාව, දියකොලේ, පහමිනිතොට, හොරතොට, දීගල්ල, පල්ලේගම, පනාකණ්නිය, මහකුඹුර, මැදිපොකුණ, බඹරපාන, හත්කිද, මස්වත්ත, වෑතලාව, ගලනිහ, යාලගමුව, බෙරාමඩ, මුඩගමුව හා බත්මැඩිල්ල ප‍්‍රදේශ වල ජනතාවට ගොවිතැනට හා දෛනික ජල අවශ්‍යතාවන්ට ජලය අහිමි වේ. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්‍යාපාරය, මහතැටිල්ල ව්‍යාපාරය හා මිනිපේ ව්‍යාපාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ ප‍්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්‍යාපෘති වේ. මහවැලි ව්‍යාපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල ප‍්‍රදේශයකට වාරි ජලය සැපැයීම සිදු විය. උමාඔය හැරැුවීම හේතුවෙන් මෙම වාරි ව්‍යාපෘති දැඩි ජල අර්බුදයකට ලක් වේ. තවදුරටත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළහොත් සිදු වන්නේ උමා ඔයේ පහළ කෘෂිකාර්මික බිම් සියල්ල විනාශ වී ගොවි ජනතාව දැඩි ආර්ථික අර්බුද වලට ගොදුරු වීම හා රටේ ජනතාවට පෝෂණය සපයන සහල් හා එළවළු අස්වැන්න සැලකිය යුතු ප‍්‍රමාණයක් අහිමි වීම ය.
මහවැලි ව්‍යාපාරයේ සී හා බී කලාප යටතේ සංවර්ධනය කළ ප‍්‍රදේශ සඳහා වාරි ජලය සපයන ප‍්‍රධාන ජල ප‍්‍රභවයක් වන උමාඔය වෙනත් බහුකාර්යය ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ වාරි ජලය සපයන මෙම ප‍්‍රදේශවල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තව ද මහවැලි ව්‍යාපාරය සඳහා යෙදැ වූ අති විශාල ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිලාභ ලබා දෙන වගා බිම්වල ඵලදායීතාව පහළ හෙළීමට මෙම ව්‍යාපෘතිය හේතු වේ. ඒ වගා බිම්වල ඵලදායීතාව ඇති කිරීමට අවශ්‍ය ප‍්‍රමාණවත් වාරි ජලය සැපැයීම සඳහා වෙනත් විකල්පවලට යොමු වීමට අමතර ප‍්‍රාග්ධනයක් යෙදැවීමට ද මේ ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිරියේ දී සිදුවනු ඇත.

උමා ඔය ව්‍යාපෘතියේ ස්වභාවය

උමා ඔය කොටස් දෙකකින් සමන්විත ව්‍යාපෘතියකි. පළමු කොටස ජල විදුලිය නිපදවීම හා දෙවන කොටස වාරි ජලය සැපැයීම ය. ඒ සඳහා ජලාශ, භූගත උමං, ඇළ මාර්ග ගණනාවක් ඉදි වේ. ව්‍යාපෘතියේ ආරම්භය උමාඔයේ ජල හැරැුවුම් ජලාශ දෙක යි. උමාඔයේ ප‍්‍රධාන අතු ගංගාවක් වන පුහුල්පොළ ඔයේ, පුහුල්පොළ ජලාශය ඉදි වේ. එතැන් සිට විශ්කම්භය 3.5 ප ක් වන හා දිග 3.9 නප ක් වන උමඟක් ඔස්සේ මහතැටිල්ල ඔයේ ඉදි කැරෙන මහතැටිල්ල ජලාශය වෙත ජලය ගෙන එනු ලැබේ. එතැන් සිට දිග 15.15 නප ක් වන හා විශ්කම්භය 4.3 ප ක් වන උමඟක් තූළින් කර`දගොල්ල, අලිකොටආර භූගත ජලවිදුලි බලාගාරය දක්වා ජලය රැුගෙන යයි. එහි දී මීටර 618 ක් ගැඹුරින් පොළොව තුළ භූගත ව ස්ථාන ගත කරන විදුලි බලාගාරයෙන් මෙගා වොට් 120 ක ජල විදුලියක් නිපදවීමට නියමිත අතර වාර්ෂික ව ගිගාවොට් පැය 231 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත ව ඇත. නිපැදවෙන විදුලිය කිලෝවොට් 132 ක අධි බලැති විදුලි රැුහැන් පද්ධතියක් ඔස්සේ බදුල්ල දක්වා ගෙන යන අතර, ඒ සඳහා 27 නප දිග අධි බලැති විදුලි රැුහැන් පද්ධතියක් ඉදි කැරේ. එම විදුලි රැුහැන් පද්ධතිය 6 නප ක් රාවණා ඇල්ල අභය භූමිය හරහා ගමන් කරයි. එහි දී විශාල වනාන්තර ප‍්‍රමාණයක් රාවණා ඇල්ල අභය භූමියෙන් ඉවත් කිරීමට සිදු වේ. එපමණක් නොව රාවණාඇල්ල අභය භූමිය දෙකඩ වීම ද මේ ව්‍යාපෘතියෙන් සිදු වේ. එය එහි ජෛව විවිධත්ව හායනයට හා ජල පෝෂක බිම් අහිමි කිරීමට ප‍්‍රබල ලෙස බලපෑම් ඇති කරයි.
විදුලිය නිපදවීමෙන් අනතුරු ව 3.33 නප ක් දිග හා විශ්කම්භය 4.1 ප ක් වන උමඟක් මඟින්, කිරිඳිඔයේ අතු ගංඟාවක් වන අලිකොටආරෙහි ඉදි කරන අලිකොට ආර ජලාශය දක්වා ජලය රැුගෙන ඒම සිදු කරයි. අලිකොටආර ජල පාලන ජලාශයේ ජලය කිරිඳිඔය දක්වා ගෙන යනු ලැබේ. අලිකොටආර ජල පාලන ජලාශයේ සිට 26.8 නප ක් දිග අලිකොටආර දකුණු ඉවුරු ඇළෙන් අලූතින් ඉදි කැරෙන කුඩාඔය ජලාශය දක්වා ජලය රැුගෙන යෑමට ද එහි දකුණු ඉවුරු ඇළෙන් බොහෝ ප‍්‍රදේශයකට වාරි ජලය සැපැයීමට ද නියමිත ය. කිරිඳිඔයේ අලූතින් ඉදිවන හඳපානාගල අමුණේ වම් ඉවුරු ඇළෙන් හඳපානාගල වැව දක්වා ජලය හරවා යවන අතර, දකුණු ඉවුරු ඇළෙන් බොහෝ ප‍්‍රදේශයකට වාරි ජලය සැපැයේ.
ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන නව භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 4,500 කි. දැනට පවත්නා ඉඩම් හෙක්ටයාර 1,500 ක් පමණ ව්‍යාපෘතිය යටතේ තවදුරටත් සංවර්ධනය කැරේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ බදුල්ල, මොනරාගල හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක තුනෙහි බොහෝ සංවර්ධන කටයුතු සිදු කැරේ. ජලාශ, වේලි, උමං මාර්ග, ප‍්‍රවේශ මාර්ග, නව ඇළ මාර්ග, භූගත විදුලි බලාගාර, නැවත පදිංචි කරන ප‍්‍රදේශ, නව වගා බිම්, අධි බලැති විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග, වැඩබිම්, කාර්යාල සංකීර්ණ, කම්කරු කඳවුරු බිම්, ඉදිකිරීම් අමුද්‍රව්‍ය ලබා ගන්නා ප‍්‍රදේශ, ගබඩා අංගණ හා භූගත හා මතුපිට කැණීම්වල දී ඉවත් කරන පාෂාණ රැුඳැවුම් බිම් ප‍්‍රදේශ ව්‍යාපෘතියට ඇතුළත් වේ. මේ ආකාරයට උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු විශාල භූමි ප‍්‍රදේශයක ව්‍යාප්ත ව පවතී.
ව්‍යාපෘතියෙන් වෙන් වෙන් වශයෙන් භූගත උමං 7 ක් ඉදි වේ. පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.9 ක් දිග උමඟ, ඩයරබා ජලාශයේ සිට භූගත විදුලි බලාගාරය දක්වා ජලය ගෙන එන කිලෝමීටර 15.15 ක් දිග උමඟ, මේ උම`ග තුළ සකස් වන භූගත ජල හැරැුවුම් ටැංකි දක්වා පිවිසීමට ස්ථාන තුනකින් සකස්වන සම්පූර්ණ දිග කිලෝමීටර 2.24 ක් වන උමං ත‍්‍රිත්වය, භූගත ජල විදුලි බලාගාරය දක්වා පිවිසීමට හා අධිබලැති විදුලි රැුහැන් පද්ධතිය මතු පිටට ගෙන ඒම සඳහා සකස් වන කිලෝමීටර 1.44 ක් දිග උමඟ සහ බලාගාරයේ සිට අලිකොටආර ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.33 ක් දිග උමඟ වශයෙනි. ඉදි වන සම්පූර්ණ උමංවල දිග කිලෝමීටර 26 කි. මේ උමං කැණීමෙන් ඉවත්වන පාෂාණ ප‍්‍රමාණය කියුබික් මීටර 440,000 සිට 1,110,000 අතර වේ.
පුහුල්පොළ ජලාශය ඉදිවන ඔය, දංගොල්ල ඔය, උමාඔය හා පුහුල්පොළ ඔය ලෙස විවිධ නම් වලින් හැ`දින්වේ. මේ ඔයේ ආරම්භය පිදුරුතලාගල කන්ද යි. පසු ව හක්ගල දැඩි රක්ෂිතයෙන් හා කඳපොළ - සීතාඑළිය රක්ෂිතයෙන් පෝෂණය වෙමින් බෝඹුරු ඇල්ල නිර්මාණය කර පහළට ගලා බසින අතර, වැලිමඩ නගරය හරහා පහළට ගමන් කරයි. උමාඔයේ ජලය හරවා යැවීම සඳහා ඉදිකරන ජලාශ දෙකෙන් පුහුල්පොළ ජලාශය ඉදිකරන්නේ වැලිමඩ නගරයට පහළින්, වැලිමඩ - බදුල්ල මාර්ගයේ 104 කිලෝමීටර කණුව අසල දී ය. වේල්ලේ උස මීටර 45 කි. දිග මීටර 210 කි. පළල මීටර හයකි. ජලශයේ ධාරිතාව හෙක්ටයාර 18.5 කි. මේ හේතුවෙන් වැලිමඩ හා ඌවපරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් නිවාස 98 ක් සහ පවුල් 128 කට අයත් කෘෂිකාර්මික බිම් යට වන බවට පළමු සැලැසුම් වල ස`දහන් විය. ජලාශයේ දකුණු ඉවුරේ දිවිකොටවර හා පුහුල්පොළ ගම්මානවල ජනතාව, වම් ඉවුරේ ඉහළ කොටවර හා පහළ කොටවර ගම්මානවල ජනතාව, වැලිමඩ නගරය ආශ‍්‍රිත ජනතාව මේ ජලාශය හේතුවෙන් අවතැන් වී ඇත. තව ද වැලිමඩ - බදුල්ල මාර්ගයේ කිලෝමීටර තුනක ප‍්‍රදේශයක් ජලාශයට යට වන අතර, ඉහළ හා පහළ කොටවර ගම්මානවල පිවිසුම් මාර්ග ද ජලාශයට යට වී තිබේ.
හෝර්ටන් තැන්නෙන් ආරම්භ වී බලගල, දඹේතැන්න, හපුතලේ ආදී ප‍්‍රදේශ වලින් ගලා එන මහතැටිල්ල ඔය වැලිමඩ නගරයට පහළින් දෙමෝදර දී පුහුල්පොළ ඔය හා සම්බන්ධ වෙමින් උමා ඔය නිර්මාණය කරයි. දෙවන ජලාශය වන ඩයරබා හෙවත් මහතැටිල්ල ජලාශය ඉදිකරන්නේ ඇටැම්පිටිය ප‍්‍රදේශයේ දී ය. වේල්ලේ උස මීටර 50 කි. දිග මීටර 142 කි. පළල මීටර 6 කි. ජලාශයේ ධාරිතාව හෙක්ටයාර 15.6 කි. ඩයරබා ජලාශයට පවුල් 69 ක කෘෂිකාර්මික බිම් යට වී තිබේ.
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ, වාරි ව්‍යාපෘතිය යටතේ අලූතෙන් ඉදි කරන ජලාශ දෙකක, හඳපානාගල වැවේ ජල ධාරිතාව වැඩි කිරීම ම`ගින් අලූතින් කෘෂිකාර්මික බිම් ගණනාවක් ඇති කිරීමට නියමිත ය. මීට අමතර ව අලූතෙන් ඉදි කරන අලිකොටආර ජල පාලන ජලාශය හා කුඩාඔය ජලාශය යටතේ ඇළ මාර්ග ගණනාවක් අලූතෙන් ඉදි කැරේ. තව ද කිරිඳිඔයේ හඳපානාගල අමුණ අලූතෙන් ඉදි කරනු ලැබේ. වාරි ව්‍යාපෘතිය ආරම්භ වන්නේ අලිකොටආර ජල පාලන ජලාශයෙනි. මෙහි ජල ධාරිතාව කියුබික් මීටර මිලියන 2 කි. එහි දකුණු ඉවුරු ඇළ කුඩාඔය යෝජිත ජලාශය දක්වා 26.8 නප ක දුර ප‍්‍රමාණයක් දක්වා විහිදේ. ඒ දුර ප‍්‍රමාණයෙහි දී බතලආර වැව, බුදුරුවගල ජලාශය, ඩිංගිආර වැව, කරුවලකන්ද වැව, අළුගල්ගේ වැව, කිරිමැටියාව වැව, මීගස්ආර වැව. දඹආර වැව, දහ අටේ වැව, මහ ආර වැව හා පොල්කටු වැව යන වැව් 11 කට හා අමුණු 6 කට වාරි ජලය සැපැයේ. ඒ අනුව සංවර්ධනය වන සමස්ත ප‍්‍රදේශය හෙක්ටයාර 624 කි. අලිකොටආරේ ජලය කිරිඳිඔයට එක් වේ. එය කිරිඳිඔය පෝෂණ ආරකි. කිරිඳිඔයේ යෝජිත හඳපානාගල අමුණෙන්, හඳපානාගල පෝෂක ඇළ මාර්ගයක් ඉදි වේ. හඳපානාගල අමුණේ දකුණු ඉවුරු ඇළ හෙක්ටයාර 750 ක භූමි ප‍්‍රදේශයකට වාරි ජලය සපයයි. හඳපානාගල වම් ඉවුරු ඇළෙන් හෙක්ටයාර 1,593 කට වාරි ජලය සැපැයේ.
කුඩාඔය යෝජිත ජලාශයේ දකුණු ඉවුරු ඇළෙන් හෙක්ටයාර 663 ක භූමි ප‍්‍රදේශයකට වාරි ජලය සැපැයීමට යෝජිත ව තිබේ. මීට අමතර ව උමාඔයෙන් හරවා එවන ජලය කිරිඳිඔය ඔස්සේ ලූණුගම්වෙහෙර ජලාශට යොමු කැරේ. ඒ අනුව ලූණුගම්වෙහෙර ජලාශයේ වම් හා දකුණු ඉවුරු ඇළවල් යටතේ බොහෝ ප‍්‍රදේශයකට වාරි ජලය සැපැයීමට මේ ව්‍යාපෘතිය යටතේ යෝජිත ව තිබේ.

ව්‍යාපෘතියෙන් අහිමි කළ ගොවිතැන හා ජන දිවිය

ජලාශ දෙකට ගොදුරු වූ ප‍්‍රදේශයේ වී, එළවළු හා අර්තාපල් වගාව ප‍්‍රධාන වශයෙන් සිදු කැරේ. මේ ප‍්‍රදේශයේ මහ කන්නයට ප‍්‍රධාන වශයෙන් වී වගා කෙරෙන අතර යල කන්නයට අවස්ථා දෙකක දී එළවළු වගා කෙරේ. මේ නිසා ජලාශ දෙකට යට වීමෙන් රටට අහිමි වූ වී අස්වැන්න වාර්ෂික ව මෙටි‍්‍රක් ටොන් 153 කි. ඒ අනුව අහිමි වූ ආදායම රුපියල් මිලියන 4.6 කි. අහිමි වූ එළවළු හා අර්තාපල් නිෂ්පාදන ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 135 කි. ඒ අනුව අහිමි වූ ආදායම රුපියල් මිලියන 6 ක් පමණ වේ. මේ වාරි ව්‍යාපෘතියත් සම`ග ම රටට අහිමි වූ සම්පත් ය. මේ තක්සේරුව රජයේ තක්සේරුව වුව ද අප විසින් සිදු කර ඇති අධ්‍යයන වලට අනුව අනාවරණය වූයේ මෙම දත්තයන් මීට වඩා දෙගුණයකට ආසන්න බව ය.
වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුරුගම හා කොටිකන්බොක්ක ග‍්‍රාම නිලධාරී වසම් දෙකට අයත් පවුල් 25 ක් (අනු පවුල් සම`ග 33 කි* හා කුඹුරු අක්කර 350 ක් පමණ අවතැන් කරමින් අලිකොට ආර ජලාශය ඉදි කර ඇත. අලිකොට ආර, මැදවෙළ අමුණෙන් ජලය ලබා ගෙන කුරුගම ග‍්‍රාම නිලධාරී වසමේ නාගහවෙල යාය සහ කොටිකන්බොක්ක ග‍්‍රාම නිලධාරී වසමේ කාමරංගාව, මැදවෙල, කොස්ගහවෙල අරාව යන වෙල් යායවල් වගා කෙරේ. මෙම වෙල් යායවල් සියල්ලම අලිකොට ආර ජලාශයට යට වේ. මෙම ජලාශය ඉදි කිරීම හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට තෙලූල්ල ප‍්‍රදේශයේ පර්චස් 40 බැගින් වූ ඉඩම් කැබලි ලබා දී නැවත පදිංචි කිරීම සිදු කර ඇත. වගා බිම් අහිමි වූ ජනතාවට හ`දපානාගල වැව යටතේ සංවර්ධනය කරන කලාපයේ ඉඩම් ලබා දීමට සූදානම් වේ.
කුඹුරු අක්කර 350 ක් පමණ අලිකොට ආර ජලාශයට යට වීම හේතුවෙන් විශාල වී අස්වැන්නක් රටට අහිමි වී ඇත. මේ ප‍්‍රදේශයේ ප‍්‍රධාන වශයෙන් ම මහ කන්නයේ වී වගා කෙරෙන අතර සුළු වශයෙන් යල කන්නයේ වී වගාව සිදු කෙරේ. එක් කන්නයක දී අක්කරයකින් වී බුසල් 90 ක් නැතහොත් කිලෝ ග්?ම් 1800 ක පමණ අස්වැන්නක් ලැබේ. ඒ අනුව මෙම වගා බිම් ජලාශයට යොදා ගැනීම නිසා එක් කන්නයක දී අහිමි වන වී අස්වැන්න කිලෝ ග්?ම් 6,30,000 කි.
පුහුල්පොල හා මහතැටිල්ල මේ ජලාශ දෙක හේතුවෙන් අවතැන් වූ ජනතාවට නිසි නැවත පදිංචියක් ලැබී නොමැත. පුහුල්පොළ ජලාශය ඉදිකිරීමට පුහුල්පොල, දිවිතොටවෙළ, කොටවර පල්ලේගම හා කොටවර උඩගම යන ගම්මාන වලට අයත් අක්කර 140 ක භූමියක් පවරා ගැනීම සිදු විය. මහතැටිල්ල ජලාශය ඉදිකිරීමට මිරහවත්ත හා කුරුකුදේගමින් අක්කර 54 ක් පවරා ගැනින. මේ හේතුවෙන් අවතැන් වූ ජනතාව මොරගොල්ල ප‍්‍රදේශයේ අක්කර 50 ක, මිරහවත්ත ප‍්‍රදේශයේ අක්කර 25 ක හා කැටකෑල්ල ප‍්‍රදේශයේ අක්කර 16 ක පදිංචි කර ඇත. එහෙත් නැවත පදිංචි කළ ජනතාවට ප‍්‍රමාණවත් වන්දි හිමි වී නොමැති අතර වගා බිම් කිසිවක් හිමි වී නොමැත. නැවත පදිංචි කළ ප‍්‍රදේශ වල ජනතාව පානීය ජලය, මාර්ග පහසුකම් හා අනෙක් යටිතල පහසුකම් අහිමි ව දැඩි දුෂ්කරතාවන් මත ජීවත් වේ. ඔවුන්ට ලැබුණු ඉඩමට හිමිකම් ඔප්පුවක් හෝ ලැබී නොමැත. තවම කිසිදු වන්දියක් හිමි නොවූ අවතැන් ජනතාවක් ද සිටිති. ඔවුන්ට කිසිදු පිළිසරණක් නොමැත. මේ නිසා නැවත පදිංචි කිරීම් කටයුතු ඉතා ගැටලූ සහගත මට්ටමක පවතින අතර, එය අවතැන් වූ ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
මීට අමතර ව මෙම ව්‍යාපෘතිය යටතේ වැල්ලවාය ප‍්‍රදේශයේ ඉදි කරන කුඩා ඔය හා අලිකොට ආර ජලාශ නිසා පවුල් 33 කට අයත් නිවාස හා වගා බිම් විශාල ප‍්‍රමාණයක් විනාශ විය. ඔවුන් ද වගා බිම් අහිමි ව කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව නැවත පදිංචි කළ ප‍්‍රදේශ වල ගැටලූ බොහොමයකට මුහුණ දෙමින් ජීවත් වේ.
පුහුල්පොල ජලාශය යටතේ අවතැන් වූ ජනතාව අලූතින් පදිංචි කර ඇත්තේ දළ බෑවුම් සහිත තේ වතු එළිපෙහෙළි කිරීමෙනි. දළ බෑවුම් සහිත, ජල පහසුකම් නොමැති ප‍්‍රදේශ වල මෙම ජනතාව පදිංචි කිරීම හේතුවෙන් ගැටලූ රැුසක් උද්ගතව තිබේ. අවතැන් ජනතාව පදිංචි කිරීමේ දී ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ඇති හිතවත්කම්, දේශපාලන සබ`දතා හා ආර්ථික හැකියාවන් මත වන්දි තක්සේරු කිරීම හා ඉඩම් කැබලි ලබා දීම සිදු වී ඇත. මේ නිසා ආර්ථික හැකියාවක් නොමැති, දේශපාලන හෝ නිලධාරී සම්බන්ධතාවක් නොමැති ආන්තික ජනතාවට හිමි වී ඇත්තේ පහසුකම් අවම ස්ථානයන්ය. පර්චස් 10, 20 හා 40 බැගින් වූ ඉඩම් කැබලි අවතැන් ජනතාවට බෙදා දී ඇති අතර බෑවුම් සහිත ස්ථාන වල පර්චස් 10 ක ඉඩම් කැබලි හිමි වූ ජනතාව නිවාස තනා ගැනීමේ දී දැඩි අපහසුතාවට පත් ව සිටී.
වගා බිම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීමට වගා බිම් වල හා වගා කන්න තක්සේරු කර ඇත්තේ ඉතා ම අඩු මුදලකට ය. මෙම වගා බිම් වල ඵලදායීතාවය පදනම් කර ගෙන වන්දි තක්සේරු කර නොමැත. මෙම ප‍්‍රදේශයේ වසරක දී වී හා එළවළු කන්න තුනක් ලෙස අස්වද්දන වගා බිම් වල වටිනාකම සුළු මුදලකට තක්සේරු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත් ව සිටී.
මෙම ප‍්‍රදේශයේ වගා කන්න තුනක් ලෙස ගොවිතැන සිදු කෙරේ. ජනවාර් මස සිට ජුනි - ජූලි දක්වා මහ කන්නයේ දී වී ගොවිතැන සිදු කෙරේ. ජූලි මස සිට ජනවාරි දක්වා යල කන්නයේ දී එළවළු වගාව අවස්ථා දෙකක දී සිදු කරයි. එහි දී ප‍්‍රධාන වශයෙන් ම බෝංචි හා තක්කාලි වගා කෙරේ. මේ ප‍්‍රදේශයේ පර්චස් 40 ක වගා බිමකින් එක් කන්නයක දී කිලෝ ග්?ම් 10,000 ත් 15,000 ත් අතර තක්කාලි අස්වැන්නක් ලබා ගෙන ඇත. පර්චස් 40 ක වගා බිමක තක්කාලි පැළ 3000 ක් පමණ වගා කරන අතර එක් ශාකයකින් කිලෝ ග්?ම් 5 ත් 8 ත් අතර අස්වැන්නක් ලබා ගනී. ඉන් රුපියල් ලක්ෂ දෙකක පමණ ආදායමක් ලබා ගනී. මීට අමතර ව එක් බෝංචි වගා කන්නයක දී කිලෝ ග්?ම් 700 ත් 1000 ත් අතර අස්වැන්නක් ලබා ගනී. යල කන්නයේ දී මෙම වගාවන්ට අමතර ව වට්ටක්කා, නෝකෝල්, රාබු, බණ්ඩක්කා, පිපිඤ්ඤා, වම්බටු සුළු වශයෙන් වගා කෙරේ. මෙවැනි ඵලදායී වගා බිම් වල වන්දි තක්සේරු කර ඇත්තේ පර්චසයක් රුපියල් 10,000 බැගිනි. ඉතාම ඵලදායී ඉඩම් වලට මෙලෙස වන්දි තක්සේරු කිරීම හා එම ඉඩම් සංවර්ධන ව්‍යාපෘති ස`දහා විනාශ කර දැමීමෙන් රටට සැලැකිය යුතු වී අස්වැන්නක් හා එළවළු අස්වැන්නක් අහිමි වී ඇත.
මේ අයුරින් වගා කළ පුද්ගලයින්ට වගා කන්න 12 ක් පමණ මේ වන විට අහිමි වී ඇති අතර එක් කන්නයකට පමණක් සුළු මුදලක් වන්දි වශයෙන් ලබා දීම යුක්ති සහගත නොවේ. වගා බිම් අහිමි ජනතාවට විකල්ප වගා බිම් ලබා දෙන බවට ස`දහන් කර ඇත්තේ නැවත පදිංචි කළ ප‍්‍රදේශ වලට ඉතා දුරින් පිහිටි මොනරාගල දිස්ති‍්‍රක්කයට අයත් වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි හ`දපානාගල වැව යටතේ අලූතින් සංවර්ධනය කරන ප‍්‍රදේශවල ය. එම ප‍්‍රදේශයේ වැලිමඩ සිදු කළ එළවළු වගා කටයුතු සිදු කළ නොහැකි අතර වෙනත් වගාවන් වලට යොමු වීමට අවතැන් ජනතාවට සිදු වේ. ඊට අමතරව ඔවුන්ට ලැබෙන වගා බිම් වලට පිවිසීමට විශාල දුරක් ගමන් කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් මෙම ජනතාවට වගා කටයුතු වලින් ඉවත් වී වෙනත් වෘත්තීන් වලට යොමු වීමට සිදු වෙමින් තිබේ.
මිරහවත්තේ පදිංචි කළ ජනතාවට ඉඩම් වලට ඔප්පු තව ම හිමි වී නොමැති අතර නියමිත පරිදි ඉඩම් මැනීම් කර සීමා සළකුණු කර ජනතාවට භාර දී නොමැත. මේ නිසා ජනතාව නිවාස තැනූ පසුව ඉඩම් මැනීම් කර ඇති අතර එහි දී මායිම් පිළිබ`දව ගැටලූ බොහොමයක් මතු ව තිබේ. මේ නිසා ද ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී. මේ නිසා බැංකු ණය ලබා ගැනීම ඇතුළු කාර්යය වල දී ද ගැටලූ වලට මුහුණ පා තිබේ.
මිරහවත්තේ පදිංචි කළ ජනතාවට ප‍්‍රමාණවත් පරිදි පිරිසිදු පානීය ජලය ලබා ගැනීම ද ගැටලූවක් වී ඇත. ඊට හේතුව උමා ඔය ව්‍යාපෘති කාර්යාලයේ අප ජලයෙන් ¥ෂණය වන කුඩා වැවකින් ජලය ලබා ගෙන නැවත පදිංචි කළ ජනතාවට ලබා දීම ය. එම ජලය කිසිදු ආකාරයකින් පිරිපහදු කර ලබා නොදේ.
මිරහවත්තේ අක්කර 19 ක භූමියක පවුල් 64 ක් පදිංචි කර ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට හිමි වී ඇත්තේ දළ බෑවුම් සහිත ඉඩම් ය. එම ඉඩම් වල නිවාස තැනීමට භූමිය සකස් කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වීම නිසා බොහෝ ජනතාවට වන්දි ලෙස ලැබුණු මුදලින් නිවාස තනා නිම කර ගැනීමට නොහැකි වී ඇත.
නැවත පදිංචි කළ ජනතාවට එළවළු වගා කිරීමට ජලය ලබා ගැනීම ස`දහා කිසිදු ජල මූලාශ‍්‍රයක් නොමැත. මේ නිසා ඔවුන්ට සියලූ ආහාර වර්ග මිල දී ගැනීමට සිදු වී ඇත. මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් තිබේ. තමන් විසින් වගා කළ දෑ පරිභෝජනය කළ මෙම ජනතාවට නැවත පදිංචියෙන් පසුව ඒ සියල්ල අහිමි වී ඇත.
පුහුල්පොළ ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ පවුල් 80 ක් පමණ ඌව පරණගම, මොරගොල්ල ප‍්‍රදේශයේ නැවත පදිංචි කර ඇත. ඉහළ කොටවර, පහළ කොටවර, තණහේන හා උඩගම ප‍්‍රදේශ වල වගා කටයුතු කරමින් ජීවත් වූ ජනතාවගෙන් කොටසක් මේ ස්ථානයේ පදිංචි කර තිබේ.
පදිංචි කළ මෙම ජනතාවට පානීය ජල ප‍්‍රශ්නය ඉතා දරුණු ලෙස පවතී. පදිංචියට ලබා දී ඇති පර්චස් 10 ත් 40 ත් අතර භූමියේ වගා කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති අතර ඒ ස`දහා භාවිතා කළ හැකි ජල මූලාශ‍්‍රයක් නොමැති වීම ප‍්‍රධාන ගැටලූවකි. අවතැන් වූ ජනතාව ගේ දේපල නිසි පරිදි තක්සේරු කර වන්දි ලබා දීම සිදු කර නොමැත. බදුල්ල, තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යාලයට අභියාචනා ඉදිරිපත් කළ ද ඒ පිළිබ`දව කිසිදු සලකා බැලීමක් සිදු නොකරයි. ජනතාවට වන්දි පිරිනමා ඇත්තේ ඉතාම අවම මට්ටමකිනි.
පුහුල්පොල ජලාශය ඉදි කිරීමට යොදා ගත් ප‍්‍රදේශයේ ජනතාව කොටවර මහ ඇළ හා කරගහඅරාව ඇළ යටතේ වගා කර තිබේ. මෙම ජලාශය ඉදි කිරීමට අක්කර 100 ක් පමණ වන පුහුල්පොල ඇළ යාය හා කොටවර මහ ඇළ යාය යන කුඹුරු යායවල් දෙක යොදා ගෙන තිබේ. පුහුල්පොළ යාය වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා කොටවර මහ ඇළ යාය ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේ.
පුහුල්පොල ජලාශය ඉදි කිරීමේ දී ඉවත් කළ කොටවර ප‍්‍රදේශයේ පවුල් 15 ක් පමණ ගව පාලනය සිදු කර ඇත. කිරි ගවයින් 50 ත් 60 ත් අතර ප‍්‍රමාණයක් සිට ඇති අතර එක් සතෙකුගෙන් දිනකට කිරි ලීටර 15 ත් 20 ත් අතර ලබා ගෙන තිබේ. ඒ සියල්ලම ජලාශය ඉදි කිරීමත් සම`ග ම අහිමි වී ඇත.
උමා ඔය ව්‍යාපෘතිය යටතේ හඳපානාගල වැව සංවර්ධනය කිරීමේ දී පවුල් 57 ක් පමණ අවතැන් විය. ඉන් පවුල් 07 ක් ධීවර ජනතාව වන අතර, ඉතිරිය ගොවි පවුල් වේ. නිවාස අහිමි වූ පවුල් ගණන 28 කි. නමුත් ඔවුන් සඳහා නිසි ආකාර වන්දි ගෙවීමක් හෝ නැවත පදිංචියක් සිදු කෙරෙන බවක් හෝ වගා බිම් ලබා දෙන බවක් පෙනෙන්නට නැත. මේ හේතුවෙන් අවතැන් වූ ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටී.

කැබිනට් අනුමැතිය, නැවත පදිංචි කිරීමේ ප‍්‍රඥප්තිය හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

පසුගිය රජයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් 2012 මැයි මස 30 වන දින අංක වාරි/අමා.සං./18/2012 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව උමා ඔය ව්‍යාපෘතිය යටතේ අවතැන් වන ජනතාවට වන්දි ලබා දීම හා නැවත පදිංචි කිරීමේ කටයුතු කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ. එම සංදේශය අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉහළ නිම්නයේ පුහුල්පොල, ඩයරබා සහ පහළ නිම්නයේ අලිකොට ආර හා කුඩා ඔය ජලාශ හතර ඉදි කිරීම සහ හ`දපානාගල වැවේ ධාරිතාව වැඩි කිරීම හේතුවෙන් සෘජුව ජනතාව අවතැන් වීම සිදු වන බවත් ඒ අනුව පුහුල්පොළ, ඩයරබා ජලාශ හා උමං ඉදි කිරීම හේතුවෙන් පවුල් 538 ක් හා අලිකොට ආර, කුඩා ඔය හා හ`දපානාගල සංවර්ධන කටයුතු හේතුවෙන් පවුල් 176 ක් වශයෙන් පවුල් 714 ක් බලපෑමට ලක් වන බවත් හ`දුනාගෙන තිබේ. ඊට අමතර ව අ`ද ගොවීන් 64 දෙනෙකුගේ පමණ ජීවනෝපායන මාර්ග අහිමි වන බව ද පවුල් 280 කගේ නිවාස අහිමි වන බවට ද ස`දහන් කර ඇත.
ඉහළ නිම්නයේ අවතැන් වන ජනතාවට මොරගොල්ල වත්ත, ඩයරබා වත්ත හා මිරහවත්ත යන ප‍්‍රදේශ වල නැවත පදිංචි කරන බව ද ඔවුන්ට පර්චස් 10 සිට පර්චස් 40 දක්වා ඉඩම් ලබා දීමට ද ස`දහන් කර ඇත. පහළ නිම්නයේ අවතැන් වන ජනතාවට නයිගල් ආර, තෙලූල්ල, අලූත්වෙළ හා සියඹලාගුනේ යන ස්ථාන වල පර්චස් 10 සිට 40 දක්වා ඉඩම් කොටස් වල පදිංචි කිරීමට යෝජනා විය.
ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ ගොවි බිම් අහිමි වන පවුල් ස`දහා අ`ද ගොවීන් ඇතුළු ව උපරිමය ගොඩ හා මඩ ඉඩම් අක්කර 2 ක් පහළ නිම්නයෙන් ලබා දීමට යෝජනා වී ඇත. අනුමැතිය ලැබුණු මෙම කැබිනට් පති‍්‍රකාවට අනුව 1995 ජුනි මස 15 වන දිනට පෙර සිට රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි පුද්ගලයන්, දීර්ඝ කාලීන කුළී පදනම මත පදිංචිව සිටින කුළී නිවැසියන්, අනු පවුල් හා අ`ද ගොවීන් යන සියල්ලන් ම නිවසක් හා වගාවන් ස`දහා ඉඩම් ලැබීමට සුදුස්සන් බවට ස`දහන් කර ඇත. නමුත් ඉඩම් අත්පත් කර ගැනීමේ කි‍්‍රයාවලියේ දී හා නැවත පදිංචි කරන කි‍්‍රයාවලියේ දී නිලධාරීන් විසින් මේ සියල්ල උල්ලංඝනය කරමින් කි‍්‍රයා කර ඇත. මේ නිසා ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන, සංවර්ධනය ස`දහා තම අයිතිවාසිකම් කැප කළ ජනතාව අනාථයින් බවට පත් කර ඇත. ඔවුන් වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කිරීම වෙනුවට ග‍්‍රාම නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, තක්සේරු නිලධාරීන් හා ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයා ඇතූළු බොහෝ නිලධාරීන් උත්සාහ දරන්නේ ජනතාවට හිමි වන්දි මුදලින් ද කොටසක් හෝ අහිමි කිරීමට ය.
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය ස`දහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී බලපෑමට ලක් වන පවුල් ස`දහා සහන සැලැසීමට 2012 ජූලි මස 5 වන දින අංක අමප/12/0747/508/018 දරන කැබිනට් පති‍්‍රකාව ම`ගින් ලබා ගත් අනුමැතියට අනුව පිහිටුවා ඇති තක්සේරු කිරීමේ කමිටු හා අභියාචනා කමිටු විනිවිදභාවයකින් යුතු ව, ජනතාවාදී ලෙස නිසි පරිදි කටයුතු කර නොමැත. එම කමිටු වල සභාපතිත්වය අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් විසින් දරන අතර සෙසු කමිටු සාමාජිකයින් ලෙස පළාත් තක්සේරුකරු, දිස්ති‍්‍රක් මැනුම් අධිකාරී, උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතියෙන් නම් කරන නියෝජිතයකු හා ගොවිජන සේවා ප‍්‍රාදේශීය සංවර්ධන නිලධාරී ඇතුළත් වේ. එම කමිටු වල තක්සේරුකරණ කි‍්‍රයාවලියේ ගැටලූ පවතින අවස්ථා වල දී අභියාචනා ඉදිරිපත් කිරීමට අභියාචනා කමිටු පිහිටුවා ඇත. එම කමිටු වල සභාපතිත්වය අදාළ දිස්ති‍්‍රක්කයේ, දිස්ති‍්‍රක් ලේකම් වරයා දරන අතර සෙසු කමිටු සාමාජිකයින් ලෙස ජේ්‍යෂ්ඨ මැනුම් අධිකාරී, ප‍්‍රධාන තක්සේරුකරුගේ ජේ්‍යෂ්ඨ නියෝජිතයෙක්, ගොවිජන සේවා සහකාර කොමසාරිස්, උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතියෙන් නම් කරන ජේ්‍යෂ්ඨ ඉංජිනේරුවරයෙක් ඇතුළත් වේ. මේ ආකාරයෙන් බදුල්ල හා මොනරාගල දිස්ති‍්‍රක්ක දෙකෙහි වැලිමඩ, ඌවපරණගම, ඇල්ල, හාලි ඇල, වැල්ලවාය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කමිටු ස්ථාපිත කර උමා ඔය ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාවට සහන සැලැසීම සිදු කර ඇත. නමුත් මෙම කමිටු වල සමහර සභාපතිවරුන් අවතැන් ජනතාවට තමන්ගේ ගැටලූ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී නොමැත. නිලධාරීන් තක්සේරුකරණ කි‍්‍රයාවලියේ දී අභිමත පරිදි කටයුතු කර තිබේ. එපමණක් නොව ජනතාවගේ අභියාචනා නිසි පරිදි සලකා නොබැලීම හා අභියාචනා ස`දහා ප‍්‍රතිචාර නොදැක්වීම සිදු කර ඇත. මීට අමතරව ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලයට ජනතාවට සිදු වූ අසාධාරණයන් පිළිබ`ද ව මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට එම ආයතනය ද ඊට යහපත් ප‍්‍රතිචාර දක්වා නොමැත.
නැවත පදිංචි කිරීම් කටයුතු සිදු විය යුතු වන්නේ ”ස්වේච්ඡුාවෙන් නොවන නැවත පදිංචි කිරීම් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට” :භ්එසදබ්ක ෂබඩදකමබඒරහ ඍැිැඑඑකැපැබඑ ඡුදකසජහ - භෂඍඡු* අනුව ය. නැවත පදිංචි කිරීමේ දී සමාජ ආර්ථික බලපෑම් අවම කිරීම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු ව ඇත. සංශෝ්ධිත 1950 අංක 9 දරණ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අනුව ප‍්‍රකාශිත 2009 අපේ‍්‍රල් 07 වන දින අංක 1596/12 දරණ ගැසට් නිවේදනයේ යම් ඉඩමක් සංවර්ධන කටයුත්තක් සඳහා අත්පත් කර ගැනීමේ දී වන්දි ගෙවීම හා වන්දි තක්සේරු කිරීම පිළිබඳ ව සඳහන් වේ. වන්දි ගෙවීම සඳහා තක්සේරු කිරීමේ දී පවතින වෙළ`දපොළ මිල ගණන් යටතේ වන්දි මුදල් තක්සේරු කිරීම මෙන්ම විකල්ප ස්ථානයක පදිංචි වීම දක්වා දැරීමට සිදුවන සියලූ වියදම් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන ආයතනය මගින් වන්දි මුදල් ලෙස පිරිනැමිය යුතු ය. ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් කරවන ජනතාව ගේ ජන දිවිය යථා තත්ත්වයට පත්වන තුරු ඔවුනට යැපුම් මාර්ග සකසා දීම ද සිදු විය යුතු ය. නමුත් මේ කිසිවක් නොදන්නා අවතැන් වී අසරණ වූ ජනතාව නිලධාරීන්ගේ දැඩි බලපෑම්වලට ලක් ව සිටින බවක් පෙනෙන්නට තිබේ.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ 12 වන ව්‍යවස්ථාවට අනුව නීතිය පසි`දලීම සහ කි‍්‍රයාත්මක කිරීම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය යන්නෙන් ස`දහන් වේ. එහි 14 වන ව්‍යවස්ථාවේ ‘‘උ’’ උප ව්‍යවස්ථාවට අනුව නීත්‍යනුකූල රැුකියාවක නියුක්ත වීමේ නිදහස සෑම පුරවැසියකුට ම හිමි වන අතර ‘‘ඌ’’ උප ව්‍යවස්ථාවට අනුව අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සෑම පුරවැසියකුට ම හිමි ය. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් 10 වන දින සම්මත කර ගත් මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයට අනුව අප රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට 1955 වසරේ දී එහි සාමාජිකත්වය ලබා ගත් රටක් ලෙස මෙරට රජය බැ`දී සිටී. මෙම විශ්ව ප‍්‍රකාශනයේ 7 වන වගන්තියට අනුව සියල්ලන් ම නීතිය ඉදිරියේ සමාන ලෙස පිළිගත යුතු අතර නීතියේ රැුකවරණය සමාන ව ලැබීමට හිමිකම් ඇත්තේ ය යනුවෙනුත් මේ ප‍්‍රකාශනයට පටහැනි වූ වෙනස්කමකට විරුද්ධ ව හෝ එවැනි වෙනස්කම් කිරීමක් ස`දහා පෙළඹවීමට විරුද්ධ ව හෝ සමාන ආරක්ෂාව ලැබීමට හිමිකම් ඇත්තේ ය යනුවෙනුත් ස`දහන් වේ. එහි 17 වන වගන්තියට අනුව සෑම පුද්ගලයකුට ම තනිව මෙන් ම හවුලේ දේපල අයිතිය දැරීමට හැකි බවත් හිතුවක්කාර ලෙස එම දේපල අහිමි කරනු ලැබීමට කිසිවකු පත් නොකළ යුතු බවත් ස`දහන් වේ.
නමුත් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ සියල්ලම බොහෝ පිරිසකට අහිමි කර ඇත. ව්‍යාපෘතියෙන් සෘජුව අවතැන් වූ ජනතාවගේ නිවාස, වගා බිම් පවරා ගැනීමේ දී නිලධාරීන් නීති විරෝධී ලෙස, බලහත්කාරයෙන්, ජනතාව බිය වද්දමින්, සාවi කරුණු ඉදිරිපත් කරමින් හා ජනතාව අපහසුතාවට පත් කරමින් කටයුතු කර ඇත. පුහුල්පොල ජලාශය ඉදි කිරීමට ඉවත් කළ ජනතාවගේ දේපල වෙනත් ස්ථාන වලට රැුගෙන යාමට පෙර ඒ සියල්ල ඩෝසර් යන්ත‍්‍ර ම`ගින් විනාශ කර දමා ඇත. දේපල තක්සේරු කිරීම ද සර්ව සාධාරණව සිදු කර නොමැත. ඒ ස`දහා අභියාචනා කිරීමේ අයිතිය පවා ජනතාවට අහිමි කර ඇත. මේ නිසා ජනතාවට නීතිය කෙරෙහි ඇති විශ්වාසය ද බි`ද වැටෙමින් තිබේ.
උමා ඔය ව්‍යාපෘතියෙන් එම ප‍්‍රදේශ වල ජනතාවට රැුකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය මෙන්ම අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ද අහිමි කර ඇත. ගොවිතැනේ නිරත පුද්ගලයන් ගේ වගා බිම් සියල්ල ඔවුන්ට අහිමි කර ඇත. කිරි ගොවිතැනේ නිරත ජනතාවට ඒ සියල්ල අහිමි කර ඇත. ඒ ස`දහා කිසිදු විකල්පයක් ලබා නොදෙන බව ඔවුන්ට පවසා තිබේ. එම ජනතාව තම පාරම්පරික වෘත්තියෙන් ඉවත් වී කම්කරුවන් ලෙස කටයුතු කරමින් ජීවත් වීමට සිදු වී ඇත. මේ ආකාරයෙන් උමා ඔය ව්‍යාපෘතිය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් උල්ලංඝනය කර තිබේ.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

උමා ඔය ව්‍යාපෘතියේ පළමු අදියරේ සිට ම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සිදු විය. මෙම පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරණ ගැසට් නිවේදනය අනුව ගංගාදෝණි සංවර්ධන හා වාරිමාර්ග ව්‍යාපෘති ආරම්භ කිරීම, මෙගාවොට් 50 කට වැඩි ජල විදුලි බලාගාර ඉදිකිරීම, ඕනෑම ආකාරයක උමං කැණීමේ ව්‍යාපෘති සිදු කිරීම, හෙක්ටයාර එකකට වැඩි ඉඩම් ප‍්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශි‍්‍රත නොවන ප‍්‍රයෝජනයක් සඳහා යොදා ගැනීම සහ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරිම වැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් තස්සේරු (ඇගයීම්* වාර්තාවක් සකස් කර ඒ ස`දහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ සියලූ තත්ත්වයන් උමා ශය බහුකාර්යය ව්‍යාපෘතියට අදාළ වේ.
උමාඔය බහුකාර්යය ව්‍යාපෘතිය මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් සියල්ලට ම යටත් වූව ද ව්‍යාපෘතිය ස`දහා මුල්ගල තබනු ලැබුවේ මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් උල්ලංඝනය කරමිනි. මේ ආකාරයෙන් නිතිමය ප‍්‍රතිපාදනයන් ගණනාවකට යටත් වන ව්‍යාපෘතියක් ඇරඹීමට ප‍්‍රථමයෙන් ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට ඇති ශක්‍යතාව හ`දුනාගැනීම හෝ පරිසර බලපෑම් තක්සේරු(ඇගයීම්* කි‍්‍රයාවලියට යටත් ව කටයුතු කිරීම හෝ සිදු නොකර 2008 වසරේ විශාල ධනස්කන්ධයක් වැය කර පූර්ව ප‍්‍රචාරක කටයුතු හා මුල්ගල තැබීම සිදු කෙරිණ. ඉන් වසර දෙකකට පසුව 2010 වසරේ දී පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කෙරිණ. මෙය ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් සිදු කළ නීති විරෝධී කි‍්‍රයාවකි.
එම වාර්තාවට අනුව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී බලපෑම් ගණනාවක් උද්ගත විය. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම දෝෂ සහිත, අසම්පූර්ණ වාර්තාව සකස් කළ විශේෂඥ මණ්ඩලය තාවකාලිකව මෙම වාර්තා සැකසුම් කි‍්‍රයාවලින් ඉවත් කර තිබේ. නමුත් මේ වන තුරුත් මධ්‍යම පරිසර අධිකාරිය දෝෂ සහිත වාර්තාව මත විශාල හානි ඇති කරමින් ජනතාව අවතැන් කරමින් කි‍්‍රයාත්මක වන ව්‍යාපෘතිය තාවකාලිකව හෝ අත්හිටුවීමට පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට ලබා දුන් කොන්දේසි සහිත අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර නොමැත. මෙය ද ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීමකි.

උමා ඔය ව්‍යාපෘතිය ස`දහා ඉඩම් අත්පත් කර ගැනීම, නැවත පදිංචි කිරීම හා වන්දි ගෙවීම

උමා ඔය ව්‍යාපෘතියේ විවිධ ඉදිකිරීම් කටයුතු ස`දහා වැලිමඩ, ඌව පරණගම, ඇල්ල, හාලි ඇල, වැල්ලවාය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ඉඩම් හෙක්ටයාර 2030 ක් (අක්කර 5022 ක්* පවරා ගෙන තිබේ. වගු අංක 01 හි උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ස`දහා විවිධ ප‍්‍රදේශ වලින් අත්පත් කර ගත් ඉඩම් වල ප‍්‍රමාණයන් දැක් වේ.

වගු අංක 01

උමා ඔය ව්‍යාපෘතිය ස`දහා අත්පත් කර ගත් ඉඩම් වල ප‍්‍රමාණය

ඇතිලිවැව
ඉඩම් අත්පත් කර ගත් කාරණය ඉඩම් පිහිටි ග‍්‍රාම නිලධාරී වසම ඉඩම් ප‍්‍රමාණය (හෙක්ටයාර)
පුහුල්පොල ජලාශය ඉදි කිරීම පුහුල්පොල
දිවිතොටවෙල
කොටවර පල්ලේගම
කොටවර උඩගම
31.9
1.63
9.85
12.68
ඩයරබා ජලාශය ඉදි කිරීම මිරහවත්ත
කුරුකුදේගම
3.86
17.56
ඩයරබා ජලාශ ප‍්‍රවේශ මාර්ගය මිරහවත්ත 3.05
උමං පිටවුම් ප‍්‍රවේශ මාර්ගය කර`දගොල්ල
රක්ඛිතාකන්ද
2.05
1.31
විදුලි බලාගාර ප‍්‍රවේශ මාර්ගය ඉළුක් අරාව 5.46
උමං පිටවුම් ප‍්‍රවේශ දොරටුව හා ප‍්‍රවේශ මාර්ගය නාගොල්ල හා කොබෝරේගම 7.6
ඉවතලන දෑ එක් රැුස් කර තැබීම කර`දගොල්ල
මිරහවත්ත
ඇටැම්පිටිය
1.55
4.00
3.00
ක`දවුරු භූමිය පුහුල්පොල
මිරහවත්ත
2.00
2.86
අවතැන්වන පුද්ගලයින් නැවත පදිංචි කිරීම මොරගොල්ල වත්ත
මිරහවත්ත
කැටකෑල්ල
19.73
පේනු උපපොල ඉදිකිරීම හුණු කැටිය 4.2
අලිකොටආර ජලාශය ඉදි කිරීම කොටිකන්බොක්ක
නාගොල්ල
145
හ`දපානාගල ජලාශය වැඩිදියුණු කිරීම නෙළුවගල 34.32
හ`දපානාගල වම් ඉවුරු ඇළ ඉදිකිරීම පුබුදු වැව
මහආරගම
55.0
අලිකොටආර ජලාශයේ සිට බුදුරුවගල ජලාශය දක්වා ඇළ මාර්ග ඉදි කිරීම කොටිකම්බොක්ක
දිඹුලමුරේ
යාලබෝව
වැල්ලවාය
45.0
ව්‍යාපෘතියට අත්පත් කර ගත් කුඹුරු ඉඩම් වෙනුවට විකල්ප වගා බිම් ලබා දීම පුබුදු වැව
මහආරගම
ඇතිලිවැව
1600

උමා ඔය ව්‍යාපෘතියට ඉඩම් අත්පත් කර ගැනීම නිසා නිවාස 196 ක් ඉවත් කිරීමට සිදු වී ඇත. පුහුල්පොල නිවාස 70 ක්, මිරහවත්ත නිවාස 3 ක්, කොටවර පල්ලේගම නිවාස 15 ක්, කොටවර උඩගම නිවාස 45 ක්, නාගොල්ල නිවාස 5 ක්, අලිකොටආර නිවාස 30 ක් හා හ`දපානාගල නිවාස 28 ක් වශයෙනි. වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුහුල්පොල, දිවිතොටවල හා මිරහවත්ත ග‍්‍රාම නිලධාරී වසම් වල නිවාස අහිමිවූවන් මිරහවත්ත හා ඩයරබා වත්ත හෙවත් කැටකෑල්ල ප‍්‍රදේශයේත් ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිවාස අහිමිවූවන් හා අනු පවුල් වලට අයත් පුද්ගලයින් ව මොරගොල්ල වත්තේ නැවත පදිංචි කර ඇත. වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවතැන්වූවන් තෙළුල්ල ගම්මානයේ පදිංචි කර ඇත. නැවත පදිංචි කිරීමේ දී පර්චස් 10, 20 හා 40 වශයෙන් ඉඩම් කැබලි ලබා දී ඇති අතර අනු පවුල් ස`දහා පර්චස් 10 ඉඩම් කැබලි ලබා දී තිබේ. වගු අංක 02 හි නැවත පදිංචි කළ ස්ථාන වල ඉඩම් ලබා දී ඇති ආකාරය ස`දහන් වේ.

වගු අංක 02

නැවත පදිංචි කළ ස්ථාන වල ඉඩම් ලබා දී ඇති ආකාරය

නැවත පදිංචි කළ ස්ථානය පර්චස් 10 ඉඩම් කැබලි පර්චස් 20 ඉඩම් කැබලි පර්චස් 40 ඉඩම් කැබලි එකතුව
මිරහවත්ත 30 (අනු පවුල් 14) 15 19 64
කැටකෑල්ල 21 (අනු පවුල් 10) 02 12 33
ොරගොල්ල වත්ත 18 (අනු පවුල් 15) 18 39 75
තෙළුල්ල - - 28 28

නිවාස අහිමි වූ පවුල් වලට නිවාස වලට වන්දි තක්සේරු කර නැවත පදිංචිය ස`දහා ඉඩම් ලබා දුන් ස්ථාන වල අලූතින් නිවාස ඉදි කර ගැනීම ස`දහා වන්දි ලබා දී ඇති ආකාරය වගු අංක 03 හි දැක් වේ.

වගු අංක 03

නිවාස වන්දි ගෙවා ඇති ආකාරය

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නිවාස වන්දි ගෙවා ඇති පවුල් සංඛ්‍යාව ගෙවා ඇති මුළු මුදල
(රුපියල් මිලියන)
වැලිමඩ 103
ඌව පරණගම 60 93.349
වැල්ලවාය 33 32.095
එකතුව 196 325.597

ව්‍යාපෘතියෙන් අවතැන් වූ පවුල් 120 ක් ස`දහා ජීවනෝපායන මාර්ග අහිමි වීමෙන් සිදු වූ හානියට වන්දි වශයෙන් පවුලේ එක් සාමාජිකයකුට මසකට රුපියල් 2000 ක් බැගින් මාස 18 ක් ස`දහා උපරිමය රුපියල් 8000 ක් වන දීමනාවක් ලබා දී තිබේ. වගු අංක 04 හි ජීවනෝපායන දීමනාව ලැබුණු පවුල් පිළිබ`දව ස`දහන් වේ.

වගු අංක 04

ජීවනෝපායන දීමනාව ලැබුණු පවුල් සංඛ්‍යාව

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ජීවනෝපායන දීමනාව හිමි වූ පවුල් ප‍්‍රමාණය ගෙවා ඇති මුදල
(රුපියල් මිලියන)
වැලිමඩ 49 5.844
ඌව පරණගම 45 5.093
වැල්ලවාය 26 1.834
එකතුව 26 12.771

සංශෝධිත ඉඩම් අත්කරගැනීමේ පනතේ 7 වන වගන්තියේ 1 වන උප වගන්තියට අනුව උමා ඔය ව්‍යාපෘතියට ඉඩම් පවරා ගෙන ඇති අතර එම ඉඩම් පිළිබ`ද විස්තර ගැසට් නිවේදන කිහිපයක ස`දහන් වේ. 2014.05.19 වන දින අංක 1863/3 දරන ගැසට් නිවේදනය, 2014.10.31 වන දින අංක 1886/57 දරන ගැසට් නිවේදනය වැනි ගැසට් පත‍්‍ර කිහිපයක පවරා ගත් ඉඩම් වල තොරතුරු ඇතුළත් වේ. ඒ අනුව ඉඩම් කැබලි කිහිපයකට වන්දි ගෙවීම සිදු කර ඇත. වගු අංක 05 හි ඉඩම් වලට වන්දි ලබා දී ඇති ආකාරය ස`දහන් වේ.

වගු අංක 05

ඉඩම් වන්දි ගෙවා ඇති ආකාරය

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පවරා ගැනීමට ගැසට් කර ඇති ඉඩම් කැබලි ගණන වන්දි ගෙවා ඇති ඉඩම් කැබලි ගණන ගෙවා ඇති වන්දි මුදල
(රුපියල් මිලියන)
වැලිමඩ 583 316 144.991
ඌව පරණගම 337 47 19.413
ඇල්ල 35 32 14.971
වැල්ලවාය 341 175 87.544
හාලි ඇල 102 - -
එකතුව 1398 570 266.918

උමා ඔය ව්‍යාපෘතියට පවරා ගත් වගා බිම් වලට වගා හානි වන්දි ගෙවීම සිදු කර ඇත. වගු අංක 06 හි වගා වන්දි ගෙවා ඇති ආකාරය දැක්වේ.

වගු අංක 06

වගා වන්දි ගෙවා ඇති ආකාරය

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වගා හානි වන්දි හිමි වූ ගොවීන් ගණන ගෙවූ මුදල (රුපියල් මිලියන)
වැලිමඩ 65 9.140
ඌව පරණගම 8 0.292
ඇල්ල 28 0.840
හාලි ඇල 28 0.275
වැල්ලවාය 13 3.166
එකතුව 142 13.713

පුහුල්පොල ජලාශය ස`දහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී ව්‍යාපාරිකයකුට හා ව්‍යාපාරිකාවකට ඉතා විශාල වන්දි මුදල් හිමි වී තිබේ. ව්‍යාපාරිකයාට රුපියල් මිලියන 26.5 ක් හා ව්‍යාපාරිකාවට රුපියල් මිලියන 15.2 ක් වශයෙන් වන්දි හිමි වී ඇත. නමුත් අවතැන් වු ගොවි ජනතාවට හිමි වී ඇත්තේ ඉතා ම අඩු වන්දි මුදලකි. සමහරුන්ට කිසිදු වන්දි මුදලක් මේ වන තෙක් හිමි වී නොමැත.
උමා ඔය ව්‍යාපෘතියට ඉඩම් පවරා ගැනීමේ දී වන්දි තක්සේරු කිරීමේ දී අක‍්‍රමිකතා රැුසක් සිදු වී ඇත. 2013 වසරේ සිට වගා බිම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවා ඇත්තේ එක් වගා කන්නයකට පමණි. නමුත් අහිමි වී ඇති වගා කන්න ගණන 12 ක් පමණ වේ. වගා බිම් අහිමි වූ කිසිදු පුද්ගලයකුට තවම විකල්ප වගා බිම් ලබා දී නොමැත. නමුත් ව්‍යාපෘතිය යටතේ සෘජුව හෝ වක‍්‍රව අවතැන් නොවන ජනතාවට ද ග‍්‍රාම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වන්දි හා නැවත පදිංචියට ඉඩම් ලබා දී තිබේ. ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 53ත්‍ කොටවර පහළගම ග‍්‍රාම නිලධාරී වසමේ ග‍්‍රාම නිලධාරීනී ඉන්ද්‍රානි රත්නායක මහත්මිය විසින් ඞී. එම්, ඥානවතී මහත්මියගේ පවුලට හා ඇගේ දියණියගේ අනු පවුලට පමණක් නොව ඇය පදිංචි ස්ථානය අවට තවත් හිතවත් පවුල් හතරකට නීති විරෝධී ලෙස වන්දි ලබා ගැනීමට ලේඛණ සකස් කර දී ඇති අතර ඔවුන් මේ වන විට නැවත පදිංචි කළ භූමියේ නිවාස තනා ගෙන පදිංචිව සිටී.
ව්‍යාපෘතියට පවරා ගෙන ඇති නමුත් හවුල් ඉඩම් හා නිශ්චිත අයිතිය තහවුරු කර නොමැති ඉඩම් හිමිකරුවන්ට අදාළ වන්දි මුදල් අධිකරණයේ තැම්පත් කිරීමට පියවර ගන්නා බවට 2016 වසරේ දී ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් අදාළ පුද්ගලයින්ට දැනුම් දී ඇති නමුත් ඒ ස`දහා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීම හෝ වන්දි මුදල් ලබා ගන්නා ආකාරය පිළිබ`දව ජනතාව දැනුම්වත් කිරීම මේ වන තෙක් සිදු කර නොමැත. එලෙස ගැටලූ වලට මුහුණ දුන් ජනතාව පවරා ගත් තමන්ගේ ඉඩම් වලට වන්දි හිමි නොවීමෙන් දැඩි අසීරුතාවන්ට පත්ව ජීවත් වේ. නිලධාරීන් සම`ග පෞද්ගලික එදිරිවාදිකම් හේතුවෙන් නිශ්චිත හිමිකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු ගේ ද වන්දි මුදල් අධිකරණයේ තැම්පත් කරන බවට ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් දැනුම් දී ඇත. මේ ආකාරයෙන් ව්‍යාපෘතිය ස`දහා පවරා ගත් ඉඩම් වලට වන්දි ලබා දීමේ අක‍්‍රමිකතා බොහොමයක් පවතී. මෙම ගැටලූ නිරාකරණය කිරීම ස`දහා මෙන්ම සිදු වී ඇති අක‍්‍රමිකතා පිළිබ`දව පරීක්ෂා කිරීමට ස්වාධීන කමිටුවක් පත් කළ යුතු අතර අසාධාරණයට ලක් වූවන්ට සාධාරණය ඉටුකරදිය යුතු ව ඇත.
උමා ඔය ව්‍යාපෘතියෙන් සංවර්ධනය කරන පහළ නිම්නයේ ඉඩම් කොල්ලය හා පහළ නිම්නයට ඇති කරන අහිතකර බලපෑම් මෙවන් තත්ත්වයක් පවතිද්දී උමාඔය ව්‍යාපෘතියත් සම`ග ම හඳපානාගල වැව සංවර්ධනය කළ පසුව ඒ මායිමේ පිහිටි ඉඩම්වල හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කර ගැනීම දැනටමත් දේශපාලකයන් විසින් සිදු කර අවසන් ය. වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රෝහණ වන්නිආරච්චි මහතා විසින් හඳපානාගල වැව් රක්ෂිතයේ හා ඊට මායිම් වී ඇති රජයට අයත් ඉඩම් මේ වන විට අත්පත් කරගෙන හෝටලයක් ඉදිකරමින් තිබේ. උමා ඔය ව්‍යාපෘතිය යටතේ හඳපානාගල වැව සංවර්ධනය කිරීමේ දී අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරන ස්ථාන පිළිබඳ ව හෝ නොදැන සුසුම්ලමින් එදිනෙදා දෛනික කටයුතු පවා අතහැර දමා සිටින තත්වයක් තුළ උමා ඔය ව්‍යාපෘතියෙන් වාසි අත්පත් කර ගැනීමට මේ වන විටත් දේශපාලකයන් කටයුතු ආරම්භ කර තිබීම පුදුමයට කරුණකිි. මේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටුකර දෙනු වෙනුවට ඔවුන්ගේ මඩිය තර කර ගැනීමට පමණක් දේශපාලකයන් වෙහෙසීම පුදුමයට කරුණකි. මේ පිළිබඳව බුද්ධිමත් ජනතාව නිසි පරිදි අවබෝධ කර ගත යුතු ව ඇත.
උමාඔය ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවන්නන්ට කිරිඳිඔයේ ජල ද්‍රෝණියේ, අලිකොටආර ජලාශය, කුඩාඔය ජලාශය, හඳපානාගල වැව යටතේ අලූතින් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර, කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කර ලබාදීමට යෝජිත ව ඇත. මෙමඟින් සිදුවන හානිකර බලපෑම් කිහිපයකි. ඉන් ප‍්‍රධාන වන්නේ කිරි`දිඔයේ ජල පෝෂක වනාන්තර තව තවත් අහිමි වීමෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වයන් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජලාශය රොන් මඩින් පිරීයෑමේ ශීඝ‍්‍රතාව තවදුරටත් වැඩි වීම ය. මීට අමතර ව සංවර්ධනය කිරීමට යෝජිත කෘෂි බිම් ප‍්‍රදේශ වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය ආශ‍්‍රිත ව හා අලි ගැවසුම් වනාන්තරයන්හි පිහිටා තිබේ. මේ අලින් ගේ වාසස්ථාන අහිමි වීමෙන් අලි-මිනිස් සහජීවනය බිද වැටීමෙන් දෙපාර්ශ්වයට ම උග‍්‍ර ගැටලූවලට මුහුණ දීම මේ ව්‍යාපෘතියත් සම`ග ම සිදු විය හැකි ය.
උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන ජලාශවලට ඉහළින් ඇති වැලිමඩ හා නුවරඑළිය වැනි ප‍්‍රදේශ උග‍්‍ර පාංශු ඛාදනයට ලක්වන බිම් ප‍්‍රදේශ වෙයි. මීට අමතර ව මේ ව්‍යාපෘතිය හේතුවෙන් කිරිඳිඔය ද්‍රෝණියේ බොහෝ වනාන්තර ප‍්‍රදේශ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ඉඩම් ලෙස සංවර්ධනය කරනු ලැබේ. මේ හේතුවෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වය ද ඉතා අධික වේ. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ සමස්ත ව්‍යාපෘතිය යටතේ අලූතෙන් ඇති කරන ජලාශ හා ලූණුගම්වෙහෙර ජලාශය ශීඝ‍්‍රයෙන් රොන්මඬින් පිරීයන තත්ත්වයට පත් වීම ය. මෙමඟින් අවසානයේ සිදුවන්නේ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ නොලැබීම යිි.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වාරි ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කැරෙන බොහෝ ප‍්‍රදේශ, ළඳු කැලෑ, තෘණභූමි හා වනාන්තර බිම් ප‍්‍රදේශ වෙයි. මේ ප‍්‍රදේශවල සත්ත්ව පාලනය (එළ ගවයන් හා මී ගවයන්* බහුල ව සිදු වේ. මේ බිම් ප‍්‍රදේශ සංවර්ධනය වීමත් සමඟ ම සත්ත්ව පාලනය සඳහා ඇති බිම් ප‍්‍රදේශ සීමා සහිත වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ සත්ත්ව පාලන කටයුතු රක්ෂිත වනාන්තර වෙතට යොමු වීම තවදුරටත් වැඩි වීම යි. මේ වන විට උඩවලව හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයන්ට ඇති ප‍්‍රධාන තර්ජනය එළ හරකුන් හා මී හරකුන් අනවසරයෙන් වනෝද්‍යාන තුළට තණ කැවීම සඳහා යොමු කිරීම යි. මේ තත්ත්ය මෙකී සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ම තවදුරටත් උග‍්‍ර වනු ඇත.

උමා ඔය විනාශකාරී ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරීම

මේ සමස්තය පිළිබඳව අවබෝධයකින් තොරව උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් හානිපූරණය කළ නොහැකි දැවැන්ත හානිකර තත්ත්වයන් බොහොමයක් අද වන විට උද්ගතව තිබේ. එය හානියකින් පමණක් නතර නොවන්නේ මේ ව්‍යාපෘතිය බිලියන ගණනක මහා ධනස්කන්දයක් නිකරුනේ විනාශ කර දමන කිසිදු පළ ප‍්‍රයෝජනයක් නොමැති හුදු භෞතික සංවර්ධන ව්‍යාපෘතියක් පමණක් වෙමින් අවසන් වන නිසා ය. එපමණක් නොව අනාගත හා වත්මන් පරපුර ණයකරුවන් බවට පත්වීම පමණක් රටට අවසානයේ මේ ව්‍යාපෘතියෙන් ඉතිරි වන බැවිනි. අද වන විට ව්‍යාපෘතියේ උමං කැණීම හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහන සැලැසීමට හා වන්දි ගෙවීමට ව්‍යාපෘතියෙන් පරිබාහිරව විශාල මුදලක් දැරීමට රජයට සිදු වී ඇත. රටේ ජනතාවගේ බදු මුදල් හානිකර ව්‍යාපෘතියක් ම`ගින් ඇති කළ විනාශයන් වෙනුවෙන් වැය කිරීම කෙතරම් යුක්ති සාධාරණ ද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු ය. මේ පිළිබඳ ව බුද්ධිමත්ව සිතා බලා විනාශයන් බොහොමයකට හේතු සාධක වන උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කරන මෙන් අප රටේ අනාගතය ගැන සිතන වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිමු. ඒ ස`දහා ගත යුතු විකල්ප කි‍්‍රයාමාර්ග පිළිබ`ද ව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය.
දැනට සිදු වී ඇති මෙම විනාශය පදනම් කර ගෙන හා සමස්ත ව්‍යාපෘතියෙන් ඇති වන බලපෑම් හා ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ ලබා ගැනීමට ඇති අසීරුතාවන් පදනම් කර ගෙන දැනට සිදු කෙරෙන සියලූ උමං කැණීම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි නතර කළ යුතු ය. නැවත වරක් මේ සියලූ උමං පිරවීම සිදු කළ යුතු ය. නමුත් ඉදි කරන ජලාශ ඒ ආකාරයෙන් ම භාවිතයට ගත යුතු ය. උමා ඔයේ ඉදි කෙරෙන පුහුල්පොල ජලාශය හා මහතැටිල්ල ජලාශය උමා ඔයේ ජල රැු`දවුම් ජලාශ වශයෙන් භාවිතයට ගත හැකි වන අතර ඒ ම`ගින් උමා ඔයේ පහළ නිම්නයේ වාරි ජල සුරක්ෂිතතාවය තහවුරු කළ හැකි ය. කිරි`දි ඔයේ ඉදි කෙරෙන අලිකොටආර ජලාශය, කුඩා ඔය ජලාශය හා හ`දපානාගල වැවේ ජල ධාරිතාවය වැඩි කිරීම ස`දහා සිදු කෙරෙන ඉදි කිරීම් ම`ගින් කිරි`දි ඔයේ ජල රැු`දවුම් ධාරිතාවය වැඩි දියුණු කළ හැකි වනු ඇත. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය යටතේ කිරි`දි ඔයේ ජල ද්‍රෝණියේ වනාන්තර අක්කර 4500 ක් පමණ එළිපෙහෙළි කර අලූතින් වගා බිම් ඇති කිරීම වෙනුවට කිරි`දි ඔයේ වෙහෙරගල ජලාශයේ හා ලූණුගම්වෙහෙර ජලාශයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම ස`දහා මෙම ජල පෝෂක වනාන්තර බිම් සුරක්ෂිත කළ හැකි ය.
මෙම ව්‍යාපෘතිය යටතේ භූගත ව ස්ථාපිත කර ඇති විදුලි බලාගාරය එම ස්ථානයෙන් ඉවත් කර උමා ඔයේ පහළ නිම්නයේ ස්ථාපිත කිරීමට ඇති ශක්‍යතාව පිළිබ`ද ව අධ්‍යයනය කළ යුතු අතර එම`ගින් ජල විදුලිය නිෂ්පාදනය ද ගැටලූවක් තත්ත්වයට පත් නොවනු ඇත. මීට අමතර ව කිරි`දි ඔය ඉහත්තාවේ පමණක් නොව උමා ඔය ඉහත්තාවේ සිදු වන මහා වනාන්තර විනාශයන් පාලනය කිරීම මෙන්ම අලූතින් වනාන්තර ප‍්‍රතිස්ථාපනය කර එම ප‍්‍රදේශ වල ජල පෝෂක බිම් වැඩිදියුණු කිරීම ම`ගින් ඉදි කෙරෙන ජලාශ වල ජල සුරක්ෂිතතාව ඇති කළ යුතු ය. එම`ගින් දැනට සිදු කෙරෙන වගා බිම් වල ඵලදායීතාවය වැඩි දියුණු කළ හැකි වනු ඇත. වගා බිම් පුළුල් කිරීම වෙනුවට යල මහ දෙකන්නය නිසි පරිදි වගා කිරීමට හැකි වන පරිදි ජල සුරක්ෂිතතාව ඇති කළ යුතු ය. එම`ගින් වැල්ලවාය හා තනමල්විල කෘෂි කාර්මික ජනතාව බලාපොරොත්තු වන ප‍්‍රතිඵල ලබා ගත හැකි ය.
ඒ අතරතුර වගා බිම් අහිමි වූ හා දේපල විනාශ වූ ජනතාවට නිවැරදි ක‍්‍රමවේදයක් මත වන්දි ගෙවීම් සිදු කළ යුතු අතර ජලය අහිමි වූ සියලූ ම ජනතාවට විධිමත් පරිදි ජලය සැපයීමේ ව්‍යාපෘති කඩිනමින් කි‍්‍රයාත්මක කළ යුතු ය. අවතැන් වූ සියලූ ජනතාව නියමිත පරිදි නැවත පදිංචි කිරීම හෝ විකල්ප වගා බිම් ලබා දීම ස`දහා පියවර ගත යුතු ය.
මේ ම`ගින් මෙම ව්‍යාපෘතියෙන් සිදු වන සමස්ත විනාශයන් අවම කර ගත හැකි වනු ඇත. එම තිරසර විකල්ප වලට පිවිසීමේ දී අපට යම් කැප කිරීමක් කිරීමට සිදු වේ. එය රටේ ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් කළ යුතු කැපකිරීමකි.



උමා ඔය බහුකාර්ය සංවර්ධන වාරි ව්‍යාපෘතියට යට වූ කෘෂිකාර්මික බිම්







උමා ඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අහිමි වන මාතැටිල්ල ව්‍යාපාරයේ කෘෂිකාර්මික බිම්





උමා ඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වූ ජනතාව






උමා ඔය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හේතුවෙන් නිවාස විනාශ වී ඇති ආකාරය













බණ්ඩාරවෙළ, අඹදණ්ඬේගම ප‍්‍රදේශය භූ පැලූම් ඇති වී භූමිය ගිලා බැස ඇති ආකාරය





උමා ඔය ව්‍යාපෘතියේ කැණීම සිදු කරන ආකාරය











උමා ඔය





උමා ඔය ව්‍යාපෘතියෙන් විනාශ වූ වගා බිම්








උමා ඔය ව්‍යාපෘතියෙන් විනාශ වූ ළිං





උමා ඔය ව්‍යාපෘතියෙන් විනාශ වූ ජල මූලාශ‍්‍ර








උමා ඔය ව්‍යාපෘතියෙන් ඉදි කළ භූගත උමං





උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට වැල්ලවායේ මුල්ගල තැබූ ස්ථානය





උමා ඔය ව්‍යාපෘතියේ භූගත උමං කැණීමෙන් සිදු වූ මහා ජල කාන්දුව සිදු වන ආකාරය








උමා ඔය ව්‍යාපෘතියේ වේලි ඉදි කරන ආකාරය











උමා ඔය ව්‍යාපෘතියේ ජලාශ වලට යට කරන වගා බිම් හා ගව පාලනය








ජලය ගබඩා කර තබා ගැනීමට ජල ටැංකි හා ප්ලාස්ටික් බාල්දි භාවිතා කිරීම








වගා බිම් ඉරිතලා විනාශ වී ඇති අයුරු





හරිතාගාර තුළ සිදු කළ වගාවන් ජලය නොමැතිව විනාශ වී ඇති ආකාරය





ජනතාව භාවිතා කළ අද වන විට සිදී ගිය දිය පිහිලි








අවතැන් වූ ජනතාව පදිංචි කළ මිරහවත්තේ නුසුදුසු ජනාවාස











කාන්තාවන් පානීය ජලය ලබා ගැනීමට වෙහෙසෙන ආකාරය








ජලය අහිමි ප‍්‍රදේශ වලට ජල බවුසර ම`ගින් ජලය බෙදා හරින ආකාරය








උමා ඔය ව්‍යාපෘති සැලැසුම