ඔබගේ සිහිනය අපගේ සිහිනය ද වන්නේ ය.....





සරත් ප‍්‍රනාන්දු නම් ළයාදර මිනිසාණෙනි
සටන්කාමී නියමුවාණෙනි
අප ඔබගේ සිහිනය දකින්නෙමු
අනාගත ලෝකයේ යහපැවැත්ම උදෙසා
විශිෂ්ට ජීවන දර්ශනයක
පරමාදර්ශී නායකයා
යහපත් වූ නිවහල් දේශයක
තිරසර හෙට දිනෙක
ජනතා බලාපොරොත්තු සඵල කර වීම උදෙසා
සුවිශේෂී සමාජ මෙහෙවරක නියැලෙමින්
කළ මෙහෙවර අපමණ ය
දයාබර නියමූවාණෙනි
අභීත සටන් සගයාණෙනි
අදට ඔබ අපෙන් සමුගෙන
සිව් වසරක් ගෙවී ගොස් ය
ඔබ හෙළි කළ මඟ ඔස්සේ
අප ගමන් කරනු දැකීම
ඔබගේ එක ම පැතුම විය
අප අද
එකී අරගලයට කඳවුරු බැඳ ඇත්තෙමු
අරගලය තුළ
බොහෝ දේ රැක ගැනීමටත්
සමහර දේ අත්හැරීමටත් සිදු ව ඇත
නමුත් නැවත නැවතත්
ගොඩනැගෙන අරගල කඳවුර තුළ
සදාකාලික මං සලකුණක් ව
ඔබ අපට
යළි යළිත් මුණගැසෙයි
ඒ ඔබ,
විශ්වය හොඳින් කියැ වූ ඇදුරෙකු
සොඳුරු මිනිසෙකු
ශ්‍රේෂ්ඨ නියැමුවෙකු
නිහතමානී නායකයෙකු
වන බැවිනි
නැවත නැවතත්
අප ඔබගේ සිහිනය දකින්නෙමු
ඔබගේ සිහිනයට පණ පොවන්නෙමු

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
2018 සැප්තැම්බර් 07