පේ‍්‍රමපාල හේවාබටගේ නම් අරගලකරුවා

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය





ඔහුගේ ජීවිතයට හෝ කුටුම්භයට උපයා සපයා ගත් උපයෝග පරිභෝග වස්තු කිසිවක් ම නැති බව ඔහු හා සමීප ව සිටින්නෝ හොඳහැටි දනිති.

දැනුම් තේරුම් ඇති වියේ පටන් පවතින අසාධාරණ සමාජ ක‍්‍රමයට එරෙහි වූ ඔහු වර්ෂ 1971 අප‍්‍රියෙල් අරගලයට එක් වූයේ අසාධාරණ සමාජ ක‍්‍රමය මුලිනුපුටා දමා යහපත් සමාජයක් බිහිකර ගැනීමේ ඒකායන පරමාර්ථයෙනි.

පරමාර්ථය අති පිරිසිදු වුව එය යථාර්ථයක් නොවුයෙන් අරගලයට එක් වූ බොහෝ අය මළවුන් අතරට ද පේ‍්‍රමපාල අප‍්‍රියෙල් මහ නඩුවේ එක් චූදිතෙ- යක් ද වීමෙන් අරගලය නිමා විය.

බොහෝ කලක් සිපිරි ගෙවල් අපා දුක් විඳී ඔහු සිපිරි ගෙදරින් එළිමහනට ආයේ සන්නාලි ශිල්පියෙහි කෙළ පැමිණියෙකු විලසිනි.

එලෙසින් ම” ඔහු එතෙක් යෙදී සිටි දේශපාලන ව්‍යාපාරය අරබයා ද විවේචන” ස්වයං විවේචන ආදියෙන් සන්නද්ධව වඩාත් නිවැරදි දෘෂ්ටිවාදයකට අවතීර්ණ ව ප‍්‍රබල ආස්ථානයක පසු වූයේ ය.

ඒ තතු සිත දරාගනිමින් ම අරගලයේ සගයෙකු වූ කලූ ලකී (අනුර රංජිත්) සමග නුගේගොඩ ලැවීනියා සිනමාහලේ පසෙක ටේලර් සාප්පුවක වාඩි වී මැහුම් කටයුතුවල නිරත වෙමින් සිටින්නට හැකියාව ද ඔහුට තිබිණ.

එහෙත්, එසේ දිගු කාලයක් සිටීමේ හැකියාව ඔහු සතු නොවුයේ ඔහු ලද දේශපාලන පන්නරය එබඳු ඒකාකාරී වෘත්තියක නිරත වීමෙන් මුවහත් නොවන බැවින් යැයි සිතීමේ වරදක් නැත.

ඔහු යළි සමාජයට අවතීර්ණ විය.

එවර, මේ වනවිට ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය යැයි නම් ලද සිවිල් සංවිධානය පිහිටුවන්නට මූලිකයෙක් වෙමිනි. වර්ෂ 1991 සිට එහි සියලූ කටයුතු වලට ස්වකීය උපරිමයෙන් දායක වූ ඔහු තමන්ගෙන් පෙර ගිලිහී ගිය සමාජමය යුතුකම හා පන්ති යුතුකම එමගින් ඉෂ්ට සිද්ධ කරන්නට මහත් වූ වැර වෑයමක් දැරී ය.

ඔහුගේ ප‍්‍රමුඛ අධ්‍යාශය වූයේ ශක්තිමත්, ස්වාධීන ගොවි ව්‍යාපාරයක් ගොඩ නැංවීම ය. ඒ වෙනුවෙන් සරත් ප‍්‍රනාන්දු සහෝදරයා සමග දිවයිනේ හතර දිග් භාගයේ ම කොතෙක් සංචාරය කළේ දැයි දන්නේ ඔවුන් දෙදෙනා පමණි.

නව ලිබරල්වාදී ආර්ථිකය රැුකගැනීම සඳීහා ගොඩනැගූ ව්‍යාවස්ථාපිත ඒකාධිපතිත්වය බරපතල අර්බුදයකට ගමන් කර ධනපති රාජ්‍යයම මර්ධනීය තත්ත්වයන්ට වෙනස් වෙද්දී එයට මුහුණ දීම සඳහා ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පෙනී සිටියේය.

එක් අවස්ථාවෙක ව්‍යාපාරයේ අනාගතය අවිනිශ්චිත අඩියකට ඇද වැටෙමින් තිබිය දී ව්‍යාපාරයේ යහපත තකා ඉන් ඉවත් වුයේ වසර ගණනාවක් යනතුරු තැන් තැන්වල ඇවිදිමින් කළ යුත්තක් නොමැති ව කල් ගෙවා අවසන ජීවිකාව වෙනුවෙන් සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැුකියාවක නිරත විය.

බොහෝ කාලයක් තිස්සේ දියවැඩියා රෝගයෙන් බරපතළ ලෙස පීඩා විඳි ඔහු ඒ සඳහා නොකඩවා ගත යුතු ඖෂධ යනාදිය නිසි පරිදි ගත්තේ දැයි සැක සහිත ය.

ව්‍යාපාරයෙන් ඔහුට ලැබුණු සොච්චම් වන්දි මුදල පවා තව කෙනෙකුට ලබාදීමෙන් අහිමි කරගත් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නිර්ධනයෙකු විය.

අවසන් කාලයේ ව්‍යාපාරයේ භාණ්ඩාගාරික ලෙස ගරු තනතුරට තෝරා පත්කරගත් විට ඔහු උද්දාමයට පත් වූ අයුරු ව්‍යාපාරයේ සියල්ලන්ගේ මතකයේ සදා පවතිනු ඇත.

පේ‍්‍රමපාල හේවාබටගේ සොහොයුර, හිතවත,

අප ට යායුතු මඟ පෙන් වූ වැඩිමහල්ලෙක් ලෙස ඔබ සදා

අනුස්මරණීය වන්නේ ම ය.