නැගෙනහිර වෙරළ තීරය වනසන ඛනිජ වැලි ව්‍යාපෘතිය

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය




අම්පාර දිස්ත‍්‍රික්කයේ ආලයඩිවෙම්බු, තිරුක්කෝවිල් හා පොතුවිල් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් නැගෙනහිර වෙරළ තීරයේ කෝමාරි සිට අක්කෙරෙයිපත්තුව දක්වා සීමාවේ ඛනිජ වැලි කැනීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඩැම්සිලා එක්ස්පෝට් පුද්ගලික සමාගම මගින් සැලැසුම් කරමින් සිටී. වෙරළ තීරයේ තැන්පත් වී ඇති ඉල්මනයිට්, රූටයිල්, ගානට් හා සර්කෝන් යන ඛනිජ කැනීම් කර අපනයනය කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වේ. ආයෝජන මණ්ඩල අනුමත සමාගමක් වන ඩැම්සිලා සමාගම කළුබෝවිල, පාමංකඩ, ශ‍්‍රී මහා විහාර පාරේ අංක 9 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර මෙම සමාගම ප‍්‍රධාන වශයෙන් ම මිනිරන් ඛනිජ අපනයනය කිරීමේ යෙදී සිටී. මේ සමාගම විසින් රුපියල් මිලියන 550 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙම ඛනිජ වැලි කැනීම් හා අපනයනය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් වේ.

රූටයිල් හා ඉල්මනයිට් යනු ටයිටේනියම් ලෝහය අඩංගු ඛනිජ ද්‍රව්‍යයන් ය. මේවා තීන්ත නිෂ්පාදනයේ දී, සෙරමික් භාණ්ඩ නිෂ්පාදනයේ දී, කල් පවතින, අධි ශක්ති, ගින්නට ඔරොත්තු දෙන සෑහැල්ලූ මිශ‍්‍ර ලෝහ සෑදීමේ දී භාවිතයට ගැනේ. මේවා ගුවන්යානා කොටස්, කෘතිම අස්ථි, බයිසිකල් රාමු, ක‍්‍රිඩා උපකරණ සෑදීමේ දී භාවිතයට ගනී. මීට අමතර ව සුදු පැහැය සහිත වර්ණ ආලේපන නිෂ්පාදනයේ දී ද යොදා ගැනේ.

ගානට් නම් ඛනිජය ලෝහ කැපුම්කාරකයක් ලෙස භාවිතයට ගැනෙන අතර සර්කෝන් ඛනිජය සෙරමික් භාණ්ඩ නිෂ්පාදනයේ දී වාත්තු කිරීම සඳහා භාවිතයට ගැනෙන අතර සුත‍්‍රිකා ලාම්පු, පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග සැකසීමේ දී භාවිතයට ගැනේ. මේ ඛනිජ වර්ග සඳහා ලෝක වෙළෙදපොලේ ඉහළ ඉල්ලූමක් පැවතීම හේතුවෙන් විවිධ සමාගම් අප රටේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරයේ තැම්පත් වී ඇති මෙම ඛනිජ වර්ග කැනීම් කර අපනයනය කිරීමට උත්සාහ දරයි. පසුගිය කාලය පුරා ම හම්බන්තොට, මාගම - කිරින්ද වෙරළ තීරයේ ඛනිජ වැලි කැනීම සඳහා ඉන්දියානු සමාගමක් දැඩි උත්සාහයක නිරත වූ අතර එම හානිකර ව්‍යාපෘතිය නතර කිරීමට ප‍්‍රදේශයේ ජනතාවට විශාල අරගලයක් කිරීමට සිදු විය.

කෝමාරි සිට අක්කෙරෙයිපත්තු දක්වා වෙරළ තීරයේ මෙම ඛනිජ වැලි තැන්පතුව ගොඩනැගීම සඳහා හැඩ ඔය, කුඹුක්කන් ඔය හා මැණික් ගෙඟන් සාගරයට එක්වන අවසාධිත ඉතා ම වැදගත් වේ. මෙම සමස්ත ඛනිජ වැලි තැන්පතුව තම්බට්ටේ ප‍්‍රදේශයේ සිට පානම දක්වා ව්‍යාප්තව තිබේ. මේ ප‍්‍රදේශයේ සුළුපන්න ධීවර කර්මාන්තයේ නිරත ධීවර පවුල් 10,000 ක් පමණ ජීවත් වේ. තිරුක්කෝවිල්, විනායගපුරම්, තම්බට්ටෙ, තම්බලවිල්, කෝමාරි, තාන්ඩිඅඩි, උමිරි, මලල්චේනෙයි, ඌරනි, පොතුවිල්, උල්ල, කුඩාකුලි හා පානම යන ප‍්‍රදේශවල ධීවර ජනතාව ජීවත්වන අතර මෙම සමස්ත කලාපය ම මෙම ඛනිජ වැලි කැනීම් ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වේ. කෝමාරි, ඌරනි, මලල්චේනේ හා උල්ල යන ප‍්‍රදේශවල මා දැල් තොටුපොළවල් පිහිටා ඇත. මේ මාදැල් තොටුපොළවල් ඛනිජ වැලි කැනීමේ ව්‍යාපෘතියත් සමඟම ඉවත් කිරීමට සිදු වේ.

මෙම ඛනිජ වැලි තැන්පතු ආශි‍්‍රත නොගැඹුරු මුහුදු තීරයේ කොරල් පර, ගල්පර හා වැලිපර පරිසර පද්ධති පිහිටා ඇති අතර මේ ප‍්‍රදේශයේ මසුන් බෝ වීමේ විශේෂ කලාපයකි. මීට අමතරව කෝමාරි, උමිරි, තාන්ඩිඅඩි, ඌරනි හා පානම ප‍්‍රදේශයේ වෙරළ තීරය කැස්බෑවුන්ගේ ප‍්‍රධාන බිජුලෑමේ ප‍්‍රදේශයක් ලෙස භාවිතා වේ. මෙම ඛනිජ කැනීම් ව්‍යාපෘතිය හේතුවෙන් සමස්ත වෙරළ තීරය ම ධීවරයන්ට පමණක් නොව කැස්බෑවුන්ට ද අහිමි වී යයි.

මෙම වෙරළ තීරයේ ධීවර ජනතාව පමණක් නොව වෙරළ තීරය ආශ‍්‍රිත ව පිහිටි සියලූ ම වගාබිම් පවත්වාගෙන යන්නේ හා ජනතාවගේ දෛනික ජල අවශ්‍යතා සපුරාගන්නේ භූගත ජලයෙනි. නැතහොත් ළිං ජලය භාවිතයෙනි. මෙම වෙරළ තීරය ආශ‍්‍රිත ව පිහිටි වගා බිමිවල මිරිස්, වම්බටු, ඉරිඟු, රටකජු, කවුපි, මුංඇට, උලූදු, ගොටුකොළ, මුගුණුවැන්න, කංකුං, තම්පලා වැනි බෝග වර්ග වගා කෙරේ. මෙම ප‍්‍රදේශයේ යල හා මහ දෙකන්නය ම වගා කරන අතර ඛනිජ කැනීම් ව්‍යාපෘතියත් සමඟ මේ සියල්ල සෘජු ව බලපෑමට ලක් වේ.

වෙරළ කලාපයේ යන්ත‍්‍ර සූත‍්‍ර ආධාරයෙන් යාන්ත‍්‍රික කැනීම් මගින් ඛනිජ වැලි ලබාගැනීම හේතුවෙන් වෙරළ කලාපයේ විශාල භූමි තීරයක පාංශු ස්ථර අස්ථාවර වේ. මේ නිසා වෙරළ ඛාදනය උග‍්‍ර වන අතර පාංශු ස්ථර අතර පීඩන වෙනස්කම් ඇති වීම නිසා රට අභ්‍යන්තරයේ භූගත ජලයට ලවණ මිශ‍්‍ර මුහුදු ජලය එක් වීම සිදු වේ. මේ නිසා පානීය ජලය මෙන් ම වගා කටයුතු වලට භාවිතයට ගැනීමට ඇති ජලය සම්පූර්ණයෙන් ම ලවණීකරණය වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ධීවර ගම්මාන වල ජනතාව පානීය ජලය අහිමි වීමෙන් හා ගොවි බිම් වල භාවිතයට ජලය අහිමි වීමෙන් මේ ව්‍යාපෘතිය සමඟ ප‍්‍රදේශයේ සම්පූර්ණ ජන දිවිය ම බලපෑමට ලක් වනු ඇත.

අමාත්‍ය දයා ගමගේ මහතාගේ අනුග‍්‍රහය හා මඟ පෙන්වීම යටතේ වර්තමානයේ දී මෙම සමාගම ක‍්‍රියාත්මක වන අතර දේශපාලන බලය භාවිතා කර නීති විරෝධී ව ව්‍යාපෘතිය කෙසේ හෝ ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඒ සඳහා මෑන් පවර් සමාගමක් මගින් සේවකයින් බඳවා ගැනීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

පසුගිය රජය පැවැති සමයේ දී 2013 සැප්තැම්බර් මස 15 වන දින විනයාගපුරම් ප‍්‍රදේශයේ ජනතාව දැනුම්වත් කරමින් ආරම්භ කිරීමට සූදානම් වූ මෙම ව්‍යාපෘතිය අද වනවිට වෙනත් ස්වභාවයකින් ඇරැුඹීමට සූදානම් වේ.

ලංකාවේ මේ වනවිට පවතින නීතිරීති වලට අනුව මෙවන් ව්‍යාපෘතියක් යම් පුද්ගලයකුට හෝ සමාගමකට හෝ දේශපාලනඥයකුට හෝ අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට හැකියාව නොමැත. වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත සහ පුරාවස්තු ආඥා පනත යන පනත් වලට අනුව නිවැරදි අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ නොහැකි ය. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය පමණක් නොව දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව, දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව යන කමිටු වල අනුමැතිය මෙන්ම නැගෙනහිර පළාත් සභාවේ අනුමැතිය ද අවශ්‍ය වේ. එපමණක් නොව මෙම ප‍්‍රදේශයේ ධීවර ජනතාවගේ මෙන් ම ගොවි ජනතාවගේ අදහස් ලබාගැනීම ද අත්‍යවශ්‍ය වේ.

නමුත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් ප‍්‍රදේශයේ ජනතාවගේ අදහස් ලබා ගැනීමක් සිදු කර නොමැති අතර නිවැරදි ක‍්‍රමවේදයකට යටත් ව පරිසර බලපෑම් ඇගයිම් ක‍්‍රියාවලිය මත අනුමැතිය ලබා ගෙන ද නොමැත. මෙය ප‍්‍රධාන ගැටළුකාරී තත්ත්වයකි.

මෙම ව්‍යාපෘතිය වෙරළ කලාපය තුළ කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ප‍්‍රධාන වශයෙන් ම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් 2011 අංක 49 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1981 අංක 57 දරණ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 15 (ආ) උප වගන්තියට අනුව වෙරළ කලාපයේ අස්ථායිතාව, ඵලදායිතාවය හා පරිසරයේ තත්ත්වය මෙන් ම වෙරළ කලාපය ඇතුළත සම්පත්වල ධාරක ශක්තිය කෙරෙහි අන්‍යාකාරයකින් හානි කර බලපෑමක් ඇති නොකරන්නේ නම් මිස යම් සංවර්ධන කාර්යයක් සඳහා වෙරළ කලාපය තුළ අවසර පත‍්‍රයක් අධ්‍යක්‍ෂ ජනරාල් වරයා විසින් නිකුත් කරනු නොලැබිය යුතු යැයි සඳහන් වේ. මේ පනතේ 16 (1) උප වගන්තිය අනුව වෙරළ කලාපය තුළ යම් සංවර්ධන කටයුත්තක නිරත වීම පිණිස අනුමැතිය ඉල්ලූ විට ඒ සඳහා අනුමැතිය ලබා දීමට මුලික පාරිසරික පරීක්‍ෂණ වාර්තාවක් හෝ පරිසර බලපෑම් ඇගයිම් වාර්තාවක් හෝ මේ වාර්තා දෙක ම ඉල්ලා සිටිය හැකි ය. පනතේ 16 (2ඈ) උප වගන්තිය අනුව පරිසර බලපෑම් ඇගයිම් වාර්තාවක් මහජන අදහස් සඳහා දින 30 ක කාලයක් විවෘත ව තැබිය යුතු අතර ඒ සඳහා ලැබෙන මහජන අදහස් අදාළ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමේ දී ප‍්‍රධාන වශයෙන් ම සැලකිල්ලට ගත යුතු ය.

මීට වසර හතරකට ප‍්‍රථම මෙම ව්‍යාපෘතිය ස`දහා මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් ම`ගින් අනුමැතිය ලබා ගෙන ඇත. මෙවන් මහ පරිමාණ කැනීම් ව්‍යාපෘතියක් සඳහා මෙය කිසිදු ආකාරයකින් ප‍්‍රමාණවත් නොවන අතර නිවැරදි පාරිසරික හානි ඇඟයීමක් මෙම වාර්තාවෙන් සිදු කර නොමැත. මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් මෙම කැනීම් ව්‍යාපෘතිය සඳහා සකස් කිරීම හේතුවෙන් මහජන අදහස් ලබා ගැනීමක් ද සිදු කර නොමැත. මේ නිසා අප අවධාරණය කරන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කර ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමක් ද සිදු කළ යුතු වබ ය. එපමණක් නොව පැරණි වාර්තාවක් මත පදනම් ව අද වන විට මෙම කැනීම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හැකියාවක් ද නොමැත. මෙය විශේෂයෙන් අවධාරණය කළ යුතු ය.

ලංකාවට අයත් භූමි ප‍්‍රදේශයේ ඕනෑම ආකාරයක ඛනිජ කැනීමක් සිදු කරන්නේනම් ඒ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් අනුමැතිය ලබා ගත යුතු ය. එසේ අනුමැතිය ලබා දීමේ දී මෙම කාර්යංශයේ දැක්ම වන ශී‍්‍ර ලංකාවේ ඛනිජ සම්පත් සඳහා ඉතා ම තිරසාර ආකාරයෙන් කිනීම් කිරීම පාලනය කිරීම යන ප‍්‍රධාන සංකල්පයට එකඟව එම අනුමැතීන් ලබාදිය යුතු ය.

2009 අංක 66 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 30 වන වගන්තියට අනුව වෙරළ සංරක්‍ෂණ විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව වෙරළ කලාපය ලෙස සඳහන් ප‍්‍රදේශය තුළ කිසි`දු කැනීම් කාර්යයක් සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට කැනීම් බලපත‍්‍ර ලබාදිය නොහැකි ය. වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාපයේ ස්ථායිතාව, ඵලදායීතාව හා පාරිසරික තත්ත්වය මෙන් ම වෙරළ සම්පත්වල ධාරක ශක්තිය කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදිය නොහැකි ය. ඒ අනුව අදාළ විෂය භාර අමාත්‍යවරයාට මෙම ඛනිජ වැලි කැණීම් කටයුතු සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට අවසර ලබා දීමේ හැකියාවක් නොමැත.

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 (1) උප වගන්තියට අනුව ඛනිජ කැනීම් කිරීම, වෙළෙඳාම, ගබඩා කිරීම, ප‍්‍රවාහනය හා අපනයනය සඳහා බලපත‍්‍ර ලබාගත යුතු ය. බලපත‍්‍ර නොමැතිව ඛනිජ ද්‍රව්‍ය කැනීම් කිරීම, වෙළෙඳාම, ගබඩා කිරීම, ප‍්‍රවාහනය හා අපනයනය කිරීම මෙම පනතේ 63 වන වගන්තිය අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධි ක‍්‍රියාවක යෙදෙන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරුණු ලැබූ විට පළමු අවස්ථාවේ දී රුපියල් 50,000 ත්, ලක්‍ෂ 05 ත් අතර දඩයකට හා එය නැවත නැවත සිදු කරන අවස්ථාවක දී රුපියල් 150,000 ත් ලක්‍ෂ 20 ත් අතර දඩයකට හෝ වසර 02 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමට හෝ මෙම දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.

වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව මෙම ඛනිජ කැනීම සඳහා කිසි`දු ආකාරයකින් අනුමැත ලබාදිය නොහැකි අතර එම අනුමැතියෙන් තොරව කැනීම් බලපත‍්‍ර ලබාදිය නොහැකි ය. ඒ තත්ත්වය තුළ මෙම සමාගම උත්සාහ දරන්නේ නීති විරෝධී ව ඛනිජ කැනීම් කටයුතු සිදු කිරීමට ය. එසේ නැතහොත් දේශපාලන බලය භාවිතා කර අයුතු ලෙස අනුමැතිය ලබා ගෙන මෙම ඛනිජ කැනීම් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ය. මේ සියලූ ක‍්‍රියාමාර්ග වලට එරෙහිව කටයුතු කළ යුතු ව ඇත. 1998 අංක 24 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතේ 43 අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව ඛනිජ නිස්සාරණය සඳහා කැනීම් සිදු කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යාත්මක හානි ඇගයීම් වාර්තාවක් සකස් කර ඒ සඳහා අනුමැතිය පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලබා ගත යුතු ය. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා කිසි`දු ආකාරයක පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර නොමැත. මේ ආකාරයෙන් නීති විරෝධී ව, ජනතාවගෙන් අදහස් ලබා ගැනීමකින් තොර ව මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වීමෙන් මෙම සමාගමේ කි‍්‍රයාකාරීත්වය අවබෝධ කර ගත හැකි ය. දේශපාලන බලය හා මුදල් බලය භාවිතා කර නීති රීති යටපත් කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය සියළු ජනතාව එක් ව පරාජය කළ යුතු ව ඇත.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් කොටසේ 14 (1) (2) හා (ඌ) උප ව්‍යවස්ථාවන්ට අනුව නිත්‍යානුකූල රැුකියාවක, කර්මාන්තයක නිරතවීමේ අයිතිය හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ලංකාවේ ඕනෑ ම පුරවැසියකුට එක ලෙස තිබිය යුතු ය. නමුත් මෙම කැනීම් ව්‍යාපෘතිය මගින් මේ සමාගම නැගෙනහිර ප‍්‍රදේශයේ ජීවත්වන ධීවර ජනතාවට හා කෘෂිකාර්මික ජනතාවට තම රැුකියාවන්හි නිරත වීමේ අයිතිය අහිමි කරන අතර එම ප‍්‍රදේශයේ ජීවත්වීමේ අයිතිය ද අහිමි කරමින් සිටී. මෙය එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසර ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් මෙම ඛනිජ කැනීම් ව්‍යාපෘතිය මගින් සිදුවන්නේ ජනතාවගේ යහපත තකා පිහිටන පරිසරය විනාශ කිරීමට සමාගමකට ඉඩප‍්‍රස්ථාව ලබා දීම ය. මෙය රජය විසින් තම යුතුකම පැහැර හැරීමකි. මේ නිසා වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමානාකරණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය, අදාළ පළාත් පාලන ආයතන, ප‍්‍රාදේශීය ලේකම් හා අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල මැදිහත් වීම මත මෙම හානිකර ඛනිජ කැනීම් ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගත යුතු ය. නැතහොත් සිදුවන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනතාව බලපෑමට ලක් කිරීමට අවස්ථාව ලබා දීමකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැුකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. ඒ අනුව රාජ්‍යයාන්ත‍්‍රණය විසින් හෝ පෞද්ගලික සමාගමක් විසින් ස්වාභාවික සම්පත් අයුතු භාවිතය සඳහා අවස්ථාව ලබා දීම හෝ අයුතු භාවිතය සඳහා ක‍්‍රියාත්මක වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. මේ අනුව මෙම ඛනිජ වැලි කැනීම් ව්‍යාපෘතියට එරෙහිව කටයුතු කිරීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම ජනතාවට ලබා දී ඇත. මේ නිසා සියලූ ජනතාව එක් ව මෙම හානි කර හා රටේ ස්වාභාවික සම්පත් අවභාවිතයට ගැනෙන මෙම ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට බලපෑම් කළ යුතු ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් කොටසෙහි 12 (1) උප ව්‍යවස්ථාවට අනුව නීතිය ක‍්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතු බව සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දින සම්මත කරගත් වගන්ති 30 කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබ`ද විශ්ව ප‍්‍රකාශනයේ 7 වන වගන්තියට අනුව සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමාන වෙති යනුවෙන් සඳහන් වේ. 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබු රටක් ලෙස මෙම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය අනුව කටයුතු කිරීමට අප රට බැ`දී සිටී. නමුත් ඛනිජ වැලි කැනීම් කරන මෙම සමාගමට එක් ආකාරයකටත් රටේ සාමාන්‍ය ජනතාව තවත් ආකාරයකටත් වෙරළ සංරක්‍ෂණ නීතිය හා ඛනිජ වැලි කැනීමේ නීතිය ක‍්‍රියාත්මක වෙමින් තිබේ. ඒ තත්ත්වය ඇති කිරීමට ඉඩදිය යුතු ද නැත. දේශපාලන හා ආර්ථික බලය හිමි සමාගම් වලට අවශ්‍ය පරිදි නීතිය හැසිරවීමට ඉඩදිය යුතු නැත. යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන නීතියේ ආධිපත්‍යයට අවනත වීම හැර එය අභිමත ලෙස හැසිරවීමට සමාගම් වලට අවස්ථාව ලබාදිය යුතු නොවේ. යහපාලන සංකල්ප රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ ස්ථාපිත කිරීමට උත්සහ දරණ වත්මන් ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට ඉදිරිපත් කළ මෛත‍්‍රි පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැකගැනීම කොටසේ සමුද්‍ර ඛාදනය ආදී විවිධ වූ ආපදා සහ අනතුරු අවම කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවත්, විරැකියාව දුරු කරන කර්මාන්ත හා සේවා කොටසෙහි ඛනිජ සම්පත් වලින් උපරිම ඵල නෙලා ගැනීම සඳහා රට ට උචිත දේශීය හා විදේශ ආයෝජන ලබා දීමට සුදුසු උපායමාර්ගික සැලැස්මක් සැකසීමට කටයුතු කරන බවත් සඳහන් කර ඇත. නමුත් මෙම මහා පරිමාණ ඛනිජ කැනීම් ව්‍යාපෘතිය හේතුවෙන් සමුද්‍ර ඛාදනය තවදුරටත් වර්ධනය වීම එපමණක් නොව මෙම ඛනිජ සම්පතින් උපරිම ඵලනෙලා ගැනීම වෙනුවට සිදුවන්නේ සමුද්‍ර ඛාදනය අධික වූ, භූ ගත ජලය ලවණීකරණය වූ භූමියක් හා කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය අහිමි වී අවතැන් වන පිරිසක් නිර්මාණය වීම ය. එසේ නම් මෛත‍්‍රි පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් ජනතාව සමග සම්මුතිගත වූ ආණ්ඩුවකට මෙම හානි කර ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට කිසි`දු හැකියාවක් නැත.

මේ නිසා අප අවධාරණය කරන්නේ නැගෙනහිර වෙරළ තීරයේ ජන ජීවිතය හා ජෛව සම්පත් පමණක් නොව ඛනිජ සම්පත් සියල්ල බලපෑමට ලක් කරන මෙම ඛනිජ කැනීමේ ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගත යුතු බව ය. එපමණක් නොව මේ ආකාරයෙන් ඉදිරියේ දී සිදුවිය හැකි මෙවන් හානිකර ඛනිජ මංකොල්ලයන් වැළැක්වීම සඳහා හා ලංකාවේ ඛනිජ කැනීම් කටයුතු තිරසර මට්ටමකට ගෙන ඒම සඳහා ඛනිජ සම්පත් ගවේෂණය හා කැනීම් පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු ය.

ඛනිජ සම්පත්වල අයිතිය සමාගම් සතු නොකළ යුතු අතර ඒවා අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන ක‍්‍රියාවලිය වෙනුවට අගය එක් කළ ද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීමේ ක‍්‍රියාවලියක් ඇති කළ යුතු ය. එපමණක් නොව දේශපාලන උවමනාවන් මත නීති විරෝධී ලෙස ජන ජීවිතය විනාශ කරමින්, ජනතාව අවතැන් කරමින් සිදු කරන සියලූ සංවර්ධන ව්‍යාපෘති මෙන් ම මෙවන් කැනීම් ව්‍යාපෘති ආරම්භ නොකරන තත්ත්වයක් රට තුළ ඇති කළ යුතු ය. ඒ සඳහා සිවිල් ජනතාව දැනුමෙන් හා සංවිධානාත්මක ශක්තියෙන් යුක්තව පෙළ ගැසීම අවශ්‍යව ඇත.