”‍ජීවිතය වෙනුවට මරණයට අත වනන ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව”‍

විමුක්ති ද සිල්වා

ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය





”‍ජීවිතය වෙනුවට මරණයට අත වනන ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව”‍ නොවැම්බර් මස 4 වන දින සවස්යාමයේ කොළඹ සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. ක්ෂුද්‍ර මුලය ණය නිසා විපටපත් කාන්තා එකමුතුවත් සිවිල් සංවිධානත් ඒකාබද්ධ ව මෙය සංවිධානය කර තිබුණි. ජනාධිපතිවරණය ඉදිරි පත් වී සිටින පක්ෂ වල අපේක්ෂකයන් /නියෝජිතයන වෙත ඔවුන්ගේ වෙත ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට සමුළුව කැඳවා තිබුණි.

රට පුරා විසිරි සිටින ක්ෂුද්‍ර මුලය ණය නිසා විපතට පත් කාන්තාවන් ඔවුන්ගේ අරගලය ශක්තිමත් කිරීමට මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන තිබුණි.ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම් වී තිබුනේ මෙවර ජන්දයට ඉදිරිපත් වන සියලූු පක්ෂ වලින් ග‍්‍රාමීය ණය අර්බුදය සඳහා ක‍්‍රමවේදයක් අවශ්‍ය බවයි.මේ වන විට ග‍්‍රාමීය ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් මහා බැංකුව යටතේ ලියාපදිංචි ‍ඒ වා නොවේ.

නමුත් රජයන් තවමත් මේ පිළිබඳව නිවැරදි නියාමන ක‍්‍රමවේදයක් සකසා නැත .මේ නිසා ග‍්‍රාමීය ප‍්‍රජාවන්ගේ විශේෂයෙන්ම කාන්තාවන් ලක්ෂ 24ක පමණ ප‍්‍රමාණයක් ක්ෂුද්‍ර මුලය ණය නිසා අසරණ භාවයට පත්වී ඇත.එමෙන්ම මේ හේතුවෙන් සිය දිවි නසා ගැනීම් 179 පමණ වාර්තා වී ඇත.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ආර්ථික නිදහසයි. ඔවුන් ණය වී සිටින්නේ දිගින් දිගටම රජයන් විසින් ඔවුන් මත පටවනු ලබන රාජ්‍ය සේවා පෞද්ගලිකරණයේ ශාපයයි.ඔවුන් ණය මුදල් ලබා ගන්නේ රජය විසින් සිදුකරන කප්පාදු නිසා අහිමි වී යන අධ්‍යාපනය ,සෞඛ්‍ය ට අවතීර්ණ වීමටයි.ඔවුන් ඉල්ලා සිටින්නේ තවදුරටත් තාවකාලික විසඳුම් නොවේ.දීර්ඝ කාලින දේශපාලනික විසඳුමකි

එමෙන්ම ඔවුන් යෝජනා කර සිටින්නේ ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය සමුපාකාර ක‍්‍රමවේද ,ප‍්‍රජා මූල සංවිධාන තළින් ආර්ථික ස්වාධීනත්වය ගොඩනැන්වීමට අවශ්‍ය ප‍්‍රායෝගික යාන්ත‍්‍රණයක් සකස්කරන ලෙසටයි.



අසාධාරණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව සිටින්නන්ට සාධාරණය ඉෂ්ඨ කිරිම සදහා වන ජනතා යෝජනා



ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ක්ෂුද්‍රමූල්‍ය ණය උගුල නිසා විපතට පත්වූ කාන්තාවන් හා ඔවුන්ගේ සංවිධාන නියෝජනය කරමින්ල විපතට පත්වූවන්ට සාධාරණය ඉෂ්ඨ කිරිම සදහා වන පහත යෝජනා ර්‍ශ්‍ර ලංකා රජයටත්ල සියලු දේශපාලන පක්ෂවලටත් ඉදිරිපත් කර සිටිමුග

වහා ක්‍රියාත්මක කළ යුතු යෝජනාථ

1. ණය කපා හැරීමථ ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදයට මූලික හේතුව සමාගම් විසින් හිතුමතේ අති විශාල පොලී සහිතව කිසිදු නියාමනයකින් තොරව ණය නිකුත් කිරිම වේග එබැවින් මෙසේ රජයේ නිර්මිත පොලියට පිටින්ල අනුමත මූලික ප්‍රමිතීන් පවා අනුගමනය නොකරමින් නිකුත් කරන ලද සියලු ණය කපා හැරිමට පියවර ගැනීම.

2. ණය කපා හැරීම සමාගම් වලට දෙන සහනයක් නොවිය යුතුයිථ මෙම සමාගම් දැනටමත් අයුතු ධනවත්වීම සිදුවී ඇති බැවින් මෙම අසාධාරණ ණය හා පොලී ගෙවීමට ජනතාව හෝ රජය බැදී නොසිටිග මෙම ණය රජය විසින් ජනතාවගේ බදු මුදල් යොදවා ගෙවා දැමීම නොකළ යුතුය.

3. රාජ්‍ය-මුලික සහන මුල්‍ය ආධාරථ ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීම සහ ජීවනොපායන් අහිමි ණය අර්බුධයට මුලික හේතුව ලෙස හඳුනාගත හැකි බැවින්වීල නැවතත් අන්තරාදායක ණය වෙත වැලක්වීම පිණිස කෙටිකාලීනව ඔවුන්ගේ ජිවන තත්වය යතා තත්වයට ගෙන ඒමට හා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජීවන වියදම් සඳහා සහනයක් වීමට රජය මැදිහත් වීමෙන් සහන ආධාර අවශ්‍යය වේ

4. රාජ්‍ය මුල්‍ය සේවාවල සමාජීය කාර්යය ශක්තිමත් කිරීමථ රාජ්‍ය මුල්‍ය ආයතන තුලින් අඩු ආදායම් ලබන ජනතාවට අවශ්‍යය මුල්‍ය සේවා ලබා ගත හැකි පරිදි රජයේ බැංකු වලට සමාජ කාර්යභාරය ශක්තිමත් කිරීමග ජනතාවගේ අරමුදල් මේ වන විටත් ඒකරාශී වී ඇති සමෘද්ධි ල සණස හා ග්‍රාමී බැංකු ඇතුළු අනෙකුත් බැංකුවලින් දිළිදු ජනතාවට ණය ගැනීමේ දී පවතින බාධාවන් හා සීමාවන් ලිහිල් කිරිමග මෙම සේවාවන්ගේ මුලික අභිප්‍රාය ලාබය උපරිම කරගැනීම නොවිය යුතුය.

5. ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනයථ ලාභ ලැබීමේ අරමුණ සහිතව ක්‍ෂුද්‍ර මූල්‍ය ස්වරූපයේ ණය ලබාදෙන සියලූ සමාගම් ලියාපදිංචිය අනිවාර්ය කරමින්ල එම සමාගම්වල පොලිය සහ ක්‍රියාකාරිත්වය නියාමනය කිරීමල ඒවා පිලිබඳ මහජන පැමිණිලි භාරගැනීමල ඒවා විමර්ෂණය කිරීම සහ එවැනි සමාගම් සම්බන්ධයෙන් ලියාපදිංචිය අහෝසි කිරීමද ඇතුලත්ව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය සහිත රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීමග මෙවැනි නිසි නියාමන ව්‍යුහයක් ක්‍රියාත්මක කරන තෙක් අවිධිමත් ආකාරයෙන් ණය නිකුත් කරන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරිත්වය අත්හිටුවීම.

6. මුල්‍ය සේවා ලබාගන්නා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන රාජ්‍ය ආයතනයක්ථ ණය අයකරගැනීම සදහා සමාගම් විසින් සිදුකරන පීඩාවන් වහාම නැවැත්වීමට පියවර ගැනීමල පීඩාවන් සම්බන්ධයෙන් පැමිණිලි කිරිම හා ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරිම සදහා ගම් මට්ටමින් රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරිමග සමාගම් විසින් නීති පියවර ගන්නා ලද වින්දිතයින් සදහා නීති ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කිරිම

7. ක්‍ෂුද්‍ර මුල්‍ය වින්දිතයින් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමථ ණය කපාහැරිමෙන් පසු ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛනයට :(Credit Information Bureau (CRIB)) දැනට ඇතුලත් කර ඇති ණය ගෙවීමට අපොහොසත් වූවන්ගේ නම් ඉවත් කිරීම හා අනාගතයේදී ප්‍රතිපත්තියක් ලෙස ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගෙවීමට අපොහොසත් වන්නන්ගේ නම් CRIB වෙත ඇතුලත් නොකිරීම.

දිගු කාලීන යෝජනා

1. වසර 40ක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක ආපසු හැරවීමථ ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇතුළු ග්‍රාමීය ණයගැතිභාවය සදහා ප්‍රධානතම හේතුව ග්‍රාමිය ආර්ථිකයේ කඩා වැටිමයිග එය පසුගිය වසර 40 කට ආසන්න කාලයක් තුළ අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තීන්ගේ ප්‍රතිඵලයකිග එබැවින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින්ල ග්‍රාමීය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන හා ජීවනෝපායන් නගා සිටුවන සාර්ව ආර්ථික ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරිම

2. සුළු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමථ දිගුකාලීනව ග්‍රාමීය දුප්පත්කම හා කාන්තාවන්ගේ ණයගැතිභාවය තුරන් කිරිම සදහා ග්‍රාමීය ආර්ථිකයේ පදනම වන සුලු පරිමාණ කෘෂිකර්මාන්තයල ධීවරල ග්‍රාමීය කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සදහා වන අයෝජනයන් වැඩි කිරිම තුළින් ග්‍රාමීය ජනතාවගේ :විශේෂයෙන් කාන්තාවන්ගේ* ජීවනෝපායන් ගොඩනැංවීම.

3. කාන්තා සමුපකාර සමිති පිහිටුවීමථ ග්‍රාමීය කාන්තාවන්ගේ ණය අවශ්‍යතා සැපිරීම සදහා කාන්තා සංවිධාන හා රාජ්‍ය බැංකු ඒකාබද්ධ වූ අඩු පොලී සහනදායී ණය ක්‍රියාවලියක් දියත් කිරිමග මෙහිදී සැලසුම් කිරිම් හා තීන්දු ගැනීම් ව්‍යුහයන් තුළ කාන්තා සහභාගිත්වය තහවුරු විය යුතු අතරල ලාභය නැවත ප්‍රජාව තුළටම ආයෝජනය වන ක්‍රමවේදයක් මත පදනම් විය යුතුයග සුළු පරිමාණ නිෂ්පාදකයින්ට හා කාන්තාවන්ට රාජ්‍ය බැංකු හරහා සහනදායී ණය ක්‍රමයක් ගොඩනැගීම.

4. පුද්ගල මුලික ව්‍යවසායත්වය වෙනුවට ප්‍රජා-ව්‍යවසායත්වයථ තනි තනි තැනැත්තන් වෙත ණය ලබාදීම වෙනුවට සාමූහිකයන් නිර්මාණය කරමින් එකී සාමූහික වෙත මුදල් ආයෝජනය කිරීම තුලින් ප්‍රජාවේ සාමූහික ආර්ථික ක්‍රියාකාරිත්වයන් මත පදනම් වූ සැලසුම් සහගත ග්‍රාමීය ආර්ථීක ප්‍රවර්ධන වැඩපිලිවෙලක් නිර්මාණය කිරීම. 5. .පොදු දේ. සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමථ ජනයාගේ ජීවනෝපායන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරිම සදහා අත්‍යවශ්‍ය වන ඉඩම්ල බීජල ජලයල වෙරළතීරයල වනාන්තර වැනි ස්වභාවික සම්පත්වල අයිතිය හා වෙළෙදපොල ප්‍රවේශයන් තහවුරු කිරිමග 6ග විශ්වීය පොදු සේවා මුලික අයිතිවාසිකම් ලෙස තහවුරු කිරීමථ ජනතාවගේ මූලික අයිතිවාසිකම් විය යුතු සෞඛ්‍යල අධ්‍යාපනයල සමාජ ආරක්ෂණය ඇතුළු ආරිථිකල සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස ව්‍යවස්ථාපිත කිරීම හා ඒ සදහා වන රාජ්‍ය ආයෝජනයන් වැඩි කිරිම

7. සමාජ ආරක්ෂණ වැඩසටහන් ස්වාධීන කිරීම සහ යාවත්කාලීන කිරීමථ දිළිදුම ජනකොටස්වල මූලික අවශ්‍යතා සැපිරීම සදහා විය යුතු සමාජ ආරක්ෂණ වැඩසටහන් :සමෘද්ධි වැනි* හා ග්‍රාමිය සංවර්ධන වැඩසටහන් :ග්‍රාම ශක්ති* දේශපාලන බලපෑම්වලින් තොරවල ජනතාවගේ අවශ්‍යතාවයන් සැපිරිය හැකි මට්ටමින් ලබාදීමට කටයුතු කිරිමග එම වැඩසටහන් හරහා දිළිදුකම තුරන් කිරිමට ඇති හැකියාව පිළිබද විධිමත් අධ්‍යයනයක් හා පසු විපරමක් සිදු කිරිම මගින් නිරන්තරයෙන් යාවත්කාලීන කිරිම.




Download Here


Tamil Document
English Document

ක්ෂද්‍රමූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකතුව
57ල පළමු පටුමග මැදවැලිකඩ පාරල රාජගිරිය
දුරකථන - 076 656 8663

077288 8229