තරුණ ජනමාධ්‍යවේදී වැඩමුළුවක් මීගමුවේ දී ................

නව ලිබරල් ධනවාදී ප්‍රවාහයන් තුල අර්බුදයට ලක්වී ඇති මාධ්‍යකරණය තුල සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන් මෙහෙය වීම සඳහා 2017/මාර්තු මස 31 හා අප්‍රියෙල් 01 සහ 02 දිනයන්දිහි මීගමුවේදී තරුණ තරුණියන් උදෙසා වැඩමුළුවක් පැවැත්වුනි.
මෙහිදී ජනසන්නිවේදනය යනු කුමක්ද ?යන්න මුලික සංකල්පයන් පැහැදිලි කර දීම හා රෝයි රොඩ්රිගෝ මහතා සාකච්චා කල අතර මාධ්‍යවේදියාගේ කාර්යය හා සමාජ වගකීම නීතිඥ එස්.ජි .පුංචිහේවා මහතා පැහැදිලි කලේය
ප්‍රයෝගික සිද්ධි අධ්‍යනයක් සඳහා තරුණ තරුණියන් මීගමුව වැල්ල වීදිය ප්‍රදේශයේ ධිවර ජනතාව සමඟ ඔවුන්ගේ ජිවන පසුබිම පිළිබඳව , පාරිසරික බලපෑම් , සමාජීය හා දේශපාලන තත්වයන් පිලිබදව තොරතුරු සොයා ගියෝය.තවද සැන්දෑ භාගයේදී අප්‍රිකානු නිදහස් අරගලයේ නියමුවෙකු වූ ස්ටීව් බිකෝ ගේ දේශපාලනික අරගලය තුල සුදු ජාතික පුවත්පත් වේදියෙකු වූ ඩොනල්ඩ් වුඩ් ගේ මාධ්‍යවේදියෙකුගේ කාර්යය භාරය පෙන්වන Cry Freedom සිනමා පටය නරඹා සාකච්චාවක් තුලින් ජාත්‍යන්තර අත්දැකීම් පිලිබඳ අවබෝධයක් ලබා ගත්තේය.
ප්‍රේමතිලක පෙරුකන්ද මහතා විසින් භාෂා භාවිතයේ වැදගත් කම හා සාහිත්‍යම වටිනාකම පැහැදිලි කළේය.