කඳුකර ජනතාවගේ මහා පෙළගැසීම

2018 May Day-2018/05/06


වතු ජනතාවගේ ඉඩම්, නිවාස, ජීවනෝපාය සහතික කිරීම සඳහා පෙළගැසෙමු !

පසුගිය අවුරුදු 200 ක කාලය පුරා වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස ජීවත් වන අතර අද වනතුරු ඔවුන් ජීවත් වන්නේ බිම් අඟලකට හෝ නිවසකට අයිතිය කිව නොහැකි ජනතාවක් ලෙස ය. තේ වගාව පටන්ගෙන අවුරුදු 150 ක කාලයක් ගත වී ඇතත් තම රුධිරය දහදිය ලෙස වපුරා රට සංවර්ධනය කළත්, මෙම ජනතාවගේ මුලික අයිතිවාසිකම් පවා ලබා නොදී තිබීම පාලකයින්ගේ අසාධාරණ ප‍්‍රතිපත්තිය ලොවට කියා පාන ප‍්‍රධාන කාරණයකි. විශේෂයෙන් ම වතු කර්මාන්තයේ විශාල දායකත්වයක් දරන්නේ වතු කම්කරු කාන්තාවන් විසිනි. නමුත් ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා අවම වශයෙන් සනීපාරක්‍ෂාව හෝ නිවාස අයිතිය පිළිබඳ වැඩපිළිවෙළක් හෝ ප‍්‍රතිපත්තියක් මෙතෙක් බලයට පත් කිසිදු රජයක් ක‍්‍රියාත්මක කර නොමැත.
මෙම වතු කම්කරු ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා වන මෙවර මැයි දින රැුළිය මාතලේ දී පැවැත්වීමට අපගේ මූලිකත්වය ලබා දීම සුවිශේෂ ඓතිහාසික වැදගත් කමක් සහිත ය. බි‍්‍රතාන්‍ය යටත් විජිතකරණය විසින් මුඩු බිම් පනත ඇතුළු දුර්දාන්ත අණ පනත් පනවා ශ‍්‍රී ලංකාවේ හදවත බ`දු වූ මධ්‍යම ක`දුකරයේ සදාහරිත වනාන්තර වනසා කෝපි සහ තේ වගාව ස්ථාපිත කිරීමට එරෙහිව 1848 දී ප‍්‍රථම වරට පොදු ජනතාවගේ කැරැුල්ල බිහි වූයේ මාතලේ පාදක කර ගෙන ය.
ශ‍්‍රි ලංකාවේ වතු කම්කරු ජනතාව ලෙස පදිංචි කර අතරමං කර දැමීම ද මාතලෙන් ආරම්භ වූ අතර ශී‍්‍ර ලංකාවේ ධනපති ක‍්‍රමය මෙන් ම නව කම්කරු පන්ති ව්‍යාපාරයේ ආරම්භය ද එයට සමගාමී ව බිහි විය. මාතලේ මඩොල් කැලේ රලූගස් වතු යායේ දී වතු කම්කරු සටනේ පුරෝගාමියකු වූ බ්‍රෙස්ට්ගර්ඞ්ල් විසින් වතු කම්කරු ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ඇරඹි අරගලය ලංකාවේ නිදහස් සටන සමඟ ඒකාබද්ධ කිරීම ලංකා සමසමාජ පක්‍ෂය ප‍්‍රමුඛ වම විසින් 1930 දශකයේ දී ආරම්භ කළ අතර එහි අඛණ්ඩත්වය අප නියෝජනය කරමින් සිටිමු.
වසර 150 කට අධික කාලයක් තුුළ තමන්ගේ මූලික හිමිකම් පවා නොමැතිව ජීවත් වන ජන කොටසක් බවට වතු කම්කරු ජනතාව පත් ව ඇත. ගෞරවාන්විත ජීවිතයට මූලික පදනම වූ භූමියේ හිමිකම තවමත් ඔවුනට හිමිකර දීමට පාලකයින් අසමත් වී ඇත. එබැවින් වතු කම්කරු ජනතාවගේ ඉඩම් අයිතිය දිනා ගැනීම අද දවසේ මූලික දේශපාලනික අරගලයක් බවට පත් විය යුතු ව ඇත. වතු කම්කරු ජනතාවට තමන්ගේ ඉඩම් අයිතිය තහවුරු කර දීම හා ඒ මත ගොඩනැගෙන තිරසර ජීවනෝපායන් ස`දහා සහය ලබා දීම ම`ගින් එම ජනතාවගේ අයිතීන් පමණක් නොව රටේ සමස්ත ආර්ථික හා පාරිසරික අර්බුදයට ද විසදුම් සොයා ගැනීම සැලසුම් අපි ඉදිරිපත් කර ඇත්තෙමු.
මෙම රටේ මධ්‍යම කඳුකරය ඇතුළු වතුකරය සමස්ත ජාතියේ යහපත වෙනුවෙන් ප‍්‍රශස්ථ ලෙස ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කි‍්‍රයා කිරීමේ වගකීම අප වෙත පැවරී ඇති බව අපගේ විශ්වාස යයි.
වසර 200 කට ආසන්න කාලයක් සොබාදහමට එරෙහිව පවතින මෙම වතු වගා ක‍්‍රමය අද දින පාරිසරික ආර්ථික හා සමාජ ගැටලූ රැුසක් නිර්මාණය කර ගෙන ඇති බව අප තේරුම් ගතිමු. නව ලිබරල්වාදී ධනපති ආර්ථික ක‍්‍රමය කරපින්නා ගත් පාලක පංතිය විසින් දෙවන වරටත් මධ්‍යම කඳුකරයේ ඉඩම්, වතු හා ස්වාභාවික සම්පත් විජාතික හා ජාතික ධනපති පන්තියට කොල්ලකෑම සඳහා විවෘත කර දීමට කි‍්‍රයා කරන බව ඉතා පැහැදිලි ව අද දක්නට ඇත. එම කොල්ලකෑමේ දී රටේ පරිසරයට සහ ස්වාභාවික සම්පත්වලට කෙබ`දු හානියක් වුව ද ඔවුනට කම් නැත. තම ලාභය සඳහා ඕනෑ ම දුරක් යාමට ඔවුන් සූදානම් ය. මෙය සිදු විමට ඉඩ දීම යනු සමස්ත රටේ ම පාරිසරික පද්ධතිය සහ දේශගුණික තත්ත්වයට බලපාන අතර රටෙහි අනෙකුත් කෘෂිකාර්මික පද්ධතියට හානි කර වනු ඇත.
මෙම තත්ත්වය යටතේ හුදුු කම්කරු ඉල්ලීම් හා වෘත්තීය සටන්වලින් ඔබ්බට යා යුතු ව ඇත. විකල්ප වශයෙන් ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මය හා ආර්ථිකයේ හදවත බඳු වූ වතුකරය ඇතුළු මධ්‍යම කඳුකරය සහ එහි ස්වාභාවික සම්පත් ඇතුළු පාරිසරික පද්ධතිය හා ජල පෝෂක ප‍්‍රදේශ පදනම් කරගත් සංවර්ධන ප‍්‍රවේශයක් ම`ගින් ප‍්‍රශස්ථ ලෙස භාවිතා කිරීම මූලික වේ. මෙය සාර්ථක කර ගැනීම සඳහා ව්‍යුහාත්මක වෙනසක සහ ක‍්‍රමවේදයක අවශ්‍යතාවය වටහා ගනිමු. එනම් රාජ්‍ය හෝ පෞද්ගලික පාලනයට විකල්පව ශ‍්‍රමික ප‍්‍රජාව ඇතුළු සියලූ කි‍්‍රයාකාරි පාර්ශවකරුවන්ගේ පාලනයකින් සමන්විත සමුපකාර මූලධර්ම මත පදනම් වූ පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. එම අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට වතු කම්කරු ප‍්‍රජාවේ සුවිශේෂ දායකත්වය පිරිනැමීමට කි‍්‍රයාත්මක වෙමු. ඒ සඳහා රටෙහි සමස්ත ජනතාව සම`ග එක් ව පෙළගැසෙමු.
වතු කම්කරු ප‍්‍රජාවේ නිවාස, අධ්‍යාපන, ආහාර ස්වෛරීත්වය, රැුකියා සුරක්‍ෂිතතාවය, ආර්ථික ප‍්‍රගමනය ඇතුළු සියලූ ජීවන අයිතීන් දිනාගැනීම සඳහා කරනු ලබන සටන් තීව‍්‍රර කරමින් ඉහත සඳහන් තිරසර විසඳුම වෙනුවෙන් සටන් කිරීම අවධාරණය කර සිටිමු.
තවදුරටත් මෙම පීඩනයන් හා නොසලකා හැරීම් ඉදිරි පරම්පරාවක් වෙත ගෙන යාමට නොහැකි ය. වතුකර ජනතාව ද ගෞරවනීය මිනිසුන් ලෙස පිළිගනිමින් සම අයිතිවාසිකම් තහවුරු කර දීමට අප පෙනී සිටිය යුතු ය. මෙවර මැයි දිනයේ දී වතු ජනතාව හා එක් ව අප ඒකරාශී වී සිටින්නේ සාමුහික අරගලයක් සඳහා සියලූදෙනා වෙත ආරාධනා කිරීමට ය. සියලූ කම්කරු ජනතාවටත් ගොවි, ධීවර ඇතුළු තම දහදිය මහපොළොව මත එකතු කරන සියලූ දෙනාටත් ජාති, ආගම් භේදයකින් තොර ව ඔවුන්ගේ ගමනට ශක්තියක් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිමු.

අපගේ ප‍්‍රධාන ඉල්ලීම් වනුයේ,

  1. කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම
  2. ීඛීඡුක්‍රැුන්‍ෑෘඊ සහ ඇල්කඩුව වතුවල සම්පත් විකිණීම නතර කිරීම
  3. නකල්ස් සංරක්ෂිත වනාන්තරය ආශි‍්‍රත වතු ඉඩම් විකිණීම නැවැත්වීම
  4. වතු කම්කරුවන් සඳහා දිනක අවම වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීම
  5. කොල්ල කා ඇති කම්කරු ජනතාවගේ ෑඡුත්‍ල ෑඔත්‍ සහ සේවා අතිකාල දීමනා නැවත ලබා දීම
  6. ප‍්‍රාදේශීය සභා මුදල් වතු සංවර්ධනය සඳහා යෙදවීම සහතික කිරීම
  7. වතු ඉඩම්, ගම්මාන ලෙස නඩත්තු කිරීම සහතික කිරීම
  8. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ වතු ජනතාවගේ අයිතිය තහවුරු කිරීම
  9. තේ වගාව සඳහා වස විස සහිත හානිකර රසායනික යෙදවුම් භාවිතා නොකිරීම
  10. ක`දුකරයේ පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කිරීම
  11. වතු ආශ‍්‍රිත වැඩපොළවල් තුළ සෞඛ්‍ය හා ආරක්‍ෂණ නීති රීති ඇති කිරීම
  12. සෞඛ්‍ය හා අධ්‍යාපන සම්පත් සම ව බෙදා දීම
  13. වතුකරය තුළ ශීඝ‍්‍රයෙන් පැතිරෙන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම
  14. වතු වගාවට පරිසර හිතකාමී, ජනතාවට සෙත සලසන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර ක‍්‍රියාත්මක කිරීම යන්නය.

ජාත්‍යන්තර කම්කරු දිනය විවිධාකාරයෙන් මෙරට හා ලොවපුරා සමරද් දී අප, වතු කම්කරුවන් හට ගෞරවනීය ජීවිතයක් හිමිකර දීම උදෙසා පෙළගැසෙමු !

කඳුුකර ජනතා ඉඩම් අයිතිය සඳහා ව්‍යාපාරය
නො. 200 සී, අප්කොට් පාර,
මස්කෙළිය
0773 884 113, 0711 354 434

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
නො.215/59 ඒ, ඔබේසේකරපුර පාර, මොරගස්මුල්ල, රාජගිරිය
0113 355 981

Our main demands are

  1. Ensure land rights of the estate sector community
  2. Stop the stripping of assets of SLSPC/JEDB and Elkaduwa plantations
  3. Stop the sale of estates near the Knuckles range
  4. Increase the minimum daily wage of an estate sector worker to Rs 1000
  5. Pay the hitherto unpaid EPF/ETF and overtime payments of estate sector workers
  6. Guarantee that funds allocated to local councils are deployed to develop estates
  7. Transform plantation housing lands into a village and administer them in a similar manner
  8. Ensure the rights of the estate sector communities through the new constitution
  9. Not using toxic agro-chemicals in tea plantations
  10. Eradicate malnutrition in the estate sector
  11. Enforce health and safety regulations in factories attached to estates
  12. Equitable distribution of health and educational facilities
  13. Eradicate the drug menace which is spreading in the estates
  14. Enforce an environmental friendly national policy regarding estates that assists all people
  15. Let's unite to secure a dignified life on this international workers day
    May 07, 2018 - Matale

OUR EVENTS

What we do with Our People ?

Free Website Template by FreeHTML5.co

Visura Radio

Voice of Community

Visura Radio

Free Website Template by FreeHTML5.co

Campaign

Fight For The Better World

Campaigns

Free Website Template by FreeHTML5.co

Publication

Sharing Knowdage with Our People

Publication

............Healing The Earth.................