මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරීන්ට හා විරුද්ධ මත දැරීමට ඇති ඉඩකඩ සීමාවීම තුල සිවිල් සමාජය,රජය සමඟ කටයුතු කිරීමේ කොන්දේසි පිලිබඳ මානව හිමිකම් , ප්‍රජාන්ත්‍රවාදී හිමිකම් ක්‍රියාකාරීන්ට හා සංවිධාන විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය

මානව හිමිකම් ,ප්‍රජාතන්ත්‍රවාදී නිදහස,භාෂණයේ නිදහස හා විරුද්ධ මත දිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් හා සංවිධාන වශයෙන් මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ හඬ හා විරෝධය යටපත් කිරීමේ මෑත කාලින උත්සාහයන් පිලිබඳ අපගේ දැඩි අවධානය යොමු කර සිටිමු
2015 පසු ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරනැ ලද ප්‍රහාරයන් පිලිබඳ ප්‍රකාශනයක් ලිකිම හේතුවෙන් නීතිඥ හා ප්‍රකට මානව හිමිකම් ක්‍රයාකරිකයෙකු වන ලක්ෂණ ඩයස් මහතාව නීතිඥ තනතුරෙන් ඉවත් කරනා බවට ජුනි 17 වන දින අධිකරණ හා බුද්ධ සෂණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ තර්ජනය කරන ලදී.මේ සමගම පොදුවේ මානව හිමිකම් පිලිබඳ පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන සියල්ල හෙලා දකිමින් ඔඩු මෙසේ ප්‍රකාශ කරන ලදී."අපේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සංවිධාන විදියට පෙනී සිටින එන්ජිඕ මුදල් වලින් යැපෙන සමහරු මේ රටේ ජනතාව අතර තිබෙන සාමය විනාශ කරලා මේ රට නැවතත් ගිනි ගොඩක් කරන්න හදනවා,එවැනි අය කීප දෙනෙක් ඉන්නවා
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම අදහස නැවත තහවුරු කරමින් ජුනි 22 සිලෝන් ටෝදය් පුවත්පත සමඟ පවතී සම්මුඛ සාකච්චාවේදී පවසා සිටියේ එන්ජිඕ ආධාර මත යැපෙන දෝහීන් මේ රටේ නැවත ගැටුම් ඇවිලීමට උත්සාහ දරන බවයි.තමන්ගේ නවතම වාර්තාවෙන් නීති පද්ධතියේ පවතින බරපතල අඩුපාඩු සම්බන්ධයෙන් මතු කරන ලද විනිශ්චයකරුවන්ගේ හා නීතිවේදීන්ගේ ස්වාධීනත්වය පිලිබඳ එකසත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියඩ රාජ්‍ය නොවන සංවිධාන විසින් මුලාවේ යවා ඇති බව ඔහු මෙහිදී පවසා තිබේ.
යහපාලන රජයේ අධිකරණ අමාත්‍යධුරය දරන ජේෂ්ඨ අමාත්‍යවරයෙක් මානව හිමිකම් ක්‍රියාධරයන් හා මානව හිමිකම් පිලිබඳ කරයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවලට මෙසේ අපවද කරමින් තර්ජනය කිරීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි.මෙය මෙවැනි ආකාරයේ ප්‍රථම සිදුවීම නොවන අතර විශේෂයෙන් ශ්‍රී ලංකා රජයේ විශ්වීය කාලාන්තර අගයිමෙහි (Universal periodic review -UPR) කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යැවෙන තමන්ගේ වාර්තාවේ කෙටුම්පත සම්භන්දයෙන් සාකච්චා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ක්‍රියාධරයන් හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ සිදුකරන සාකච්චා මාලාව ආරම්භයේදී මෙය සිදුවීම උත්ප්රාසජනකය
රජයේ විශ්වීය කාලාන්තර ඇගයීමට සහභාගි වන මෙන් මානව හිමිකම්ක්‍රියාධරයන්ට හා රාජ්‍ය නොවන සංවිධාන වලට විවෘත ආරාධනයක් ලැබී තිබේ. නමුත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගේ මෙම අදහස් රජය පිළිනොගන්නා බවට කිසිඳු ප්‍රක්ෂණයක් සිදු නොවී ඇති මොහොතක සැබෑ ප්‍රතිපත්තිමය සම්බන්ධතාවයක් රජය සමඟ ගොඩනගා ගත හැකිද හා ගොඩනගා ගත යුතුද යන්න පිලිබඳ ගැටළුවක් පන නැගී.
අමාත්‍ය රාජපක්ෂ ගේ මෙම ප්‍රකාශය අපහසු සත්‍ය පවසන්නට පහරදීම සම්භන්ධයෙන් පසිගිය රාජ්‍යයන් සමයෙහි පැවතිප්‍රවනතාවය නැවත ඉස්මතු කරවයි.ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සුජීව සමරනායක එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගත තීරණයත් ,තම නීතිඥ ප්‍රීතිකා සකලසූරිය වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ගත තීරණයක් මෙම තත්වය තවත් ඉස්මතු කරවයි.
ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ පද්ධතියේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ප්‍රීතිකා සකලසූරිය ඕස්ට්‍රේලියානු අධිකරණයක් වෙත i ඉදිරිපාත් කරන ලද සුජීව සමරනායකගේ දිවුරුම් පෙත්සම ඔවුන්ට තම තනතුරු වලින් ඉවත් කිරීම සඳහා හේතු i ඇති බවට වාර්තා වේ. 2017 ජුනි 18 සන්දේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි "මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ කුමන අරමුණකින් යුතුවද සහ කෙසේද? මෙවැනි ක්‍රියා කලින් සිදු වී තිබේද ? සහ මම ක්‍රියා සඳහා රජය නොවන සංවිධාන වලින් කිසියම් "වාසියක්" ඔවුනට ලැබී ඇත්දැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ.
මේවා විවේචනය සඳහා රජය තුලත් ඉන් පිටතත් ඇති අවකාශය අඩුවීමේ භයානක ප්‍රවනතාවය පිළිබද මෙන්ම විරුද්ධ අදහස් පිළිගැනීමට ඇති අකමැත්ත පිළිබද මෑත කාලීන සිද්ධි කිහිපයකි.වැඩ වර්ජන හමුවේ රටේ විනයානුකූලභාවය ඇති කිරීම සඳහා ජනාධිපතිතුමන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ආරාධනා කලේ වාදී කලකට පෙර නොවේ.
ගනකාධිකරම උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ට 2015 එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයේ සිට මේ වන විට අවස්ථා ගණනාවකදී සිසුන්ගේ සාමකාමී විරෝධතා සඳහා පොලිස් ප්‍රහාර එල්ල වී තිබේ. පසුගිය සතියේ සයිටම් විරෝධතාවයේ දී සිසුන්ට එල්ල කරන ලද මිලේජ්ජ ප්‍රහාරය හා ඉන්පසුව සිදුවන අත්අඩංගුවට ගැනීම් යහපාලන රජයේ මර්දනකාරී මුහුණුවරේ මෑත කාලින ම ප්‍රකාශනයයි.2016 දෙසැම්බර් විරෝධතාවයේ යෙදුනු හම්බන්තොට වාරය සේවකයන් මර්ධනය සඳහා නාවික හමුදාව යෙදවීම ,2017 ජනවාරි සාමකාමී විරෝධතාවයක නිරත වූ ලංකා විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අවස්ථා ගණනාවක දීම සේවක අරගල මැඩපැවැත්වීම සඳහා ද ප්‍රචණ්ඩත්වය යෙදවීමට රජය ක්‍රියාකර ඇත.
උතුරු හා නැගෙනගිර ප්‍රදේශවල මානව හිමිකම් ක්‍රියාධරයන් පරීක්ෂණයන්ට,සිමාකිරිම්වලට හා තර්ජනවලට භාජනය වේ මයි 18 මුල්ලිකුලම් හි පවතී ජිවිත අහිමිවූවන් සිහිපත් කිරීමක් වැලැක්වීම හා එහි සංවිධායකයන්ට හා සම්බන්ද වූ ක්‍රියාධරයන්ට එරෙහිව පොලිසිය විසින් දිගින් දිගටම සිදුකරන හිරිහැර පසුගිය රජය සමයේ පවතී අන්තරාදායක ප්‍රවනතාවයන් තවමත් පවතින බව තහවුරු කරවයි.මෑත කාලීනව යෝජනා කරන ලද නව ත්‍රස්තවාදයට මුහුම දීමේ පනත(counter Terrorism Act),යෝජිත ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබද ස්වාධින මණ්ඩල පනත හා මෑත කාලීනව ඉවත් කර ගන්නා ලද අපරාධ විධි විධාන සංග්‍රහයේ ප්‍රතිසංස්කරණයන් මගින් මෙම තත්වය තවත් අනතුරුදායක කරවයි.

ජනාධිපති හා අගමැතිතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ

  • විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රක්ෂණයන් රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලෙස හා මානව හිමිකම් ක්‍රියාධරයන් හා රාජ්‍ය නොවන සංවිධාන සඳහා ඇති පිළිගනිම ප්‍රසිද්ධියේ තහවුරු කරන ලෙසත්
  • රාජ්‍ය ආයතන වල පවතින අඩුපාඩු පිලිබඳ හෙළිකිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන් එරෙහිව පියවර ගැනීම නවතන ලෙසත්,ඒ වෙනුවට ඒ සඳහා ඔවුන්ව දිරිමත් කරමින් ඔවුන් එස්මතු කරන කාරණාසම්භන්ධයෙන් නිසි අවධානය යොමු කරන ලෙසත්,
  • මානව හිමිකම් පිලිබඳ අවධානයත් ,විරුද්ධ ,විරුද්ධ අදහස් හා විවේචනයන් ඉදිරිපත් කිරීමට හිතකර තත්වයක් රජය තුල ,පොදුවේ සමාජය තුලත් ඇති කිරීමට කටයුත් කිරීමත්

එසම වර්තමාන රජය සමඟ ගනුදෙනු කිරීමේ කොන්දේසි තීරණාත්මක ලෙස සිතා බලන ලෙස මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන හා ක්‍රියාධරයන්ගේ අපි ඉල්ලා සිටිමු.ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා සංක්‍රාන්ති යුක්තියවැනි ක්‍රියාවලින්හි දී සිදුකරන ලද ජනතා සහ සිවිල් සමාජ අදහස් විමසීමේ ක්‍රියාවලින්හි ප්‍රතිපල රජය විසින් නොසලකා හැර හෝ එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි අවස්තාවලදී පෙන්වීමට පමණක් යොදාගෙන තිබේ.ඒ අතරම රජයේ ක්‍රියාකාරිත්වයන් හා අක්‍රියත්වයන් හේතුවෙන් රජය විසින් පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ හා නිදහස්ත් දරුණු අවදාමකට් ලක්ව තිබේ.රජය සමඟ ප්‍රතිපත්තිගරුක සම්බන්ධතාවයට තිබෙන ඉඩකට සීමාවෙමින් පවතින වටපිටාවක රජය ප්‍රශ්න කිරීමට හා අභියෝග කිරම අපගේ ප්‍රතිපත්ති තුල අපි බැදී සිටින බවට තවදුරටත් අප ප්‍රකාශ කර සිටිමු.


Public Statement on Shrinking Space for Dissent


Statment on Dissent - Tamil


Statment on Dissent - Sinhala