විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධීව එච්.වී.එ්. ෆුඞ් සමාගමට ලබා දෙයි

සජීව චාමිකර

තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතය තුළ එච්.වී.ඒ. ෆාම් වගා බිම පිහිටා ඇති ආකාරය

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එච්.වී.එ්. ෆුඞ් සමාගම යටතේ කි‍්‍රයාත්මක වන එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස ලබා දී තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔය හා සම්බන්ධ ව ඇති වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියෙන් මෙම ඉඩම් ලබා දීම සිදු කර ඇත. දැනට මේ සමාගම මෙම රක්ෂිත ප‍්‍රදේශ දෙකට හා රාල්මඩුව - අච්චිමලේ පුරා විද්‍යා රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 35 ක් නීති විරෝධීව එළිපෙහෙළි කර පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වගා බිම පවත්වාගෙන යයි. පුත්තලම දිස්ති‍්‍රක්කයේල වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේල අංක 635 රාල්මඩුව ග‍්‍රාම නිලධාරී වසමේ අච්චිමලේ ග‍්‍රාමයේ මෙම නියමු වගා ව්‍යාපෘති භූමිය පිහිටා ඇති අතර ඊට යාබදව පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියෙන් අලූතින් වනාන්තර අක්කර 175 ලබා දී තිබේ.
මෙම වගා ව්‍යාපෘතියට ලබා දී ඇති වනාන්තර ඉඩම් ඉතාම වැදගත් ජල පෝෂක බිම් වේ. අච්චිමලේ වැව හා රාල්මඩු වැව අතර කලා ඔයට පහළින් රාල්මඩු ඔයේ දකුණු ඉවුරු මායිමේ මෙම ඉඩම් පිහිටා තිබේ. මේ නිසාම මෙම ජල මූලාශ‍්‍ර වල ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ලෙස මෙම රක්ෂිත බිම් කි‍්‍රයාත්මක වේ. මීට අමතරව මෙම සමස්ත වනාන්තර පද්ධතිය ම අලි - ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයකි. එපමණක් නොව මිල කළ නොහැකි පුරා විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වටිනාකම් රැුසක් ද මෙම වනාන්තර පද්ධතියේ සැඟව තිබේ. මෙම කරුණු සැලැකිල්ලට ගෙන තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතය නමින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම හා සම්බන්ධ රක්ෂිත ජාලයක් ලෙස මෙම වනාන්තර බිම් වලට නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ.
නීති විරෝධී ලෙස වනාන්තර අක්කර 175 ක් ලබා දීමත් සමඟම නව මුහුණුවරකිත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළ සමාගම සූදානම් වේ. ඇමෙරිකාණු ඩොලර් මිලියන 4 ක ආයෝජනයක් ලෙස ඉදිරියේ දී වගා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වන අතර ”කාබනික ගොවිතැන් නිවාඩු නිකේතනය” (Organic Agriculture Rosort) නමින් කෘෂි සංචාරක ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට සැලැසුම් කර තිබේ. මීට අමතරව යෝජිත වගා බිමේ කාබනික නිෂ්පාදන අපනයනය කිරීමට ද සැලැසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන එච්.වී.එ්. ෆුඞ් පුද්ගලික සමාගම ”හෙළදිව් තේ” (Heladive Tea) නමින් තේ අපනයනය කරන අතර එහි ප‍්‍රධාන කාර්යාලය කඳානල ලින්ටන් පාරල අංක 39/ඒ, දරන ස්ථානයේ පිහිටා තිබේග

හානි කර වගා ව්‍යාපෘතියේ ඉතිහාසය

මෙම සමාගම එළුවන්කුලම ප‍්‍රදේශයේ රජයේ වනාන්තර බිම් පළමුව අත්පත් කර ගෙන වගා කටයුතු ආරම්භ කර ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරවය. මේ ප‍්‍රදේශයේ බොහෝ අවස්ථා වල සිදු වන්නේ අක්කර කිහිපයක රජයේ වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ස්ථාපිත කළ පසුව වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ පිළිබඳ ව දැනගන්නට ලැබී එකී ප‍්‍රදේශ පරීක්ෂා කළ විට වගා කළ පුද්ගලයන් සිදු කරන්නේ එම භූමියේ වගා කටයුතු සිදු කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් කර වාර්ෂික බලපත‍්‍ර ලබා ගැනීම යිග එච්.වී.එ්. ෆුඞ් සමාගම මඟින් ද සිදු කර ඇත්තේ මේ ක‍්‍රියාව ම යග 1997 වසරේ දී පළමු ව අක්කර 4 ක භූමියක් මෙම වගා ව්‍යාපෘතිය සඳහා ලබා දෙන ලෙසට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබේ. ඉන් පසුව නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට අක්කර 8 ක් හා නැවත අක්කර 25 ක භූමියක් ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබේ. එය සැලකිල්ලට ගෙන වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් අක්කර හතරක් සඳහා පමණක් වාර්ෂික බලපත‍්‍ර යටතේ ඉඩම් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේග
එය ප‍්‍රයෝජනයට ගනිමින් මෙම සමාගම අක්කර 35 ක වනාන්තර භූමියක් වරින්වර අනවසරින් එළිපෙහෙළි කර ගස්ලබුල කෙසෙල්ල දොඩම් හා අඹ වගා කර ඇත. වගා කටයුතු සඳහා ස්වාභාවික වනාන්තරය සම්පූර්ණයෙන් ම ඉවත් කර තිබේග වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීම සිදු කරන්නේ ද එම ඉඩම ආසන්නයෙන් ගලා බසිනා රාල්මඩුව ඔයෙනිග මේ අනවසර වගා කටයුතු සඳහා තවත් හෙක්ටයාර 100 ක (අක්කර 250 ක් පමණ* ඉඩම් ප‍්‍රමාණයක් ලබා දෙන ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා 1998 මාර්තු 24 වන දින අදාළ සමාගම විසින් ඉල්ලූම් කර තිබේග එ් අනුව වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් 1990 අංක 12 දරන පළාත් පාරිසරික ප‍්‍රඥප්තිය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන විශේෂ ගැසට් නිවේදනයට අනුව මේ ඉඩම් නිදහස් කිරීම සඳහා පාරිසරික බලපෑම් ඇගැයීම් (තක්සේරු) වාර්තාවක් සකස් කර අනුමැතිය ලබා ගන්නා ලෙසට එච්.වී.ඒ. සමාගමට දැනුම් දී තිබේග එ් අනුව 1999 ජූලි 28 වන දින වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත අනුමැතිය සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇතග මේ වාර්තාවට අනුව ඉල්ලූම් කර ඇති ඉඩම් ප‍්‍රදේශ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයට හා කලා ඔයේ ජලපෝෂක ප‍්‍රදේශයට අයත් වන නිසාල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා නිර්දේශ ලබා දීම ප‍්‍රතික්ෂේප කැරිණිග

වගා බිමෙන් හමු වූ පුරාවස්තු

නීති විරෝධී වගා ව්‍යාපෘතියට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම

එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘති භූමිය අලි ගැවසුම් ප‍්‍රදේශයකිග එ් වටා සම්පූර්ණ ප‍්‍රදේශය ම විල්පත්තුව හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස පවතීග නිරන්තරයෙන් මේ ප‍්‍රදේශයට අලින් පැමිණෙන අතරල අලින් පලවා හැරීමට විශාල පරිශ‍්‍රමයක් දැරීමට ද මේ සමාගමට සිදු වී ඇතග අලින් මේ වගා භූමියට හානි සිදු කර ඇති ආකාරය ද අප ගේ නිරීක්ෂණවලට ලක් ව තිබේග මේ තත්ත්වය සැලැකිල්ලට ගෙන 2003 වසරේ දී පුත්තලම දිස්ති‍්‍රක් ඉඩම් පරිහරණ කමිටුවේ දී මේ පිළිබඳව සාකච්ඡුා කෙරින. එහි දී දිස්ත‍්‍රික් ලේකම්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල වයඹ පළාත් පරිසර අධිකාරියල වාරිමාර්ග දෙපාර්තමේන්තුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රජයේ ආයතනවල නියෝජිතයන් මේ පිළිබඳව 2003ග04ග02 වන දින රැුස්වී සාකච්ඡුා කිරීමෙන් අනතුරු ව එ්කමතික ව තීරණය කර ඇත්තේ පාරිසරික ව හා පුරා විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා මේ ප‍්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා නිදහස් නොකළ යුතු බව ය. ඒ අනුව එච්.වී.ඒ. සමාගමට මෙම භූමියෙන් ඉවත් වන ලෙසට පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දෙන ලදී. එසේ නමුත් මෙම වගා බිම දේශපාලන හා ආර්ථික බලය මත බලහත්කාරයෙන් පවත්වාගෙන යාම සිදු විය. ඊට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම මගින් නඩුකරයක් ගොනු කරන ලදීග ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක SC(SPL)35/2007 දරන නඩුවට අනුව අධිකරණ ක්ෂේත‍්‍රයේ නව පරිච්ෙඡ්දයක් විවර කරමින් හිටපු අග‍්‍රවිනිශ්චකාර සරත් එන් ද සිල්වා මහතා විසින් මේ අනවසර ව්‍යාපෘතිය ඉවත් කිරීම වෙනුවට විකල්ප ඉඩමක් ලබාදෙන ලෙසට නියෝග කැරිණිග එම නියෝගය උපයෝගී කර ගනිමින් එච්.වී.ඒ. ෆාම් සමාගම අද වන විට තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 35 ක් හා 175 ක් වශයෙන් අක්කර 210 ක් වෙන් කර ගෙන තිබේග එහෙත් එම නඩු තීන්දුවේ කිසිදු ස්ථානයක රක්ෂිත වලින් ඉඩම් ලබා දෙන ලෙසට සඳහන් ව නොමැති මුත්ල දේශපාලන මැදිහත්වීම හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගේ තීරණයක් මත මේ ඉඩම් ලබාදීම සිදු කර තිබේග

වගා බිමේ වටිනාකම

එච්.වී.එ්. සමාගම මඟින් දැනට අනවසරයෙන් වගා කර ඇති ඉඩම් කොටසේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා කැණීම් කිරීමේ දී අඩි 02 ක් පමණ උස කිරිගරු`ඩ බුද්ධ ප‍්‍රතිමාවක් හමු වී ඇතග එම බුද්ධ ප‍්‍රතිමාව මේ වන විට අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරයේ තැම්පත් කර තිබේ. මීට අමතර ව මෙම වගා බිමෙන් ශෛලමය ගල් ආසනයක්ල ඇතුළු ව ගල් කණු බොහොමයක් හමුව තිබේග ඒවා සියල්ල ම එච්.වී.එ්. ෆාම් වගා භූමියේ පිහිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට අනාරක්ෂිත ලෙස තබා තිබේග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගොඩනැඟිල්ල පිහිටි ප‍්‍රදේශය ඇතුළත් ව පුරා වස්තු හමු වූ අක්කර 2ග5 ක් පමණ භූමි ප‍්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේග එවන් ප‍්‍රදේශයක් වගා කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් සාධාරණ ද යන්න සිතා බැලිය යුතුයග
මෙම සියලූ තත්ත්වයන් සැලැකිල්ලට ගෙන 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 2(2) වගන්තියට අනුව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරන ගැසට් නිවේදනය මගින් මෙම වනාන්තර පද්ධතියේ හෙක්ටයාර 2193/309 ක කොටසක් ආවරණය වන පරිදි තබ්බෝව අභය භූමිය ප‍්‍රකාශයට පත් කර තිබේ. පසුව 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥ පනතේ 3 වන වගන්තියට අනුව 2013 ඔක්තෝම්බර් මස 28 වන දින අංක 1834/13 දරන ගැසට් නිවේදනය මඟින් වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතය ප‍්‍රකාශයට පත් කරන ලදී. නමුත් 2013 වසර වන තෙක් මෙම රක්ෂිතයට අයත් වනාන්තර හා එ් ආශි‍්‍රත රජයේ අනෙකුත් වනාන්තර බිම් හෙක්ටයාර 30128.9 ක් වන සංරක්ෂණ ආඥ පනතේ 20 වන වගන්තිය යටතේ වීරක්කුලිචෝලෙයි - එළුවන්කුලම් යෝජිත රක්ෂිතය නමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය විය. දැනට එච්.වී.එ්. ෆාම් වගා බිම පවත්වාගෙන යන අක්කර 35 ක භූමිය පළමුව අයත් වූයේ මෙම යෝජිත රක්ෂිතයටය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙම වගා බිම තුළ යෝජිත රක්ෂිතයේ මායිම් කණු ස්ථාපිත කර තිබූ නමුත් අද වන විට එ් සියල්ල සමාගමෙන් ගලවා ඉවත් කර ඇත.

හානි කර වගා ව්‍යාපෘතියේ ව්‍යාජ මුහුණුවර

අපනයනය ඉලක්ක කර ගත් කාබනික කෘෂිකාර්මික ගොවිපලක් ලෙස මෙම වගා බිම පවත්වාගෙන යාමට අදාළ සමාගම සූදානම් වේ. නමුත් කාබනික වගාවන් සහතිකකරණයේ ජාත්‍යන්තරව පිළිගත් (International Federation of Organic Agriculture Movement-IFOAM) මූලධර්ම වලට අනුව වනාන්තරයක් එළිපෙහෙළි කර කාබනික වගා බිම් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් නොමැත. එසේ සකස් කරණ කාබනික වගා බිම් සඳහා කාබනික සහතිකය ලබාගැනීමට ද හැකියාව නොමැත. දැනට කි‍්‍රයාත්මක නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අප සිදු කළ වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ ද එම වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන බවත් මෙහි පළතුරු අපනයනය කිරීම සිදු නොකරන බවත් යග තව ද කාබනික ගොවිතැනේ භාවිතා වන නිවැරදි සටහන් තබාගැනීමේ ක‍්‍රමවේදයක් මෙහි සිදු නොවන බවත් තහවුරු වී ඇතග නමුත් මෙම සමාගම දිගින් දිගට ම රාජ්‍ය ආයතන මුළා කරමින් මේ ව්‍යපෘතිය කාබනික ගොවිතැනේ නාමයෙන් ව්‍යාජ ලෙස පවත්වාගෙන යන බව තහවුරු වී ඇත.
කාබනික වගා බිම් ඇති කිරීම, කාබනික නිෂ්පාදන අපනයනය කිරීම හෝ කාබනික කෘෂිකර්මය පදනම් කර ගත් සංචාරක නිවාඩු නිකේතන පිහිටුවීම පිළිබඳව අපට කිසිදු ගැටළුවක් නොමැත. රටක ආර්ථික දියුණුව ඇති කිරීමට, කාබනික නිෂ්පාදන අපනයන වෙළෙද පොළට ප‍්‍රවිෂ්ඨ වීමට, විදේශ විනිමය රට තුළට ගෙන එ්මට හා කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීමට මෙවන් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට අත්‍යාවශ්‍යය. නමුත් මේ සියල්ලේ නාමයෙන් අප රටේ ඉතාම වැදගත් පරිසර පද්ධති, රක්ෂිත ප‍්‍රදේශ හා ජල පෝෂක බිම් විනාශ කිරීමට සමාගමකට ඉඩ දිය නොහැකිය.
ඉඩම් හා පාරිසරික අනපනත් කිහිපයක් යටතේ ආවරණය වන ව්‍යාපෘතියක් සමාගමක් සතු දේශපාලන බලය හා ආර්ථික බලය උපයෝගී කර ගනිමින් එම අනපනත් උල්ලංඝනය කරමින් කටයුතු කර රටට වැරදි පූර්වාදර්ශ ලබා දීමට හෝ නීතිය හෑල්ලූවට ලක් කිරීමට හෝ නීතිය පිළිබඳ පොදු ජනතාවට අවිශ්වාසයක් ඇති කිරීමට හෝ නීතියේ සමානාත්මතාව බිඳ දැමීමට හෝ ඉඩ දිය නොහැකිය. එපමණක් නොව කාබනික ගොවිතැනේ නාමයෙන් රක්ෂිත ප‍්‍රදේශ විනාශ කිරීමට හෝ ජල පෝෂක වනාන්තර විනාශ කිරීමට හෝ අලි - ඇතුන් ඇතුළු විශාල ජෛව ප‍්‍රජාවකගේ වාසස්ථාන විනාශ කිරීමට හෝ අවස්ථාව ලබා දිය නොහැකිය. ඉන් සිදු වන්නේ මුළු මහත් සමාජයටම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි.
එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතියෙන් නීතිය හෑල්ලූවට ලක් කරමින් රටේ ස්වාභාවික සම්පත් වනසද්දී රටක වගකිවයුතු පුරවැසියන් ලෙස නිහඬව සිටිය නොහැකිය. රජයකට ද මෙවන් දෑ සිදුවෙද්දී නිහඬව සිටිය නොහැකිය. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ”රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්” පරිච්ෙඡ්දයේ 27(14* උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත උදෙසා පරිසරය ආරක්ෂා කර වැඩිදියුණු කර සුරක්ෂිත කිරීමට රජය බැදී සිටී. එපමණක් නොව 28(ඊ* උප ව්‍යවස්ථාවට අනුව රටේ සියලූම පුරවැසියන්ගේ යුතුකම වන්නේ ස්වභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැුක ගැනීමයි. එවන් තත්ත්වයක් තුළ පාරිසරික සම්පත් විනාශ කිරීමට රජයට හෝ පුරවැසියන්ට, සමාගමකට ඉඩදී බලා සිටිය නොහැකිය. මේ නිසා එච්.වී.එ්. ෆාම් සමාගමෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි රක්ෂිත වනාන්තර විනාශ කරමින් සිදු කරන මහ පරිමාණ ගොවිපළට එරෙහිව කටයුතු කිරීම රජයේ හා සියලූ පුරවැසියන්ගේ වගකීමකි.

අනපනත් උල්ලංඝනය කරමින් රක්ෂිත වනාන්තර ඉඩම් සමාගම සතු කර ගැනීම

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 3අ වගන්තියේ 1 හා 2 උප වගන්ති වලට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට ලම්භකව ඕනෑම ලක්ෂයක සිට සැතැපුමක් ඇතුළත සීමාවේ සංචාරක හෝටලයක් ආරම්භ කිරීම හෝ ඊට සමාන පහසුකම් සැපයීම නොකළ යුතු අතර 4 වන උප වගන්තියට අනුව මෙවන් කි‍්‍රයාවක නිරතවන්නෙකු වරදකරුවකු වන බව ස`දහන් වේ. එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය කාබනික ගොවිතැන් නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යාමට සැලැසුම් කර ඇත්තේ මෙම නීති උල්ලංඝනය කරමිනි.
මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතැපුම් එකක සීමාවේ පිහිටි රජයේ හෝ පෞද්ගලික ඉඩමක වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අනුමැතියකින් තොරව කවර ආකාරයක හෝ සංවර්ධන කි‍්‍රයාකාරකමක් සිදු කළ නොහැකිය. එම ලිඛිත අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව අනුමැතිය ලබා ගත යුතුය. එහිදී සකස් කරන වාර්තාව දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා ද දින 60 ක කාලයක් වනජීවී උපදේශක කමිටුවේ අදහස් සඳහා ද විවෘත කර තැබිය යුතුය. එම සියළු තත්ත්වයන් සැලැකිල්ලට ගෙන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරණු ලැබේ. නමුත් එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා මෙවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානයක මායිමේ අනවසර සංවර්ධන කටයුතු වල නිරත වන පුද්ගලයකු අධිකරණයෙන් වැරදිකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ* උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා රුපියල් පනස් දහසකට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු දෙකත් පහත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩ මුදල හා බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම යටත් කළ හැකිය. ඉතාම පැහැදිලිව එච්.වී.එ්. ෆාම් සමාගමේ හිමිකරුවන් මෙම දණ්ඩනයට ලක් කිරීමේ හැකියාව ඇත.
මේ අයුරින් ජාතික වනෝද්‍යානයක මායිමේ සිදු වන සංවර්ධන කි‍්‍රයා පාලනය කර ඇත්තේ එමඟින් වනෝද්‍යානයේ ජෛව ප‍්‍රජාවට ඇති විය හැකි බලපෑම් පාලනය කිරීම සඳහාය. නමුත් එම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ සැතපුමක සීමාව තුළ මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් නිදහස් කිරීමට කටයුතු කිරීම නීති විරෝධී හා ඉතාම හානිකර තත්ත්වයකි. එ් පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු කි‍්‍රයා මාර්ගයක් නොගැනීම පුදුමයට කරුණකි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 2(2) උප වගන්තියට අනුව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරන ගැසට් නිවේදනයට මගින් හෙක්ටයාර 2193.309 ක් වන තබ්බෝව අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති රජයේ ඉඩම් එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා නිදහස් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැත. අභය භූමියකට අයත් යම් ප‍්‍රදේශයක් සංවර්ධන කාර්යයක් සඳහා නිදහස් කළ හැකි වන්නේ පනතේ 2(5) උප වගන්තියට අනුව පාරිසරික බලපෑම් පිළිබඳ විමර්ශනයකින් අනතුරුව ඉඩම් නිදහස් කිරීමට ඇති හැකියාව සලකා බැලීමෙන් අනතුරුවය. ඊට පසුව ගැසට් නිවේදනයකින් එම භූමිය රක්ෂිත භාවයෙන් ඉවත් කර ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීමෙන් පසුව අදාළ ව්‍යාපෘතිය සඳහා බදු පදනම මත ඉඩම් ලබා ගත හැකිය.
විශේෂයෙන් අභය භූමියකට අයත් ඉඩම් නිදහස් කිරීම සඳහා පරිසර බලපෑම් පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතු වන්නේ මෙම ඉඩම් නිදහස් කිරීම සිදු කරණු ලබන්නේ මෙය අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට පැවති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම් මොනයම් හේතුවක් මත හෝ අහෝසි වී පවතින තත්ත්වයක් තුළය. එසේ නොමැතිනම් රටේ පොදු කාර්යයක් සඳහා ඉඩම් ලබා දීමේ අවශ්‍යතාව සලකා බැලිය හැකිය. එසේ නොමැතිව පෞද්ගලික සමාගම් සඳහා වර්තමාන හා අනාගත පරපුර වෙනුවෙන් වෙන් කළ අභය භූමියක ඉඩම් ලබා දීමට කිසිදු හැකියාවක් නොමැත. එහෙත් තබ්බෝව අභය භූමියට අයත් වනාන්තර මෙම සමාගමට නිදහස් කර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරවය. නමුත් මේ පිළිබඳ ව කිසිදු අවබෝධයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැතිවීම කනගාටුවට කරුණකි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 7 වන වගන්තියට අනුව පනතේ 2(2) උප වගන්තිය මගින් අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශයක් තුළ වගා කිරීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් කිරීම ඇතුළු සියලූම මානව කි‍්‍රයාකාරකම් තහනම් වේ. මෙවන් කි‍්‍රයාවකට මහේස්ත‍්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයෙක් පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා රුපියල් පනස් දහසකට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු දෙකත් පහත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩ මුදල හා බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම යටත් කළ හැකිය. වර්තමානය වන විට මෙම සමාගම වගා බිම් පවත්වාගෙන යන්නේ මේ තත්ත්වයන් උල්ලංඝනය කරමිනි. නමුත් ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. මෙම නීතියට අනුව දැනට ලබා දී ඇති වනාන්තර එළිපෙහෙළි කිරීමේ කිසිදු හැකියාවක් මෙම සමාගමට නොමැත. එවන් කි‍්‍රයාවක නිරත වුවහොත් මෙම නීතියට අනුව කටයුතු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇත.
මෙම ව්‍යාපෘතිය වයඹ පලාතේ පුත්තලම දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක වන බැවින් 1990 අංක 12 දරන වයඹ පලාත් පාරිසරික ප‍්‍රඥප්තියට යටත් වේ. මේ ප‍්‍රඥප්තියට අනුව ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 වන දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව ප‍්‍රඥප්තියේ 42 වන වගන්තිය යටතේ දැක්වෙන පරිදි අභය භූමියක් තුළ හෝ වන රක්ෂිතයක් තුළ හෝ එම රක්ෂිත වල මායිමේ සිට මීටර් සියයක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩම් එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. දැනට වසර කිහිපයකට ප‍්‍රථම මෙම නීතියට අනුව ඉතාම අසම්පූර්ණ වාර්තාවක් මත පදනම්ව වයඹ පලාත් පරිසර අධිකාරියෙන් මෙම ව්‍යාපෘතිය ස`දහා අනුමැතිය ලබා ගෙන ඇත. නමුත් එම අනුමැතියේ කිසිදු වලංගුභාවයක් නොමැත. ඊට ප‍්‍රධාන හේතුව මේ වන විට අනුමැතිය ලබා ගත් ව්‍යාපෘතිය වෙනස්කම් බොහොමයකට ලක් කර තිබීමය. මෙයට අමතරව අනපනත් කිහිපයකට අයත් වන ව්‍යාපෘතියකට පලාත් ප‍්‍රඥප්තියක් යටතේ පිහිටුවා ඇති ආයතනයකින් පමණක් අනුමැතිය ලබා ගැනීමට හැකියාවක් නොමැත. වයඹ පලාත් පරිසර අධිකාරිය වැනි ඉතාම ¥ෂිත රාජ්‍ය ආයතනයකින් ලබා දෙන අනුමැතිය පිළිගත හැකි මට්ටමක නොපවතී.
එපමණක් නොව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩම් එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ වන රක්ෂිතයක් තුළ හෝ මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත හෝ 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. එ් අනුව වයඹ පලාත් පාරිසරික ප‍්‍රඥප්තිය පමණක් නොව ජාතික පාරිසරික පනත ද මෙම ව්‍යාපෘතියට අදාළ වේ. එ් අනුව මෙම ව්‍යාපෘතියට වයඹ පලාත් පරිසර අධිකාරියෙන් පමණක් අනුමැතිය ලබා ගැනීම යුක්ති සාධාරණ නොවේ.
1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. ඉතාම වටිනා පුරාවස්තු රැුසක් හමුවී ඇති, පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශයක් තුළ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළ ද පුරා විද්‍යා හානි ඇගයීම් වාර්තාවක් පදනම් කර ගෙන ලබා ගත් අනුමැතියකින් තොරව එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා ඉඩම් නිදහස් කිරීම ඉතාම හානිකර තත්ත්වයකි. මේ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් විය යුතුව ඇත.
2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2013 ඔක්තෝම්බර් මස 28 වන දින අංක 1834/13 දරන ගැසට් නිවේදනය මඟින් වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතයක තහනම් කි‍්‍රයා පනතේ 7 වන වගන්තිය යටතේ දැක් වේ. එ් අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් ස`දහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය. මෙවන් දැඩි නීති රීති යටතේ පාලනය වන සුවිශේෂී වන රක්ෂිතයක ඉඩම් සමාගමකට ලබා දී ඇත්තේ කෙසේ ද යන්න ගැටළුවකි. මෙම නීති රීති වලට අනුව නීති විරෝධීව ලබා දී ඇති මෙම වනාන්තර බිම් මෙම සමාගම මඟින් එළිපෙහෙළි කිරීම සිදු කළ හොත් ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇත. කනගාටුවට කරුණ වන්නේ මෙවන් නීතිමය ආරක්ෂාවක් යටතේ පවතින ඉඩම් මෙම සමාගමට නිදහස් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා දුන්නේ කුමන පදනමක් මත ද යන්නය.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයේ 12 වන ව්‍යවස්ථාවේ නීතිය පසිදලීම, නීති කි‍්‍රයාත්මක කිරීම හා නීතියේ රැුකවරණය සර්ව සාධාරණ විය යුතු බව ස`දහන් වේ. ඒ අනුව අනපනත් ගණනාවක් උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට කිසිදු හැකියාවක් මෙම සමාගමට නොමැත.
මෙවන් අනපනත් ගණනාවකට යටත් වන ව්‍යාපෘතියක් සඳහා රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීමට අනුමැතිය ලබා දීමට හෝ නිර්දේශ කිරීමට කිසිදු අයිතියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වයඹ පලාත් පරිසර අධිකාරියට නැත. රක්ෂිත ප‍්‍රදේශ තුනකට හා අනපනත් හතරක් යටතේ ආවරණය වන ව්‍යාපෘතියකට වනාන්තර ඉඩම් නිදහස් කිරීම සඳහා පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට මෙම සමාගම යොමු කිරීම ම ගැටළුවකි. මෙම ව්‍යාපෘතිය සඳහා අවස්ථා දෙකක දී පරිසර බලපෑම් ඇගයීම් වාර්තා සකස් කර ඇති අතර අවසන් වාර්තාව සඳහා 2011 වසරේ දී වයඹ පලාත් පරිසර අධිකාරියෙන් අනුමැතිය ලබා දී තිබේ. අනපනත් ගණනාවකට යටත් වන ව්‍යාපෘතියකට වයඹ පලාත් පරිසර අධිකාරියට පමණක් තීන්දු තීරණ ගැනීමට අවස්ථාව ලබා දීමට කිසිදු හැකියාවක් නැත. 2011 වසරේ දී ලබා දුන් අනුමැතිය පාදක කර ගෙන 2017 වසරේ දී ඉඩම් නිදහස් කිරීම ද නෛතිකව වලංගු නොවේ. ඊට හේතුව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා ගෙන වසර හයකට වැඩි කාලයක් ගත වී තිබීම නිසා අදාළ වනාන්තර වල නීතිමය ආවරණයන් ශක්තිමත් වීම, රාජ්‍ය ප‍්‍රතිපත්ති හා නීතිමය රාමුව වෙනස් වීම් වලට ලක් වීම සිදු වී තිබීමය. මෙම සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන නැවත මෙම ව්‍යාපෘතිය පිළිබඳව තීරණ ගැනීම සඳහා අදාළ සියලූ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පසු ඇගැයීමක් සිදු විය යුතුය.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන අමතක කිරීම

පසුගිය ජනාධිපතිවරණයේ දී ”මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ”සොබාදහම රැුක ගැනීම” කොටසෙහි වනාන්තර හා වන සතුන් ආරක්ෂා කිරීම සඳහා මෙන්ම වන විනාශයන් වැළැක්වීම සඳහා තරාතිරම නොබලා පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බවටත් රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති භූමි ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව සඳහා කටයුතු කරන බවටත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත නොබියව හා පක්ෂග‍්‍රාහී බවින් තොරව දැඩි ලෙස කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවටත් සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් ඇගයීම අනිවාර්යය කිරීමට කටයුතු කරන බවටත් ජනතාව සම`ග ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙමින් බලයට පත් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමන් අද වන විට කි‍්‍රයා කරන්නේ මේ ප‍්‍රතිපත්ති සියල්ලම උල්ලංඝනය කරමිනි.
එපමණක් නොව වත්මන් රජය බලයට පත් වීමට ප‍්‍රථම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ”මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලියේ” තිරසර සංවර්ධනය කොටසෙහි සඳහන් වන්නේ අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භුමි ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීමට හා එ්වායේ මායිම් වල සුරක්ෂිත බව තහවුරු කිරීමට කටයුතු කරන බවය. මේ කරුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල වගන්ති වලට පමණක් සීමා කිරීමට ඉඩදිය යුතු නැත. වත්මන් රජයේ වගකීම වන්නේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල සඳහන් කරුණු කි‍්‍රයාවේ යෙදවීමය. එසේ නොමැතිව රවී කරුණානායක අමාත්‍යවරයාට හෝ වෙනත් අමාත්‍යවරයකුට අවශ්‍ය පරිදි රක්ෂිත වනාන්තර බිම් සමාගමකට ලබා දීම නොවේ. මෙය ඉතාම හානිකර තත්ත්වයක් වන අතරම රටට වැරදි පූර්වාදර්ශ ලබා දීමකි.
මේ සියල්ල සිදු වෙද්දී ජනාධිපතිතුමන් මුණිවත රැුකීම පුදුමයට කරුණකි. මෙරට වන ආවරණය 32% ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරණ බවට ජනාධිපතිතුමන් නැවත නැවත ප‍්‍රකාශ කළ ද රක්ෂිත ප‍්‍රදේශ වලට අයත් වනාන්තර බිම් විනාශ කිරීමට සමාගම් වලට පවරමින් මෙරට වන වැස්ම වැඩි කරන්නේ කෙසේ ද යන්න අපට නොවැටහේ. දේශපාලන බලය භාවිතා කරමින් දිගින් දිගට ම මෙම සමාගම රක්ෂිත වනාන්තර විනාශ කිරීමට හා වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව කටයුතු කිරීම වෙනුවට එ් සඳහා ආධාර හා අනුබල ලබා දීම කණගාටුවට කරුණකි. මේ කි‍්‍රයාවලිය මැඩපැවැත්වීම සඳහා කටයුතු කිරීමට අදාළ රාජ්‍ය ආයතන කඩිනමින් මැදිහත් වීම අද වන විට අත්‍යාවශ්‍යව ඇත. එපමණක් නොව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන් මෙම මහ පරිමාණ වන විනාශය වහාම නතර කිරීම සඳහා මැදිහත් විය යුතුය. විශේෂයෙන් දේශපාලන හා ව්‍යාපාරික උවමනාවන් මත රටේ ස්වාභාවික සම්පත් විනාශ කිරීමට ඉඩකඩ ලබා දීම වැළැක්වීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ද අද වන විට අත්‍යාවශ්‍යව ඇත.

වගා බිමේ ස්ථාපිත කර තිබූ රක්ෂිතයේ මායිම් කණු (මේ වන විට ඉවත් කර ඇත)

වගා බිමේ පිවිසුම

අද වන විට ඉවත් කර ඇති වගා බිමේ ස්ථාපිත කර තිබූ පුවරු