ගොම්මුන්නා ප‍්‍රශ්නය ජයග‍්‍රහනය කිරීම සඳහා සහයෝගීතා ව්‍යාපාරයක් ගොඩනැගීම



වයඹ පළාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ, රිදීගම හා මාවතගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අයත් අක්කර 2500 ක් පමණ වන ගොම්මුන්නා කන්දේ අක්කර 255 ක භූමියක විලියම් වුඞ්ලී පුද්ගලික සමාගම විසින් පවත්වාගෙන යන මහ පරිමාණ කලූ ගල් කැණීම, පස් කැණීම හා දැවමය ශාක ඉවත් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉකිරිවත්ත හා පරාගොඩ ග‍්‍රාම නිලධාරී වසම් දෙකට අයත් ගම්මාන 12 ක පවුල් 450 ක් පමණ පානීය ජලය හා වාරි ජලය අහිමි වීමෙන් අවතැන්ව සිටී. දැදුරු ඔයේ ආරම්භක ප‍්‍රධාන ජල පෝෂක වනාන්තරය වන ගොම්මුන්නා කන්දෙන් ආරම්භ වන දියදහරාවන් 10 කින් පමණ ජලය ලබා ගෙන මෙම ප‍්‍රදේශයේ කුඹුරු අක්කර 280 ක් පමණ යල හා මහ දෙකන්නයේ වී වගාව සිදු කරන අතර සුළු අපනයන බෝග ලෙස කුරුදු, කරාබුනැටි, ගම්මිරිස්, සාදික්කා, කෝපි, කොකෝවා වගා කෙරේ. මේ සියල්ලම මේ වන විට අතහැර දැමීමට සිදු ව තිබේ. මහ පරිමාණ කලූ ගල් කැණීම, පස් කැණීම හා දැවමය ශාක ඉවත් කිරීම හේතුවෙන් පාංශු ඛාදනය උග‍්‍ර වීම, ජල උල්පත් සිදී යාම හා නායේයෑම් තත්ත්වයන් මේ වන විට උද්ගතව තිබේ.

මේ හේතුවෙන් අවතැන් වූ ජනතාව පසුගිය වසරේ සිට ‘‘ගමට හෙටක් පරිසර සංවිධානය’’ නමින් සංවිධානගත වී ගොම්මුන්නා කන්දේ සිදු කෙරෙන මහ පරිමාණ විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම හා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කිරීම සිදු කර ඇත. නමුත් රජයේ නිලධාරීන්ගේ සහයෝගය හා දේශපාලන මැදිහත්වීම මත මෙම සමාගම නීති විරෝධීව, අඛණ්ඩව මෙම විනාශයන් සිදු කෙරෙමින් පැවතීම හේතුවෙන් ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වයඹ පළාත් ජනතා සංසදය මෙම ජනතාවට සහනයක් ලබා ගැනීම ස`දහා සහයෝගීතා ව්‍යාපාරයක් ගොඩනැගීමට එක් විය. ඒ ස`දහා රිදීගම, මානව හිමිකම් හා ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ දී වයඹ පළාත් සංසදයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡුාවක් පැවැත්වින. එහි දී ගොම්මුන්නා කන්දේ සිදු කෙරෙන මහ පරිමාණ හානි කර ව්‍යාපෘති වලින් අගතියට පත් ජනතාව නියෝජනය කරමින් ‘‘ගමට හෙටක් පරිසර සංවිධානයේ’’ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී විය. එහි දී මෙය පිටුදැකීම සඳහා ඉදිරියේ දී ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබ`ද ව විධිමත් උපායමාර්ගික ක‍්‍රමවේදයක් සකස් කළ අතර ඒ සඳහා වන සහයෝගීතා ව්‍යාපාරයක් සියලූ පාර්ශවකරුවන්ගේ මැදිහත්වීමෙන් කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සැලැසුමක් සකස් කරන ලදී.

මෙම ගැටලූව ජයග‍්‍රහනය කරා ගෙන යාමට පීඩාවට පත්ව සිටින ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම, අධිකරණ කි‍්‍රයාමාර්ග ශක්තිමත් කිරීම, සහයෝගීතා ව්‍යාපාරය ශක්තිමත් කිරීම හා ජාතික මට්ටමින් මෙම ප‍්‍රශ්න මතු කිරීම ස`දහා ජනමාධ්‍ය සංවිධාන ගත කිරීම ඇතුළු කි‍්‍රයාමාර්ග රැුසක් පිළිබ`දව මෙහි දී සාකච්ඡා විය.