ලෝක ආහාර දිනය - 2017

වතුකර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදෙසා වෙනසකට එක්වෙමු !

වතු ආර්ථිකයට මුළු මහත් ජීවිත කැප කොට සිටින වතුකර ජනතාව හා ඔවුන්ගේ පවුල් වසර 150 කට අධික කාලයක් මුළුල්ලේ ලයින් කාමර වල ඌන පහසුකම් යටතේ ජීවිකාව ගෙන යමින් සෞඛ්‍යය, අධ්‍යාපනය හා පෝෂණය වැනි ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා අහිමි ව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් ව සිටිති.

සමහර වතු වෘත්තීය සමිති මේ තත්ත්වය දුටුවත් නොදුටුවා සේ සිටිමින් කම්කරු ජීවිත උකසට ගෙන තම තමන්ගේ දේශපාලනයෙහි දෝලනය වෙනවා හැරෙන්නට අන් යමක් නොකරන බව පෙනේ. මෙම අසාධාරණ තත්ත්වය හමුවේ අප සංවිධානය වතු ජනතාව වෙනුවෙන් හඬ නැංවීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන අතර ඔක්තෝබර් 16 වන දිනට යෙදුණු ලෝක ආහාර දිනය තේමා කර ගෙන වාර්ෂිකව පවත්වන ජනතා තවලම මෙවර වතුකරයේ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් වෙන් කෙරිණ.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ වතු ජනතාවට ගෞරවණීය ජීවිතයක් ගත කිරීම උදෙසා ඉඩමක අයිතිය තහවුරු කර දෙන ලෙස බලයට පත් වන සියලූ ආණ්ඩු වලට ඉල්ලීම් කර ඇත. නමුත් මේ වන තුරු කිසිදු ආණ්ඩුවක් ඒ සඳහා තිරසර ප‍්‍රතිපත්තිමය මැදිහත්වීමක් සිදු කර නොමැත. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) වතුකර ජනතාව හා එක් ව වසර ගණනාවක් මුළුල්ලේ මෙම අයිතීන් දිනා ගැනීම ස`දහා මැදිහත් වෙමින් සිටී. ඒ සඳහා ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගෙන ‘‘වතුකර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදෙසා වෙනසකට එක්වෙමු’’ තේමාව යටතේ බලපෑම් කි‍්‍රයාවලිය සිදු කෙරිණ.

වතුකර ජනතාවගේ ඉඩමක අයිතිය තහවුරු කිරීම, වතුවලට අයත් දේපොළ විකිණිම නතර කිරීම, ලබා නොදුන් ෑඡුත්‍ල ෑඔත්‍ සහ පාරිතෝෂික දීමනා ලබා දීම, අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම, තහනම් කළ ග්ලයිපොසේට් තේ වගාව වෙනුවෙන් යළි යෙදීම වැළැක්වීම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට වතුකර ජනතාවගේ ඉල්ලීම් ඇතුළත් කිරීම, වතු ජනතාවගේ සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපන අයිතිය සුරක්‍ෂිත කිරීම හා වැවිලි ආර්ථිකය සඳහා පරිසර හිතකාමී, ජනතාවාදී ජාතික ප‍්‍රතිපත්තියක් ගොඩනැගීම යන ඉල්ලීම් පදනම් කර ගෙන ඔක්තෝබර් මස 1 වනදා සිට 12 වනදා දක්වා දිස්ති‍්‍රක්ක පහක ප‍්‍රාදේශීය මට්ටමින් බලපෑම් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරිණ. මෙම වැඩසටහනේ ජනතා සමුළුව, පාගමන හා ජනතා සන්දේශය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට භාර දීම ඔක්තෝබර් මස 13 වන දින සිදු විය.

වතුකරයේ ජනතාවගේ හා සිවිල් සංවිධාන නියෝජිතයින් 450 කගේ පමණ සහභාගීත්වයෙන් පැවති ජනතා සමුළුවේ දී වතුකර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදෙසා උද්ඝෝෂණ කි‍්‍රයාවලිය, වතුකර ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ ක‍්‍රියාකාරීත්වයේ දේශපාලනික පදනම සකස් විය යුතු ආකාරය, වතු කාන්තාවන්ගේ කම්කරු ගැටලූ, වතුකරයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා සම්පත් බෙදී යාම, වතු අයිතීන් දිනාගැනීමේ අරගලය ඉදිරිය සකස් විය යුතු ආකාරය, රජයේ වතුවල අර්බුද ජය ගැනීම හා වතුජන අරගලය පොදු අරගලයක් කරා ගෙන යාම යන තේමාවන් ඔස්සේ උපාලි ලෙව්ලියද්ද, ටී. ගනේෂලිංගම්, ලීනස් ජයතිලක, පිලිප් සේවියර්, කලෙයිමගල්, චන්ද්‍රසේකරම්, රාසලිංගම් දේවප‍්‍රියා, ලලිත් අබේසිංහ හා චින්තක රාජපක්ෂ යන මහත්ම මහත්මීන් විසින් අදහස් ඉදිරිපත් කරණ ලදී. සමුළුව අවසානයේ ජනතා උද්ඝෝෂණය හා පාගමන පැවති අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාපතිරණ මහතාට ජනතා සංදේශය භාර දෙන ලදී. එහි දී මෙම ගැටලූ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡුාවක් ඇති කිරීම හා වතුකරයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම ස`දහා නියමු වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් යෝජනා විය.

x බාරණ්ඩාවත්ත, තම ජීවත් වූ ඉඩම් විකිණීමට එරෙහිව සිදු කළ උද්ඝෝෂණය




x නානුඔය, වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අත්පත‍්‍රිකා බෙදීම



x හපුතලේ, වතු සම්පත් විකිණීමට එරෙහි උද්ඝෝෂණය



x හැටන්, කඳුකරයේ ගැටලූ පිළිබඳ ජනාධිපතිතුමා දැනුම්වත් කිරීම සඳහා පෝස්කාඞ් (තැපැල් පත්) වැඩසටහන



x නුවරඑළිය, කඳුකරයට ග්ලයිපොසේට් එපා දැනුම්වත් කිරීම හා අත්පත‍්‍රිකා බෙදීම



x මාතලේ, නිවාස ණය හා නායයෑම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සහ අත්පත‍්‍රිකා බෙදීම



x තලවකැලේ, වැවිලි ආර්ථිකය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබඳ අත්පත‍්‍රිකා බෙදීම හා දැනුම්වත් කිරීම



x අප්කොට්, වතුකර ජනතාවගේ අයිතීන් පිළිබඳව දැනුම්වත් කිරීම හා අත්පත‍්‍රිකා බෙදීම



x ජනතා සමුළුව, පාගමන හා ජනතා සන්දේශය භාර දීම