වතුකර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදෙසා වෙනසකට එක්වෙමු !

ආහාර ස්වෛරීභාවය සඳහා ජනතා තවලම - 2017

දීර්ඝ කාලයක් තිස්සේ වතු කම්කරු ජනතාව ගෞරවණීය ජීවිතයක් උදෙසා තමන්ගේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන ලෙස බලයට පත් වන සියලූ ආණ්ඩු වලට ඉල්ලීම් කර ඇත. නමුත් මේ වන තුරු බලයට පත් වූ කිසිදු ආණ්ඩුවක් ඒ ස`දහා සැබෑ යොමුවක් ලබා දී නොමැත. මේ නිසා ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය (Monlar) වතුකර ජනතාව හා එක් ව වසර ගණනාවක් මුළුල්ලේ මෙම අයිතීන් දිනා ගැනීම ස`දහා හ`ඩ නගමින් සිටී.
සෑම වසරකම ඔක්තෝම්බර් මස 16 වන දිනට යෙදී ඇති ලෝක ආහාර දිනයට සමගාමී ව ඵධභඛ්ඍ ආයතනය මගින් කි‍්‍රයාත්මක කරන ‘‘ආහාර ස්වෛරීභාවය උදෙසා ජනතා තවලම’’ මෙවර වතු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෙන් කර ඇත. ඒ ස`දහා මූලික ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගෙන බලපෑම් කි‍්‍රයාවලිය දියත් කරනු ලැබේ.

ඉඩමක අයිතිය තහවුරු කිරීම

මෙරට තේ වගාව ආරම්භ කර වසර 150 ක් ගත වී ඇත. නමුත් ඒ වෙනුවෙන් ලේ, දහ`ඩිය, ක`දුළු සහ ජීවිත කැප කළ කම්කරුවෝ ස්ථිර නිවසක් නොමැතිව වර්ග අඩි 400 ක ලයින් කාමර තුළ වහලූන් ලෙස ජීවත් වෙති. මෙය අවසන් කළ යුතු ය. නිවසක් ඉදි කර ගැනීමට, පවුලකට අවශ්‍ය ආහාර වගා කර ගැනීමට සහ කිරි හරකෙක් ඇති කිරීමට අවම වශයෙන් පර්චස් 20 ක ඉඩමක් ස්ථීර ඔප්පුවකින් සහිත ව ඔවුන් වෙත ලබා දිය යුතු ය.


වතුවලට අයත් දේපොළ විකිණිම වහා නතර කරනු

මැදරට පිහිටි ශී‍්‍ර ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC)ල ජනතා වතු සංවර්ධන මණ්ඩලය (Monlar) හා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ඉඩම්, ෆැක්ටරි, නිල නිවාස ඇතුළු දේපොළ කොටස් කර කුණු කොල්ලයට විකුණා දමා මෙම ආයතන වසා දැමීමට රජය ක‍්‍රියාත්මක වෙමින් සිටී. සේවකයෝ රැුකියා සහ ජීවත් වීමේ අයිතිිය අහිමි වීමේ තර්ජනයට මුහුණ පා සිටිති. ඔවුන් නොබෝ දිනකින් මහ පාරට වැටී හිඟමනට පත් වීම අනිවාර්ය ය.
තේ වගාව 1972 - 75 වසර වන විට අස්වැන්න අඩු වී, පස නිසරු වී අලාභ තත්ත්වයට ළඟා වෙමින් පැවතුනි. එවිට ‘‘වතු ජන සතු’’ කෙරින. නමුත් තේ වෙළෙඳාම සහ අපනයනය සමාගම් අත තබා ගැනුනි. දුෂිත පාලනය සහ 70 දශකයේ පැවැති ආර්ථික අර්බුදය තුළ මෙම වතු තවදුරටත් විනාශ වූ අතර 1992 - 95 වසර වල දී නැවත පෞද්ගලීකරණය විය. ඉතාමත් දුර්වල, ඵලදාව හීන මැදරට වතු 39 ක් ීඛීඡුක්‍ල න්‍ෑෘඊ ආයතන වෙත ඉතිරි විය. එතැන් සිට පාලකයන් උත්සාහ කළේ කෙසේ හෝ මෙම වතු කුණු කොල්ලයට විකුණා දමා හැකිතාක් සම්පත් කොල්ලකෑමට ය. වත්මන් රජය තවදුරටත් එය වේගවත් කරමින් සිටී. තේ වතු පාලනයේ වැරදි, දුෂණය හා අහිතකර ප‍්‍රතිපත්ති නිසා වතු බොහොමයක් විනාශ වූ නමුත් ඒ ස`දහා අහිංසක කම්කරුවන් වගකිව යුතු නැත.
වර්තමානයේ සිදු වන පරිදි දිගුකාලීන විශාල ආයෝජන මගින් වතු දියුණු කිරීමට මිල දී ගන්නා කිසිවෙකු සූදානම් නැත. ඔවුහු උනන්දු වන්නේ කෙටිකාලීන ආයෝජනයන් වන වතු බංගලා සංචාරක කර්මාන්තයට යොදා ගැනීම, දැව කපා විකිණීම, තේ කර්මාන්තශාලා යකඩ සඳහා විකිණීම, කළුගල් සහ ඛනිජ සම්පත් කැණීම් කර විකිණීම හා ජලය විකිණීම වැනි කාර්යයන් ස`දහා ය. ඉන්පසු වතු කැබලි කර විකිණීම වැනි ව්‍යාපාර පමණක් සිදු විය හැකි ය.

කොල්ල කෑ ETF,EPF සහ පාරිතෝෂික දීමනා ලබා දෙනු

රජය යටතේ පාලනය වන වතුවල වසර 20 කට වැඩි කාලයක් තිස්සේ සේවකයන්්ට ලැබිය යුතු සේවක අර්ථසාධක අරමුදලට (EPF හා සේවක භාරකාර අරමුදලට (ETF අයත් මුදල් සහ පාරිතෝෂික දීමනා නියමිත පරිදි ඔවුන්ට ගෙවා නැත. එම මුදල අවම වශයෙන් කෝටි 83 කට වඩා වැඩි ය. නිවාස ණය සහ වෙනත් භාණ්ඩ ස`දහා වූ ණය මුදල් කම්කරු වේතනයෙන් අඩු කර ගෙන ඇතත් ඒවා අදාළ ආයතන වෙත ලබා දීමට සමහර වතු පාලනාධිකාරිය පියවර ගෙන නොමැත. මේ හේතුවෙන් වතු කම්කරුවන්ට නඩු පැවරූ විට ලක්ෂ ගණනින් දඩ මුදල් ගෙවීමට සිදු වේ. ඇතැම් සේවකයන්් පාරිතෝෂික මෙන්ම ETF හා EPF නොලබාම මිය යති. මළවුන් තේ පඳුරු යට වල දැමීම පමණක් සිදු වේ.

අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම

අද රටෙහි සාමාන්‍ය කම්කරු වැටුප රුපියල් 1500 ත් 2000 ත් අතර වුව ද වතු කම්කරු වැටුප රුපියල් 535 ක් පමණ ය. එයින් පවුලක් නඩත්තු කරන්නේ කෙසේ ද යන්න විශාල ගැටළුවකි. ජීවත් වීමට මුලික ව අවශ්‍ය ආහාර ඇතුළු සියල්ල පිටතින් මිල දී ගැනීමට සිදු වීම නිසා වතු ප‍්‍රජාව අතර මන්දපෝෂණය බහුල වී ලෙඩ රෝග උග‍්‍ර වී ඇත. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී තිබේ. මේ තත්වයන්ට මුහුණ දීම සඳහා අවම වශයෙන් වතු කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කළ යුතු ය.

තේ වගාව සඳහා යැයි පවසමින් ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සිදු නොකරනු

ග්ලයිපොසේට් ඇතුළු වල්නාශක, පළිබෝධනාශක, රසායනික පොහොර ආදිය නිසා ගොවීන් අතර වකුගඩු රෝගය, පිළිකා, සමේ රෝග, ප‍්‍රජනන රෝග, ස්වසන රෝග ඇතුළු හඳුනා නොගත් බොහෝ රෝග හටගන්නා බව අද මුළු රට ම පිළිගනී. තව ද, එම කෘෂි රසායනික ද්‍රව්‍යය නිසා ජලය විසවීම, සෝදාපාළුව, පස නිසරු වීම, සතුන් සහ පැලෑටි වඳ වී යාම ආදී උපද්‍රව රාශියක් ද හට ගෙන ඇත. වතුකරයේ සිට මහරගම පිළිකා රෝහලට බස්රථ මගින් වතු කම්කරුවන් ප‍්‍රවාහනය කිරීම දක්වා මේ තත්ත්වය උත්සන්න වී තිබේ. දැනට තහනම් කර ඇති ග්ලයිපොසේට් වතුකරයට පමණක් නිකුත් කිරීමට සූදානමක් පවතී. ඒ වතු කම්කරුවන්ගේ ජීවිත වලට වටිනාකමක් නොමැති නිසාවෙන් දැයි විමසිය යුතු ය. කුඩා අත් යන්ත‍්‍ර සහ වෙනත් කෘෂිකාර්මික ක‍්‍රම මගින් වල්පැල පාලනය කළ හැකි නමුත් එසේ නොකරන්නේ කම්කරුවන්්ට වැටුප් ගෙවීමට සිදුවන බැවිනි. එම යථාර්තය ස`ගවා වතු කම්කරුවන්ගේ ජීවිත අනතුරට ලක් කරන ග්ලයිපොසේට් භාවිතය නැවත වතුකරයට ලබා දීමට පිඹුරුපත් සැකසෙමින් තිබේ. මෙය සම්පූර්ණයෙන් නතර කළ යුතු අතර අනෙකුත් කෘෂි රසායනික භාවිතය ද නතර කර කාබනික තේ වගාවන්ට යොමු විය යුතු ය.


වැවිලි ආර්ථිකය සඳහා පරිසර හිතකාමී, ජනතාවාදී ජාතික ප‍්‍රතිපත්තියක් ගොඩනගමු

මෙරට වැවිලි (තේ)ආර්ථිකය ගොඩනංවා ඇත්තේ අතිශය සංවේදී වු මධ්‍ය කඳුකර වනාන්තර පද්ධති විනාශ කර ඒක බෝග වගාවක් ලෙස පළමු ව කෝපි, දෙවනුව තේ වගා කිරීම මුල් කර ගෙන ය. ඒ තුළින් පාරිසරික, ආර්ථික හා සාමාජීය ව්‍යසන අප රටට ජනිත කර ඇත.
මේ අනුව තවදුරටත් පවතින වතු වගා ක‍්‍රමය ඉදිරියට ගෙනයා නොහැකි බව පැහැදිලිය. පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් කඩිනමින් අවශ්‍ය වී තිබේ. අප යෝජනා කරන්නේ ඒක බෝග තේ වගාව වෙනුවට පරිසර හිතකර සදෘශ්‍ය වන වගාවන් ඇතුළත් ව ඒකාබද්ධ ගොවිපොළ පද්ධතීන් ලෙස මධ්‍ය ක`දුකරය පරිවර්තනය කිරීමට ය. එය ජල පෝෂක පද්ධතීන් පදනම් කරගෙන සිදු විය යුතු ය. මෙවන් පරිවර්තනයක් සිදු කළ හැක්කේ සේවක සහභාගීත්වය උපරිම වන්නා වූ ද නිෂ්පාදන අයිතිය හා කළමනාකරණය සේවක අයිතියට පවරන ක‍්‍රමවේදයක් තුළිනි.
මේ සඳහා ජනතා සහභාගීත්වයෙන් යුතු ජාතික ප‍්‍රතිපත්තියක් සහ උපායමාර්ගයක් ගොඩනංවා ගැනීමට වහා පියවර ගත යුතු ය .

වැඩසටහන් විස්තරය

දිනය
ඔක්තෝම්බර්
ස්ථානය වැඩසටහන
1 මතලේ ප‍්‍රජා මට්ටමේ වෘත්තීය සමිති නායකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන
6 හැටන් මාධ්‍ය සාකචිඡුාව
8 හපුතලේ
මාතලේ
ජනතා උද්ඝෝෂණය
මාතලේ අත්සන් එකතු කිරීමේ වැඩසටහන හා චිත‍්‍ර තරගය (දින 4 ක්)
9 නාවලපිටිය
අප්කොට්
නාවලපිටිය - බාරණ්ඩාවත්ත උපවාසය (දින 2 ක්)
අත් පති‍්‍රකා බෙදීම
10 නාවලපිටිය
මාතලේ
හැටන්
බාරණ්ඩාවත්ත උපවාසය
අත්සන් එකතු කිරීමේ හා දැනුම්වත් කිරීමේ වැඩසටහන
පොස්ටර් හා අත් පති‍්‍රකා බෙදීම
11 නුවර-ගලහ
මස්කෙළිය
මාතලේ
ජනතා උද්ඝෝෂණය
පෝස්කාඞ් වැඩසටහන හා අත්පති‍්‍රකා බෙදීම
අත්සන් එකතු කිරීමේ හා දැනුම්වත් කිරීමේ වැඩසටහන
12 හැටන්
නුවර-ගලහ
හැටන් වෘත්තීය සමිති නායකයන් හා සිවිල් කණ්ඩායම් දැනුම්වත් කිරීමේ වැඩසටහන
සියළුම වතු වල අත් පති‍්‍රකා බෙදීම
13 කොළඹ මහජන සමුළුව, පාගමන හා සංදේශය භාර දීම












වතුකර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදෙසා වෙනසකට එක්වෙමු !


ඉදිරි පිටුව


පසු පිටුව