ගොවීන්ට සින්නක්කර ඔප්පු ලබා දීම ලොතරැයියක්ද? ව්‍යසනයක් ද?

ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය





පරම්පරා ගණනාවක් වතුකරයේ ඉඩම් අයිතිය ඉල්ලන ජනතාවට ඉඩම් දෙන්න ලෑස්ති නැති ආණ්ඩු ,උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු ඔවුන්ගේම ඉඩම් නැවත ඔවුන්ට දීමට උනන්දුවක් නැති රජයන් මේ මොහොතේ ගොවීන්ට තකහනියේ සින්නක්කර ඔප්පු ප්‍රදානයට සුදානම් වෙනවා . ඔවුන් ඔප්පු ලබා දීමට යන්නේ අවුරුදු 10 කට වඩා රජයේ ඉඩම් වල ජිවත් වන අක්කර 5 කට වඩා කුඩා ඉඩමක් හිමි ජනතාවටයි.ඔවුන් ගේ උත්සාහය වන්නේ මෙතරම් කාලයක් බලපත්‍ර හෝ දීමනා හිමිකම් පත් හිමිව තිබු ජනාතවට සින්නකර ඉඩම් ලබා දීමයි. අගමැති තුමා කියන්නේ ඉඩම් ඔප්පු ගොවින් ට දීමට විරුද්ධ වන අයට විරුද්ධව ජනතාව පෙළ ගස්සන බවයි.

ඇත්තටම අපි විරුද්ධ වන්නේ ඔවුන් ඉතා සුක්ෂම ලෙස ගොවීන්ගේ ඉඩම් මංකොල්ලය ට නීති අණපනත් වෙනස් කරමින් ඔවුන් ගෙන යන ක්‍රියා මර්ගයටයි.නමුත් මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ දිගින් දිගටම වන ජාත්‍යන්තර ගිවිසුම් හා ආයතන්හි මඟ පෙන්වීම යටතේය.1996 දී ලෝක බැංකුව ඉදිරිපත් වූ වැවිලි නොවන බෝග සඳහා ප්‍රතිපත්ති විකල්පය අනුව ඒ මොහොතේ ගොවි පවුල් ලක්ෂ 17 කට පවතින ඉඩම් වාණිජ කෘෂිකර්මාන්තය ට දායක නොවන බවත් වී ගොවිතැන පාඩු ලබන බවත් ඔවුන් හට ජලය පහසුකම් නොමිලේ ලබා දීම හේතුවෙන් ඵලදායී නොවන බවයි.ඔවුන් දිගින් දිගටම යෝජනා කරන්නේ ගොවීන්ගේ පරිවර්තනයක් අවශ්‍ය බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) 2001 දීත් නැවත 2016 ජුනි මස ඩොලර් බිලියන 1.5 ක ණය මුදල ලබා දීමේදීත් ප්‍රධාන කොන්දේසි 6 ක් මත සිටිමින් රාජ්‍ය ව්‍යුහයන් ප්‍රතිව්‍යුහ ගත කරන ලෙස දන්වා සිටිනවා . ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණක් නොව ලෝක බැංකුවත් මෙලෙසම සියලු ක්ෂේත්‍ර වල නීති වෙනස් කිරීමට ගිවිසුම් සකසමින් සිටිනවා.චීනය ඉතා දරුණු ලෙස මේ මොහොතේ සේද මාවත ව්‍යාපෘතිය හරහා ඉඩම් අත්පත් කර ගනිමින් සිටිනවා . අප්‍රේල් පාස්කු ප්‍රහාරය සමඟ ම ඇමරිකාව MCC (Millennium challenge Corporation ) ගිවිසුම අත්සන් කරමින් වසර 5 ක් සඳහා ඩොලර් මිලියන 480 ක් ලබා දුන්නා. ඊට සමගාමිව රජය විසින් මේ වන විටත් රජයේ විශේෂ ඉඩම් විධිවිධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරි පත් කර තිබෙනවා .මේ MCC සිවිසුම් නිසා අප්‍රිකාව පුරා ජනතාව ඔවුන්ගේ ඉඩම් වලින් පන්නා දමා වාණිජ කෘෂිකර්මාන්තය සඳහා විශාල සමාගම් වලට ලබා දෙමින් සිටිනවා. මේ ලෙසම ඉඩම් හිමියන්ට ඉඩම් හිමිකම් පත් ලබා දීමේ මුවාවෙන් ඔවුන් මෙසේ සුලු ගොවි නිෂ්පාදකයන් ඔවුන්ගේ ඉඩම් වලින් පාන්නා දමමින් සිටිනවා.

මෙම ගිවිසුම් හරහා ඔවුන් ගේ අරමුණු වී ඇත්තේ විදේශීය අයෝජන සඳහා වන බාධාවන් ඉවත් කිරීමය. ඉඩම් වෙලඳ පොළ තව දුරටත් නිදහසේ හැසිරීමට ඉඩ දීමය.රැකියා සපයන මාධ්‍යක් ලෙස භුමියේ ශාකල්‍යතාවය වර්ධනය කිරීම .කෘෂිකාර්මික ඉඩම් කුඩා කැබලි ලෙස පැවතීමේ අවාසිය ඉවත් කිරීම. මහා පරිමාණ කෘෂිකාර්මික අයෝජන සඳහා දීර්ඝ කාලින බඩු පදනම මත විදේශිකයන්ට ,විදේශීය ආයෝජන සමාගම් වලට යටිතල පහසුකම් සැපයීම , ලාභ ශ්‍රමය ලබා ගැනීමට අවකාශ සැලසීමයි. මේ අකාරයෙන් ගිවිසුම් හි කරුණු මුදුන්පත් කර ගැනීමට මේ වන විට විශාල අණ පනත් ප්‍රමාණයක් සංශෝධනය කරමින් සිටිනවා.එමෙන්ම රජය මේ වන විටත් 2018 ඔක්තෝබර් මාසයේ ඉඩම් බැංකු පනත කෙටුම්පත ඉදිරිපත් කරමින් ඉඩම් පැවරීමේදී හා ලබා දීමේ සියලු බදා ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටිනවා .

සින්නකර ඔප්පු ලබා දීමෙන් පමණක් ග්‍රාමීය ජනතාව ආර්ථිකව ගොඩ නැගිය හැකිද ? මේ උත්සාහ දරන්නේ දැනට ඔවුන් සතු එකම වත්කම වන ඉඩම ද ඔවුන්ගෙන් උදුරා ගැනීමයි. ඔවුන්ගේ ඉඩම උදුරා ගැනීමෙන් පසු තවදුරටත් ආර්ථිකය පවත්වා ගැනීමට නොහැකි ඔවුන් ඉතා අඩු වැටුප් ලබනා අනියම් සේවකන් ලෙස ඔවුන්ගේමේ ඉඩම් වල සේකාවන් බවට පත් වීම හෝ ඉදිවෙමින් පවතින මහ නගර වලට සංක්‍රමණ වෙමින් ඉතා අඩු පහසුකම් යටතේ වහල් කම්කරුවන් බවට පත්වීමයි.

ඉතින් තවදුරටත් අප නිදා සිටිමුද? ඔවුන් ගේ නින්දාසහගත කුමන්ත්‍රණය පැරදවිය යුතු වන්නෙමු .පහළ මාලයේ සියල්ලන් සටන් මඟ තෝරා ගත යුතු වන්නෙමු.