ගොවිතැනට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් මිස සහනාධාර නොවේ.

විමුක්ති ද සිල්වා

ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය





ජනාධිපතිවරණ උණුසුමත් සමගම ගොවීන්ගේ ප්‍රධාන උත්සාහයක් ලෙස ඔක්තෝබර් 26 වෙනිදා මහවැලි කේන්ද්‍රයේදී ජනාධිපතිවරණය මුහුණදෙන අපේක්ෂකයන් හා ගොවින්ව සෘජුව මුණගැසෙන පරිදි ගොවි ජන සංවාදය ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මුලික මැදිහත් වීමෙන් සංවිධානය කර තිබුණි.

නමුත් පොදු ජන පෙරමුණේ ගොවීන්ට ලැබුණු ප්‍රතිචාරය වුයේ දැනටමත් ඔවුන් ලංකාවේ කෘෂිකර්මය පිලිබඳ ප්‍රතිපත්ති සකස් කර අවසාන බවයි.එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණද පවසා සිටියේ මේ මොහොතේ ඔවුන්ට මේ හා සම්බන්ද වීමට නොහැකි බවයි.නමුත් ජාතික ජන බලවේගය ,ජාතික ජනතා ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන ගොවීන්ගේ සංවාදය සඳහා සහභාගී විය.

ගොවීන්ගේ මැදිහත් වීමේදී ඔවුන් දිගින් දිගටම පවසා සිටියේ කෘෂිකර්මාන්තය දුප්පත්කම නැතිකිරීමට උපයෝගී වෙනවාද යන්න තවමත් ගැටළුවක් බවයි.වාර්ෂිකව ඩොලර් මිලියන 1.8 ක් තවමත් ආහාර ආනයන කරන බවයි.නමුත් කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීමට තවමත් ඔවුන් ඉදිරිපත් කරමින් සිටින්නේ සුළු ගොවීන්ට ,ධීවරයන්ට හෝ ආහාර නිෂ්පාදකයන්ට කිසිදු ලෙසකින් නොගැලපෙන ප්‍රතිපත්තින් බවය .මෙම ප්‍රතිපත්ති මගින් දිගින් දිගටම සුළු පරිමාන ආහාර නිෂ්පාදකයන් බැහැර කර ඇති බව ඔවුන්ගේ අදහස විය.

එමෙන්ම ගොවි කාන්තාවන් ගේ අයිතිවාසිකම් පිළිබඳව කිසිම රජයක් කිසිදු මොහොතක සැලකිල්ලක් නොමැති බව මෙයට සම්බන්ද ගොවි කාන්තාවන් තරයේ කියා සිටි අතර නමුත් පවතින ගොවිතැන තුල ඉතා විශාල ශ්‍රම දායකත්වයක් ලබා දෙන අතර තවදුරටත් ඔවුන් එසේ වීමට එරෙහිව සංවිධානය වන බව ඔවුන් ප්‍රකශ කර සිටියේය.

පැමිණි සිටි පක්ෂ නියෝජිතයන් හා අපේක්ෂකයන් ඔවුන්ගේ කෘෂිකර්මය පිළිබඳව පවතින ප්‍රතිපත්තීන් ඉදිරිපත් කල අතර ගොනියන් හා ගෙවිලියන් විසින් මොවුන් හට ඔවුන් විසින් සකසන ලද යෝජනා වලිය භාර දුන්නේය.

ගොවීන්ගේ ප්‍රධාන අදහස වූයේ 71 වසරක් පුරා ගොවියා ට සහනාධාර වලට එහා ගිය ජාතික කෘෂිකර්මාන්තය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.



කෘෂිකර්මාන්තයේ හා ගොවියාගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන යෝජනා



ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

යෝජනා

1. සුලූ ගොවියා ලංකාවේ කෘෂිකර්මාන්තයේ මූලික ඒකකය ලෙස පිළිගැනීම.

2. ආහාර ස්වෛරීත්වය පිළිගැනීම. 3. සාම්ප‍්‍රදායික කාර්මික කෘෂිකර්මාන්ත

යේ සිට තිරසාර සොබාදහම් ගොවිතැනට සංක‍්‍රමණය වීම.

4. කෘෂිකර්මාන්තය බහුකාර්ය බහුවිධ කි‍්‍රයාවලියකි. එබැවින් සාකල්‍ය ඒකාබද්ධ සංවර්ධන ප‍්‍රවේශයක් හා ඒ සඳහා වන ආයතනික පසුබිමක් ආණ්ඩුකරණය තුළ අත්‍යවශ්‍යය. එහි දී ප‍්‍රතිපත්ති හා උපායමාර්ග ඒකාබද්ධ කරනු පිණිස පස, ශාක, පශු, වන, ජල කළමණාකරණය සහ කෘෂි-ජෛව පද්ධති කළමණාකරණය සම්බන්ධයෙන් වන අදාළ සියලූ ආයතන (උදා- කෘෂිකර්මාන්තය, වතු, පශු සම්පත්, අපනයන කෘෂිකර්ම, කෘෂි සේවා හා වනාන්තර* තනි අමාත්‍යාංශයක් යටතට පත් කළ යුතු ය. එක් එක් සුවිශේෂී විෂය සම්බන්ධයෙන් වන කාර්යයන් ක‍්‍රියාත්මක කරනු පිණිස නියෝජ්‍ය අමාත්‍යවරු පත් කළ හැකි ය.

5. තේ පදනම් කර ගත් කෘෂිකාර්මික ක‍්‍රමවේදය, රබර් පදනම් කර ගත් කෘෂිකාර්මික ක‍්‍රමවේදය, පොල් පදනම් කර ගත් කෘෂිකාර්මික ක‍්‍රමවේදය යනා දී ලෙස වතු කෘෂිකර්මාන්තය ප‍්‍රධාන කෘෂිකාර්මික අංශයට බද්ධ කළ යුතු ය.

6. ඒකාබද්ධ වගා ක‍්‍රමයේ මූලික ඒකකය ලෙස ක්‍ෂුද්‍ර ජලාපවාහනය පිලිගත යුතු ය. ප‍්‍රධාන හා උප වාරිමාර්ග හා ගංගා ද්‍රෝණි මීට අනුබද්ධ කළ යුතු ය. භූගෝලීය ප‍්‍රදේශ හෝ කෘෂිකාර්මික කළමනාකරණ හා පරිපාලන ඒකක ඉහත කී කෘෂිකර්මාන්තයේ විiාත්මක මූලධර්ම, වාරි ජලය හා භූගෝලීය විවිධත්වය පදනම් කර ගත යුතු ය (වර්තමාන පරිපාලන ඒකක පදනම් ව ඇත්තේ සංවර්ධන අරමුණු මත පදනම් ව නොව යටත්විජිත පාලකයන් විසින් බදු එකතු කිරීම සඳහා නිර්ණය කරන ලද සීමා මායිම් මත ය).

7. ගොවි සංවිධාන, ගොවි සමූපකාර, ගොවි සමාගම්, වතු කම්කරු සමාගම්, කෘෂි සේවා සමාගම්, අගය එකතු කිරීමේ කෘෂි සමාගම් හා අලෙවිකරණ සමාගම් යනා දී වශයෙන් ගොවීන්, ගොවිපල සේවකයින්, වතු කම්කරුවන් යනා දී පිරිස් සංවිධානය කළ යුතු ය. ගොවි ප‍්‍රජාවන්, බාහිර පාර්ශවයන්ට ගොදුරු වීමේ අනතුර සහිත තනි තනි ව්‍යවසායකයන් ලෙස නොව නෛතිකව පිළිගත් ආයතන ලෙස හඳුනාගෙන සංවර්ධනය කළ යුතු ය. කෘෂිකාර්මික (සහ ආහාර වටිනාකම්* දාමයේ සෑම පියවරක් හා අදියරක් ම භාර ගැනීම සඳහා මෙම ආයතන ශක්තිමත් කළ යුතු ය.

ඒ සඳහා,

1. ජලය, බීජ හා භූමිය පොදු භාවිත අයිතියක් බවට පත් කිරීම ජලය, බීජ හා භූමිය යන පොදු පාරිසරික අංග අණ පනත් මගින් අධිකාරී බලයකට යටත් නොකර ඒවාට නිශේධනීය කළ නොහැකි ලෙස ප‍්‍රවිශ්ඨවීමේ පොදු අයිතිය සුළු පරිමාණ නිෂ්පාදකයන්ට තිබියයුතු ය. ඒ තුළින් බලපෑමකින් තොරව නිෂ්පාදන ක‍්‍රියාවලියේ යෙදීමට ඇති අයිතිය තහවුරු කළ හැකි ය.

දැනට බහු ජාතික සමාගම් සහ මූල්‍ය ආයතන විසින් කුඩා පරිමාණ ගොවීන් පාලනය කරනු ලබන අතර එය වැළැක්වීමේ මූලික ම පියවර වන්නේ ජනතාවගේ බීජ අයිතිය තහවුරු කිරීම යි. ඒ සඳහා තමන්ගේ බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, වැඩි දියුණුව, සංරක්ෂණය හා හුවමාරුව සඳහා ගොවීන්ට ඇති අයිතිය සුරක්‍ෂිත කළ යුතු ය. බීජ හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ අනෙකුත් පර්යේෂණ ආයතන පුද්ගලික අංශයේ බලාධිකාරයට නතු නොකොට රාජ්‍ය විසින් එකී පර්යේෂණ කටයුතු සිදු කිරීම සහ ගොවීන්ගේ සහභාගීත්වය සහිත බීජ බැංකු පවත්වාගෙන යාම ඊට තීරණාත්මක ව වැදගත් වේ.

2. තීන්දුගැනීමේ අයිතිය සුළු පරිමාණ නිෂ්පාදකයින් වෙත ලබා දීම

කෘෂිකර්මාන්තය, සත්ව ගොවිතැන, ධීවර කර්මාන්තය ඇතුළු සුළු පරිමාණ ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියේ නිරත වන ජනතාව ට ඒ පිළිබඳ ප‍්‍රතිපත්තිමය මට්ටමේ සිට කි‍්‍රයාත්මක මට්ට්ම දක්වා වන සියලූ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලබා දීම රටේ ආහාර ස්වෛරීභාවය ඇති කිරීම ස`දහා අත්‍යවශ්‍ය වේ.

3. කාන්තා ගොවීන් පිලිබඳ සුවිශේෂී අවධානයක් යොමු කිරීම

යැපුම් හා කාර්මික කෘෂිකර්මාන්තය සහ වතු ආර්ථිකය සඳහා කාන්තා ගොවීන් හා කම්කරුවන් විශාල කාර්ය භාරයක් ඉටු කරයි. කෘෂිකර්මාන්තයේ ඔවුන්ගේ කාර්ය භාරය, ප‍්‍රාදේශීය ආර්ථික සංවර්ධනයේ දී හා ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ ආහාර ස්වෛරීභාවය සහතික කිරීම සඳහා පමණක් නොව ජාතික ආර්ථික සංවර්ධනය සඳහා ද තීරණාත්මක ය. එබැවින් කාන්තාව කෘෂිකාර්මික අංශයේ සමාන හවුල්කරුවෙකු ලෙස හඳුනාගත යුතු අතර කාන්තා ගොවීන් හා කම්කරුවන් මුහුණ දෙන විශේෂිත ගැටළු විසඳීම අත්‍යාවශ්‍ය ය.

4. පරිසරයේ තුළිත පැවැත්ම තහවුරු කිරීම

සියලූ ම පාරිසරික අංගවල තුළිත පැවැත්ම මත කෘෂිකර්මාන්තය රඳා පවතින අතර කෘෂිකර්මාන්තයේ ක‍්‍රියාකාරීත්වය සියලූ ම පාරිසරික අංගවල පැවැත්ම කෙරෙහි ද බලපෑම් ඇති කරයි. කෘෂිකර්මාන්තයේ තුළිත පැවැත්මට සියලූ ම ජෛව ප‍්‍රජාවගේ තුළිත පැවැත්ම, ජල පෝෂක පරිසර පද්ධතිවල පැවැත්ම, වායුගෝලයේ තුළිත පැවැත්ම, කාලගුණික හා දේශගුණික තත්වයන්ගේ ඍතුමය ස්වභාවය, භූ විෂමතාව යන සියලූ සාධක අත්‍යවශ්‍ය වේ. මේ සඳහා සාම්ප‍්‍රදායික කාර්මික කෘෂිකර්මන්තයෙන් බැහැර ව ජෛව කේන්ද්‍රීය කෘෂිකර්මාන්තයක් වෙත විතැන් වීම තීරණාත්මක ය.

5. වර්තමාන රජය විසින් සර්වව්‍යාපී කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය තුළ උපායමාර්ගයක් ලෙස යෝජනා කරනු ලැබ ඇති බහු ජාතික සමාගම් හා දේශීය සීමාසහිත සමාගම් බැහැර කළ යුතු ය. ඒ වෙනුවට සුලූ ගොවි සහෝදරත්වය මත නිර්මාණය වූ ආර්ථික ආයතන පද්ධතියක් මත පදනම් වූ කෘෂි ව්‍යාපාරයක් වර්ධනය කළ යුතු ය.

6. ගොවීන්ගේ අධිකාරී සහභාගිත්වය සහිත නව කාෂිකාර්මික කළමනාකරණ හා පරිපාලන ආණ්ඩුකරණ ව්‍යුහයක් නිර්මාණය කළ යුතු ය.

ගත යුතු කි‍්‍රයාමාර්ග

x ජලය, බීජ හා භූමිය පොදු භාවිත අයිතියක් බවට පත්කිරීම

01. පාරිසරික කෘෂිකර්මාන්තය ප‍්‍රමුඛ කළ යුතුය.

02. ශ‍්‍රී ලංකාවේ සියලූ ජල මූලාශ‍්‍රවල භාවිත අයිතිය සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින් ට පමණක් ලබාදිය යුතු ය.

03. ජල මූලාශ‍්‍ර වාණිජ පරමාර්ථ මත අවභාවිතය වැළැක්විය යුතු ය.

04. සියලූම ජල මූලාශ‍්‍ර වලට අපද්‍රව්‍ය එක් කිරීම හා අපද්‍රව්‍ය එක්වීමට සැලැස්වීම සම්පූර්ණයෙන් නතර කළ යුතු ය. නිශ්චිත අවසානාත්මක අභිමතාර්තයන්, ඒ සඳහා වන කාල රාමුව, ඇගයිය හැකි දර්ශක හා මිනුම්දඬු සහිත අන්තරායදායක කෘෂි රසායන අවම කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ යුතු ය.

05. දේශීය බීජ ගොවීන්ගේ අභිමතය පරිදි භාවිත කිරීමට අවස්ථාව ලබාදිය යුතු ය.

06. ශ‍්‍රී ලංකාවේ භූමිය දීර්ඝ කාලීන බදු පදනම මත ඕනෑ ම ආකාරයක කොටස් හිමිකාරීත්වයක් දරන විදේශ සමාගම්වලට ලබා දීම නතර කළ යුතු ය.

07. දැනට පවතින හා යෝජිත කෘෂිකාර්මික බිම් කෘෂිකාර්මික නොවන වෙනත් භාවිතාවන් සඳහා ලබාදීම සම්පූර්ණයෙන් ම නතර කළයුතු අතර සියලූම කෘෂිකාර්මික බිම් වර්තමාන හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් සුරක්‍ෂිත කර අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු ය.

x තීන්දු ගැනීමේ අයිතිය සුළු පරිමාණ නිෂ්පාදකයින් වෙත ලබා දීම

08. කෘෂි නිෂ්පාදක සහයෝගීතා සංවිධාන වැඩි දියුණු කිරීම ඔස්සේ සුලූ ගොවීන් සවිබලගැන්වීම කළ යුතු ය.

09. වාර්ෂික ව රටේ අවශ්‍යතාවන් හා අපනයන ඉල්ලූම් මත පදනම් ව වගා කරන බෝග ප‍්‍රභේදවල විවිධත්වය හා ප‍්‍රමාණය හ`දුනාගෙන ඒ මත ගොවීන්ගේ සහභාගීත්වයෙන් නිෂ්පාදන ක‍්‍රියාවලිය ගොඩනංවන ව්‍යුහයක් ඇති කළ යුතු ය.

10. මිල තීරණය කිරීම හා ආහාර භෝග ආනයනය කිරීම පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සුළු පරිමාණ ආහාරනිෂ්පාදකයින් ට ලබාදියයුතු ය.

x කාන්තා ගොවීන් පිලිබඳ සුවිශේෂී අවධානයක් යොමු කිරීම

11. කාන්තාවන් වෙනස් කොට සැලකෙන ඉඩම් නීති වෙනස් කළ යුතු ය.

12. කෘෂිකාර්මික සහනාධාර සහ රක්ෂණ යෝජනා ක‍්‍රම වෙත ප‍්‍රවේශ වීමේ දුෂ්කරතා, වෙළඳපල ප‍්‍රවේශය නොමැතිකම සහ නිසි තාක්ෂණික විකල්පයන් නැති නිසා කෘෂිකාර්මික අංශයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලූ සඳහා පිලියම් යෙදිය යුතු ය.

x පරිසරයේ තුළිත පැවැත්ම තහවුරුකිරීම

13. සියලූ ජල මූලාශ‍්‍රවල ජල පෝෂක පරිසර පද්ධති සුරක්‍ෂිත කළ යුතු ය.

14. පරිසරයේ හා කෘෂිකර්මාන්තයේ තුළිත පැවැත්මට බලපෑම් ඇතිකරන උක්, කටුපොල්, දුම්කොළ ඇතුළු ඒක බෝග වාණිජ වගාවන් ස`දහා භූමිය භාවිතා කිරීමට අවසර නොදිය යුතු අතර මිශ‍්‍ර බෝග වගාවන් හ`දුන්වා දියයුතු ය.

15. මිශ‍්‍ර බෝග ඍතුමය හේන් වගාවන්, මහනුවර ගෙවතු වගාබිම්, සදෘශ්‍ය වන වගා, වන ගෙවතු වගා බිම් සංකල්ප මත පදනම් වූ කෘෂිකාර්මික පද්ධති ඇති කළ යුතු ය.

16. රසායනික කෘෂිකර්මාන්තය වෙනුවට පාරිසරික ගොවිතැන ස්ථාපිත කිරීමට අවශ්‍ය පර්යේෂණ, පුහුණු, ව්‍යාප්ති හා සහනාධාර වැඩපිළිවෙළ සකස් කළ යුතු ය.

17. භෝග හෝ යෙදවුම් පදනම් කර ගත් සමස්ත සමාලෝචන හා ගොවිපල ණය ප‍්‍රතිපත්තියක් හා උපාමාර්ගයක් ස්ථාපිත කළ යුතු ය. ඒකාබද්ධ කෘෂි ක‍්‍රමවේද සංවර්ධනය සඳහා සහය දෙන වැඩපිළිවෙක් සැලසුම් කොට වැඩි දියුණු කළ යුතු ය. කුඩා ගොවිපල ඒකක, වතු හා භූගෝලීය ප‍්‍රදේශයන් තිරසාර පාරිසරික ගොවිතැන දක්වා පරිවර්තනය සඳහා මෙය වැදගත් වේ. පොහොර සහනාධාරය, බීජ සහනාධාරය වැනි පොදුකරනය කළ වැඩපිළිවෙල වෙනුවට සාර්ව ගොවිපල වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක් තුළ සැලසුම් කරනු ලැබූ සෑම ඒකකයක් සඳහා ම වන පැකේජයන් ලබාදිය යුතු ය.

18. ස්වාභාවික පද්ධතීන් ඉවත් කරමින් කෘෂිකාර්මික බිම් ව්‍යාප්ත කිරීම වෙනුවට දැනට පවතින කෘෂිකාර්මික බිම්වල කාර්යක්‍ෂමතාව, ඵලදායීතාව හා ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතු ය.

19. ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශී‍්‍ර ලංකා රාජ්‍ය වැවිලි සමාගම, ඇල්කඩුව වතු සමාගම හා අලාභ ලබන පුද්ගලික වතු සමාගම් වහා ම ක‍්‍රියාක්මක වන පරිදි කම්කරු සමූපකාර, සේවක සමාගම් වැනි සේවකයින් හෝ කම්කරුවන් විසින් කළමනාකරණය කරනු ලබන සහයෝගීතා ආර්ථිකයන් බවට පරිවර්තනය කළ යුතු ය. බදු කාලය වසර 99 ක් විය යුතු ය. මෙම ක‍්‍රියාවලිය විසින් කම්කරුවන්ට, අ. තනි වගාවක් සිදු කරන වතු පාරිසරික වශයෙන් තිරසාර වතු පදනම් කරගත් වගා ක‍්‍රම බවට පත් කිරීමට,

ආ. ජලාධාර පදනම් කරගත් ඒකාබද්ධ සංවර්ධන මොඩලයන් සැලසුම් කිරීමට හා වැඩිදියුණු කිරීමට,

ඇ. සහයෝගිතා ආර්ථික මූලධර්මයන් පදනම් කරගත් නව ආර්ථික පදනමක් නිර්මාණය කිරීමට,

උපකාරී වනු ඇත. ගත යුතු කෙටි කාලීන ක‍්‍රියාමාර්ග

1 ගොවි ජනතාවගේ පාරම්පරික බීජ අයිතිය හා බීජ හුවමාරු අයිතියට බාධා වන, සමාගම්වලට බීජ නිෂ්පාදන හා මෙහෙයවීමේ අයිතිය හිමිවන බීජ පනත් නීතිගත කිරීම නතර කිරීම.

2 ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කෙරෙන, ජලයේ පොදු භාවිත අයිතියට බලපෑම් එල්ල වන ජල කළමනාකරණ පනත් නීතිගත කිරීම නතර කිරීම.

3 සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට භූමියට ඇති අයිතිය අහිමි කරන, විවෘත වෙළෙඳපොළ තුළ මහා පරිමාණ ආයෝජන ක‍්‍රියාවලීන් ට දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් ලබාදීමට හැකිවන ‘‘රාජ්‍ය ඉඩම් බැංකු පනත’’ නීතිගත කිරීම නතර කිරීම.

4 විදේශීය සමාගම්වලට මෙරට ඉඩම් අයිතිය ලබාගැනීමට හැකිවන පරිදි නීතිගත කළ ‘‘2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ* (සංශෝධන)පනත’’ පරිච්ýන්න කිරීමට කටයුතු කිරීම.

5 කෘෂිකාර්මික බිම් වෙනත් භාවිතාවන්ට ලබාදීම මගින් කෘෂිකර්මාන්තය බිඳ වැටීමට හේතු වන පහත සඳහන් කැබිනට් තීරණ ඉවත් කිරීම.

්ග රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මගින් යොමුකළ 2017. 11. 23 දින අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 2017/81 හා යොමු අංක ඵඡුෑෘරැුඡුෂරැු5රැු11රැු2 දරන ‘‘රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආර්ථික සංවර්ධනය සඳහා වැවිලි කර්මාන්ත ක්‍ෂේත‍්‍රය ප‍්‍රතිව්‍යුහගත කිරීමට’’ අදාළ කැබිනට් පත‍්‍රිකාව බලරහිත කිරීම.

ඉග සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉදිරිපත්කර ඇති 2016. 09. 15 දින අංක 16/1934/752/023 දරන ‘‘සී/ස ඩෝල් ලංකා (පෞද්* සමාගම විසින් මොනරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා ඔය සහ දෙමෝදර පිහිටි කෙසෙල් වගා කරනු ලැබූ ඉඩම් නියමානුකූල කිරීමට’’ අදාළ හා අධිකරණ තීන්දු උල්ලංඝනය කිරීමට අදාළ වන කැබිනට් අනුමැතිය බලරහිත කිරීම.

ජග සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉදිරිපත්කර ඇති ‘‘ශ‍්‍රී ලංකාව තුළ ආයෝජන සේවා සැපයීම සඳහා තනි කවුළු ආයෝජන පහසුකම් සැපයීමේ කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීමට’’ අදාළ 2018 .05. 09 වන දින කැබිනට් අනුමැතිය බලරහිත කිරීම.

ාග ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ‘‘ කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදෙන ඉඩම් සඳහා බදු සහන ලබා දීමට’’ අදාළ වන 2018. 02. 20 දින කැබිනට් අනුමැතිය බලරහිත කිරීම.

ැග කෘෂිකර්ම අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් යොමු කරන ලද ‘‘නිවාස සහ මානව ජනාවාස සංවර්ධනය සඳහා ඌණ උපයෝජිත කෘෂිකාර්මික ඉඩම් යොදාගැනීමට’’ අදාළ 2017. 11. 07 දින දරණ කැබිනට් අනුමැතිය බලරහිත කිරීම.

ගෙ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ ‘‘වගා නොකර අතහැර දමා ඇති කුඹුරු ඉඩම් සූර්යබල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට’’ අදාළ 2017. 09 .27 දින දරණ කැබිනට් අනුමැතිය බලරහිත කිරීම.

6 කෘෂිකාර්මික, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2019 අගෝස්තු මස කෙටුම්පත්් කළ ‘‘කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති පුළුල් කිරීම සඳහා සියලූම අංශ ආවරණය වන කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය’’ වෙනුවට ජනතාවගේ අදහස් මත නිවැරදි මූලධර්ම මත පදනම් ව අලූතින් කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් සකස් කර ක‍්‍රියාත්මක කිරීම.

7 කෘෂිකාර්මික, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් 2019 මාර්තු මස කෙටුම්පත් කරන ලද ‘‘ජල සම්පත් සංවර්ධනය, සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා වන ජාතික ප‍්‍රතිපත්ති, උපායමාර්ග හා ආයතනික රාමුව’’ වෙනුවට මහජන අදහස් මත පාරිසරික සිද්ධාන්ත මත පදනම් ව ජල ප‍්‍රතිපත්තියක් සකස් කරක‍්‍රියාත්මක කිරීම.

8 ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ම`ගින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ ෂෂ පරිශිෂ්ටයේ ස`දහන් වන ලෙස, කෘෂිකර්මාන්තය, සත්ව ගොවිතැන, ධීවර කර්මාන්තය ඇතුළු සුළු පරිමාණ ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියේ යථාර්තවාදී පැවැත්ම උදෙසා ‘‘ජාතික ඉඩම් කොමිෂන් සභාවක් ’’පිහිටුවීම හා ජනතාවගේ අදහස් මත ‘‘ජාතික ඉඩම් ප‍්‍රතිපත්තියක් ’’සැකසීම හා කි‍්‍රයාත්මක කිරීම.

9 ඉඩම් සංවර්ධන ආඥා පනතේ අන්තර්ගත කාන්තාවන් වෙනස්කොට සලකන නෛතික ප‍්‍රතිපාදනයන් ඉවත් කිරීම.

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
57, 1 වන පටුමග, මැද වැලිකඩ පාර, රාජගිරිය, ශී‍්‍ර ලංකාව.
ූ94 11 2791912 රැු ූ94 11 2790073
monlar@sltnet.lk