අසීරුම මොහොතේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින, නිදහස, ආරක්ෂාව හා සාධාරණත්වය උදෙසා මහජන බලය ගොඩනංවන ජන ව්‍යාපාරයක් ගොඩනංවමු


ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය එක් ජාතියකට හෝ ආගමකට එරෙහිව එල්ල වූ ප‍්‍රහාරයක් නොව සමස්ත මනුෂ්‍යත්වයට එල්ල වූ ප‍්‍රහාරයකි. මෙවැනි ප‍්‍රහාරයන්ගෙන් ද, අනතුරුව එල්ල වන ප‍්‍රතිචාරයන්ගෙන් ද බොහෝ විට විනාශ වී යන්නේ මනුෂ්‍යත්වයයි. ත‍්‍රස්තවාදීන්ගේ උවමනාව ද එයයි. එබැවින්ම අතිශය අසීරු මොහොතක වඩා ශක්තිමත්ව, අධිෂ්ඨානශීලිව මනුෂ්‍යත්වය හා ආදරය වෙනුවෙන් පෙනී සිටිය යුත්තෙමු. මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත්, එය වැළැක්වීම සදහා කිසිදු උත්සාහයක් නොගත් රජය මියගිය හා තුවාල ලැබූ සියලූ දෙනාගේ ජීවිතවල වගකීම ගත යුතු බව අපි අවධාරණය කරමු. එය යම් නිලධාරියෙකුගේ පිටින් යවා නිදහස්වීමට රජයේ කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත. මේ රජය පමණක් නොව සියලූ ආකාරයේ අන්තවාදයන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙමින්, ඇතැම් විට රාජ්‍ය අනුග‍්‍රහය පවා ලබා දෙමින්, ජනකොටස් අතර සැකය හා අවිශ්වාසය වර්ධනයට දායක වූ සියලූ රජයන් මෙම ප‍්‍රහාරයන්ට වගකිව යුතුය.

මෙම ඛේදවාචකය තුළින් පෙනී යන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව හෝ ජනවාර්ගික සමගිය ඇති කිරීමේ ලා ප‍්‍රභූ දේශපාලන පන්තියේ අසමත් භාවයයි. වෙළෙදපොළ යහපැවැත්ම පිළිබඳ වර්තමාන පාලකයින්ගේ පවතින උනන්දුවෙන් අල්පමාත‍්‍රයක් සාමාන්‍ය ජනතාවගේ යහපැවැත්ම හෝ ආරක්ෂාව පිළිබඳව නොමැති බව මෙයින් පැහැදිලි වේ. එබැවින්ම තවදුරටත් ප‍්‍රභූ දේශපාලන පන්තියේ බලය තහවුරු කෙරෙන බලඋගුල් වලට නොවැටී පහළ මාලයේ ජනතාව සදහා දේශපාලන බලය ගොඩනගන ක‍්‍රියාවලියකට අප වහ වහා ගමන් කළ යුතුව තිබේ.

ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පරිදි නීති පද්ධතීන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව නැවත කරළියට පැමිණ තිබේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් යෝජිත ප‍්‍රතිත‍්‍රස්ත පනත හැකි ඉක්මනින් ගෙන ඒමේ අවශ්‍යතාව කිහිප වතාවකදීම මතු කරන ලදී. මේ වන විට බලාත්මක කර තිබෙන හදිසි නීති රෙගුලාසි හා මහජන ආරක්ෂක විධිවිධාන තුළත් රාජ්‍ය විරෝධි ක‍්‍රියාකාරිත්වයන් මර්දනය සදහා අවශ්‍ය පුලූල් වපසරියකින් යුත් නීති බලාත්මක කර තිබේ. ත‍්‍රස්ත විරෝ්ධී අණපනත් ත‍්‍රස්තවාදී ක‍්‍රියා මැඩපැවැත්වීමෙන් ඔබ්බට ගොස් ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා එම අයිතීන් වෙනුවෙන් සිදුකරනු ලබන සාධාරණ අරගල මර්දනය කිරිම සඳහා යොදා ගැනීමේ උදාහරණ පසුගිය අවුරුදු 30 පුරා ශ‍්‍රී ලංකාවේත්, ලෝකයේත් දක්නට ඇත. මෙම ඛේදවාචකය යොදාගනිමින් ප‍්‍රතිත‍්‍රස්ත පනත හෝ වෙනත් මර්දනකාරි අණපනත් ගෙන ඒමට රජය දරන උත්සාහය තීරණාත්මක ලෙස පරාජය කළ යුතුය.

වර්තමාන තත්වය තුළ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම්, කම්කරු අයිතින්, ග‍්‍රාමීය ජනතාවගේ ණයගැතිභාවය හා ක්ෂුද්‍ර මූල්‍ය ණය, ඉඩම් අයිතිය, දේශපාලන සිරකරුවන්ගේ ගැටලූ ආදිය සම්බන්ධයෙන් පැවති ජනතා අරගල සම්පූර්ණයෙන්ම යටපත් වී ඇත. ජනතාව තුළ පවතින බිය භාවිතා කරමින් මෙම අරගල දිගින් දිගටම යටපත් කර තැබීමට රජය උත්සාහ දරනු ඇත. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාව යුක්තිය උදෙසා සිදුකරනු ලැබූ අරගල සම්පූර්ණයෙන්ම යටපත් වී යාමේ අනතුරක් පවතී. ජනතාවට තමන්ගේ මූලික අයිතිවාසිකම් නොලැබෙන, යුක්තිය ඉටු නොවන වටපිටාවක් ත‍්‍රස්තවාදය සදහා අවශ්‍ය මූලබීජ සපයන බවට විශ්වාස කරන අප එබැවින්ම ත‍්‍රස්තවාදයට එරෙහි සටන හේතුවෙන් කිසිසේත්ම ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ වූ අරගලයන් යටපත් නොවිය යුතු බව විශ්වාස කරමු.

මෙම ප‍්‍රහාරය එල්ල වන මොහොත වන විට රට තුල විශාල ආර්ථික අර්බුදයක් ගොඩනැගී තිබුණි. විශේෂයෙන් කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ආදී විවිධ පංතීන් තුල පීඩනයට පත්ව සිටී ජනතාව මේ වන විට දැඩි බලපෑම් වලට ලක් වෙමින් සිටී. අසාර්ථක ආර්ථික සැලසුම් දිගින් දිගටම ජනතාව වෙත බලහත්කාරයෙන් දමමින් පාලකයන් ඔවුන්ගේ පැවැත්ම ගැන කල්පනා කළෝය. අප බහුතරයක් ජනයා පෙළෙමින් සිටියේ මේ අසාර්ථක ආර්ථික ක‍්‍රමය තුල සිදුවන සුරාකෑම තුලය. සිදුවෙමින් පවතින ප‍්‍රතිසංස්කරණයන් තුල කිසිදු ආකාරයකට ඇත්ත ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පාලකයන් අසමත් වනු ඇත. මන්ද, ඔවුන් නැවත ගමන් කරමින් සිටින්නේ අපට වැරැුදි නමුත් ඔවුන්ට පැවැතිය හැකි ආර්ථික මාවත ඔස්සේය. මෙයට එරෙහිව අලූත් හ`ඩක් නැගීමත් මෙම අවස්ථාවේ කාර්යභාරයක් කර ගත යුතුය.

ත‍්‍රස්තවාදය පරාජය කළ හැක්කේ රටේ සාමාන්‍ය ජනතාව එම ත‍්‍රස්තවාදයට එරෙහිව නැගී සිටි විටය. විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදී කොටස් පරාජය කිරිමේ මූලික වගකීම හා හැකියාව ඇත්තේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවටමය. ඒ සඳහා ඔවුන් තුළ රටේ බහුතර ජනවර්ගයන් හෝ පාලන තන්ත‍්‍රය සම්බන්ධයෙන් ඇති විශ්වාසය තහවුරු කළ යුතුය. සාමාන්‍ය මුස්ලිම් ජනතාවට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, කොන් කිරිම් හෝ වෙනත් ආකාරයක පීඩාවට පත් කිරීම් මගින් සිදුවන්නේ ඔවුන් ත‍්‍රස්තවාදීන් වෙත තල්ලූ කරලීමයි. එබැවින්ම සාමයට ලැදි සාමාන්‍ය මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගැනීමේ වගකීමක් සිංහල හා දෙමළ ප‍්‍රජාවන් වෙත පවතී.

ත‍්‍රස්තවාදය ස්වාභාවිකව හෝ ඕපපාතිකව බිහි වූ ප‍්‍රපංචයක් නොවේ. අරාබි රටවල තෙල් සම්පත් උදුරා ගැනීම සදහා අමෙරිකානු හා අනෙක් බටහිර රටවල් විසින් ඇතිකරනු ලැබූ ගැටුම්වලට හා බලහත්කාරයන්ට විරුද්ධව ගොඩනැගුණු සන්නද්ධ අරගල මේ වන විට ත‍්‍රස්තාවදයක් කරා තල්ලූ වෙමින් තිබේ. PLO, හමාස්, හිස්බුල්ලා වැනි බහුජන ව්‍යාපාරයන් ලෙස ආරම්භ වූ මෙම අරගලයන් මේ වන විට ISIS වැනි ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයක් දක්වා ගමන් කර තිබේ. ත‍්‍රස්තවාදය ඇති කිරිම හා එය නැති කිරිම තුළ බටහිර රටවල ආර්ථික හා දේශපාලනික උවමනාවන් ඇති බව නොරහසකි.

ජනකොටස් අතර සැබෑ සංහිඳීියාවක් ගොඩනැගිය හැක්කේ එකිනෙකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පොදුවේ පෙනි සිටින පොදු අරගල භූමියක් තුළ පමණක් බව අපි විශ්වාස කරමු. එම නිසාම සිලාවතුර හෝ පොතුවිල් හි මුස්ලිම් ජනතාවගේ ඉඩම් අයිතීන් වෙනුවෙනුත්, අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල වකුගඩු රෝගවලට ගොදුරු වූ සිංහල ගොවින්ගේ අයිතීන් වෙනුවෙනුත්, වතුකරයේ දමිළ ජනතාවගේ ඉඩම් හා වැටුප් අයිතීන් වෙනුවෙනුත්, රටපුරා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සූරාකනු ලබන ග‍්‍රාමීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් අපි දිගින් දිගටම සටන් කරන්නෙමු. ජනතාවගේ සැබෑ අරගලයන් භීතිය භාවිතා කරමින් යටපත් කිරීමට ත‍්‍රස්තවාදීන්ට ද, පාලකයන්ට ද ඉඩ නොදෙමු.

ප‍්‍රභූ පාලක පන්තිය විසින් මේ දක්වා මතුරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද ව්‍යාජ මන්ත‍්‍රය දැන් අවසන් වනු ඇත. ඊළඟ බලපොරය වඩාත්ම ශක්තිමත් ඒකාධිපතියා තේරීම සඳහා වනු ඇත. ඒ සඳහා වන දේශපාලන න්‍යාය පත‍්‍රය දැනටමත් ක‍්‍රියාවේ යෙදවෙමින් ඇත. තවදුරටත් වඩා අඩු නපුරෙන් යුතු පාර්ශවය තේරීමේ මරඋගුලින් ගැළවිය යුතුය. මෙම ප‍්‍රභූ පාන්තික ධනපති දේශපාලන පක්ෂ සියල්ල පරාජය කරමින් පහළ මාලයේ ජනතාවගේ බලය ගොඩනංවන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැංවිය යුතුය. රටේ සියලූ ජනකොටස්වල අයිතිවාසිකම්, ආරක්ෂාව, නිදහස හා ආර්ථික සාධාරණත්වය රැුකගත හැකි වනුයේ එවැනි දේශපාලන ව්‍යාපාරයක් තුුළින් පමණකි. සැබෑ පුරවැසි ව්‍යපාරයක අද දවසේ කාර්යය විය යුත්තේ මෙයයි.