"අන්තවාදයට එරෙහි වැඩ කරන ජනතාව එකට "

ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය





පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය මැයි 29 වන දින විහාරමහා දේවී එළිමහන් රංගභූමියේදී වෘත්තීය සමිති ,සිවිල් සංවිධාන ,වතු කම්කරු ජනතාව ,ගොවින් ,ධීවරයන් එක්ව අන්තවාදී ප්‍රහාරය හමුවේ දේශපාලනය වාසි ලබා ගැනීමට රාජ්‍ය හා සියලු පක්ෂ ඔවුන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය ට එරෙහිව පෙළ ගැසිය යුතු බවයි. සමුළුවේ අරමුණු පැහැදිලි කරමින් කියා ටෙලිකොම් වෘත්තීය සමිතියෙහි ජගත් ගුරුසිංහ සහෝදරයා විසින් කියා සිටියේ "රාජ්‍ය ආරක්ෂාව " නමින් මේ මොහොතේ සියලු ආකාරයේ මර්ධනය කිරීම් සඳහා කටයුතු කරමින් සිටි.මේ තුල රජය ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට දරන උත්සාහයත් ,තවද කම්කරු නීති සංශෝධනයටත් අවස්ථාව කර ගෙන ඇති බවයි.එතනින් නොනැවතී අර්ථසාධක අරමුදල කොටස් වෙලඳ පොළ තුල ආයෝජනය කිරීමට උත්සහ කරමින් සිටින බවයි.

මහමන්කඩවල පියරත්න හිමියන් කියා සිටියේ විවිධ අවස්ථාවලදී ලංකාව තුල තරුණ නගිරීම් ඇතිවූ බවත් එයට සිංහලද දෙමළද,මුස්ලිම්ද යන බව නොව එයට හේතු වූ සැබෑ දේශපාලනික විසදුම නොසොයා අන්තවාදය ඇතිවීම නොවැලක්විය හැකි බවයි.තවද මේ බොහෝ කරුණු සඳහා මධ්‍යයේ වගකීම් රහිත හැසිරීමත් ,මාධ්‍ය විසින් සමාජය තුල අන්තවාදය වපුරන බවත්ය.

ශේරඩ් පියතුමා කරුණු දක්වමින් කියා සිටියේ මෙය ඉතා සියුම්ව අවබෝධකර ගත යුතු බවයි.මෙය ආගමික අන්තවාදයට එහා ගිය දේශපාලන -ආර්ථික අන්තවාදය නැතහොත් ත්‍රස්තවාදයක් බවත් කියා සිටියේය.ලෝක බලවතුන් විසින් විසින් පවත්වාගෙන යන දේශපාලන ක්‍රමය තුල සාගින්නෙන් දිනකට 20,000 අධික වැසියන් මිය යයි.එහෙතුන් අත්‍යවශ්‍යවන්නේ සැබෑ අත්තවාදී මුහුණුවර හදුනා ගැනීමයි.

එමෙන්ම එච්.එච්.එම්.හසන් මහතා කියා සිටියේ ලෝක බලවතුන් ගේ න්‍යාය පත‍්‍රයන් ක‍්‍රියාත්මක කර ගැනීමට හැකි ලෙස තමන්ට පක්ෂපාති රජයන් පිහිටුවා ගැනීමට ඔවුන් නිරතුරුම ආගමික අන්තවාදය අතකොළුවක් කර ගන්න බවයි.

රැුලිය ඇමතු සියලූ‍ නායකයන් ප‍්‍රකාශ කර තවදුරත් වැඩ කරන ජනතාව බෙදී සිටීමෙන් අන්තවාදය මුවාවෙන් රජය ගෙන යන වැඩ පිළිවෙළ වැළක්විය නොහැකි බවත් මෙහි පවතින බරපතළ බව වැඩ කරන ජනතාව විසින් අවබෝධ කර ගනිමින් වැඩකරන ජනතාවගේ බලවේගයක් ගොඩ නැගිය යුතු බවයි.