ලොව සුවපත් කිරීමේ ගමන් මග පාරිසරික ගොවිතැන

එච්.එම්. ශෂිකලා ප‍්‍රබෝධනී ඒකනායක

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය තරුණ මාධ්‍ය සාමුහිකය(MYMC)





අතීතයේදි මුඵ මහත් ලෝක වාසින්ට බත සැපයූ ජාතියක් වශයෙන් ශ‍්‍රී ලාංකික ජාතිය, ශ‍්‍රී ලාංකික ශිෂ්ඨාචාරයේ යෝධයන් ය. එවක් ජාතියක කඳුළු වැටෙන අඳුරු අනාගතය ශ්‍රේෂ්ඨ රජ දරුවන් අනුරාධපුරය පොළොන්නරුව වාරි තාක්ෂණයේත් දියුණුව ඇති කළේ ගංගා නිම්න මිටියාවත්වල ජීවත් වූ ආහාර අවශ්‍යතාවය වර්ධනය කිරීම ය. දැවැන්ත විමර්ශනයක් අදටත් ශේෂව පවතින්නට තරම් එම තාක්ෂණය කොතරම් සංකීර්ණ ඇද්ද?

ශ‍්‍රී ලාංකිකයාගේ ජන විකාශනය එවන් ආකාරයට නිර්මිත ව පැවතිය ද වර්තමානයට පිවිසීමේ දී විශේෂයෙන් මෙක්සිකෝවේ ජනාධිපති මැනුවල් එව්ලා මැමර්චෝ පාලනය හා රොක්නෙලර් පදනම අතර ඇති වු සහයෝගීතාවය මත විශේෂ අධ්‍යනයක් සා වූ ආයතනය පිහිටුවීමෙන් 1943 වසරේ දීි’හරිත විප්ලවය’’ ඇති විය. 1951 වසරේ දී තිරිඟු නිෂ්පාදනය සම්බන්ධයෙන් ස්වයං පෝෂිත සඳහා අතර අතිරික්තය අපනයනය කිරීම දක්වා දියුණු විය. අස්වනු නෙලීම, බහු බෝග වගාව වෙනුවට ඒකීය බෝග වගාව, කෘෂි රසායන භාවිතය, දෙමුහුන් කරන ලද කාතීම බීජ භාවිතය, යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය සමඟ ශ‍්‍රී ලාංකික ස්වයං පෝෂිත ආර්ථික රටාව මුළුමනින්ම ම පරිවර්තනයට ලක් විය. තල, කුරක්කන්, තණ, මිරිස්, මිනේරි, ලූණු, අබ, එළවළු. පළතුරු වගාකර පවුලත් ගමත් රටත් පෝෂණය කළහ. එම වගා රටාව සම්පූරිණයෙන් ම පෙරළීමෙන් ඒකීය බෝග වගාව ශ‍්‍රී ලාංකික ජන සමාජයට ගැබ් කළේ ය.

එතුළින් අස්වැන්න වැඩි දියුණු කිරීම උදෙසා දෙමුහුන බිජ ආයතන කිරීම මෙන් ම වගාවේ බිම් සැකසීම සිට අස්වැන්න නෙලිම දක්වා කෘෂි රසායනාක, යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය විදේශිකයන් ශ‍්‍රී ලාංකිකයාට දේශීය ගොවියාට ආරූඪ කර විය.ඒත් සමඟ ම, මහ පොළොව වැනසී ගියේය. සතා සිව්පාවා වැනසී ගියේ ය. සත්ව විශේෂ වගාවට හිතකර ජීවි විශේෂයන්ද විනාශයට පත් විය. එම නිසා පරිසරයේ සමතුලිතතාවය බිඳී යයි. මහා විනාශයකට මහ පොළොව ඇද දමමින් මෙම මහා හිනියා හරිත විප්ලවය ලොව පුරා ජනතාව පිළිකා, වකුගඩු රෝග, වෙනත් බෝ නොවන රෝග වපුරමින් ජීවිත ලක්ෂ ගණනක් බිළි ගෙන ඇත. පොහොර , රසායනික ද්‍රව්‍ය වෙනුවට පාරිසරික ගොවිතැන විකල්පයන් සපයයි. ඉන් පරිසරයට ඇති කරන ශක්තිය, පෝෂණය සුවදායි වටපිටාවකට මංපෙත් සපයයි."දේශීය බටු ගවයා" සම්පතක් සේ සළකා මෙම පාරිසරික ගොවිතැනින් සුවපත් පරිසරයකට අත්‍යාවශ්‍ය අමුදුව්‍ය සපයනු ලබයි.

ෙඓන්ද්‍රීය ද්‍රව්‍ය දිරාපත්ව ක්‍ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයෙන් උසස් ගුණාත්මක බවින් යුතු ස්වාභාවික පොහොර නිෂ්පාදනය අපේ මුතුන්මිත්තන් පුරුදු ව සිටි බව දනිමු. මෙය ස්වභාදහමේ ජීවන චක‍්‍රයයි

.

දේශීය බටු ගවයා ආශ‍්‍රිත ක‍්‍රියාවලිය

 ඝන ජීව මුන්ත‍්‍ර ඃ- බටු ගවයාගේ ගොම පොහොර දෙපියලි බීජ පිටිකර සිනි හෝ සක්කර බටු ගවයාගේ මූත‍්‍රා එක්කර නිෂ්පාදනය කරන ජීව මුත‍්‍රම් ස්වභාදහමේ ජීවන චක‍්‍රය වන ක්‍ෂුද්‍ර ජීවී වර්ධනයට දායක වේ.

 ජීව මුත‍්‍රම් ඃ- බටු ගවයාගේ ගොම පොහොර දෙපියලි බීජ පිටිකර සිනි හෝ බටු ගවයාගේ මූත‍්‍රා . ජලය යනාදි පරිසර හිතකාමි පොහොර නිෂිපාදනයට දායක කර ගත හැකි ය.

 ගිනි ප‍්‍රතිකාරය ඃ- දුන්කොළ, සුදුලූණු, බටු ගවයාගේ මූත‍්‍රා, කොච්චි මිරිස්, අමු ද්‍රව්‍ය රත්කර එම ද්‍රව්‍ය පාරිසරික ගොවිතැනට භාවිතා කිරීමෙන් පළිබෝධකයන්ගේ හානිය වළක්වමින් කෘමීන් විකර්ෂණය කරයි.

පරගැති චිනිතනයට තවත් ඉඩ නොතබමු.

බුද්ධ දර්ශනයට අනුව "මල නොතලා රොන් ගන්නා මී මැස්සන් බඳුය . මේ පාරිසරික ගොවිතැන මිනිස් හදවත් හා පරිසරය බැඳ දමන ගෙත්තමක් වේද එය පාරිසරික ගොවිතැනයි.