සයිටම් විරෝධී සිසු - ජන පා ගමනට බහුජන සංවිධාන එකතුවේ සහයෝගය ලබා දීම



අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිය සුරකින, සයිටම් විරෝධී සිසු - ජන පා ගමනට බහුජන සංවිධාන එකතුව වශයෙන් සහයෝගය පළ කිරීම හා පා ගමන ස`දහා එක් වීම 2017 අගෝස්තු මස 04 වන දින පෙ.ව. 9 ට කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ, පෑලියගොඩ, පට්ටිය හන්දියේ දී සිදු කෙරින.
ජාතික සම්පත් විකිණීම වහා නවතනු, රාජ්‍ය මර්දනය වහා නවතනු, සයිටම් වහා අහෝසි කරනු, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අත නොතබනු යන ප‍්‍රධාන තේමාවන් ඔස්සේ බහුජන සංවිධාන එකතුව මෙම අරගලයට සහයෝගය පළ කරන ලදී.

මාධ්‍ය ප්‍රකාශය

අධ්‍යාපන, සෞඛ්‍ය අයිතිය සුරකින සයිටම් විරෝධී සිසු - ජන අරගලයට අපගේ සහයෝගය

ශ‍්‍රී ලංකාවේ ගොවි, ධීවර, කම්කරු, කාන්තා හා අනෙකුත් ජනකොටස් නියෝජනය කරන බහුජන සංවිධාන එකතුව වශයෙන් ජනතාවගේ අයිතියක් වූ නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් ශිෂ්‍යයන්, වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් කණ්ඩායම් දියත් කර ඇති අරගලයට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු. අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිය උදෙසා සිදු කරන සටන තවදුරටත් ශිෂ්‍යයන් ගේ හා වෛද්‍යවරුන් ගේ සටනක් පමණක් නොවී රටේ සමස්ත ජනතාව ගේ ම සටනක් බවට පත් විය යුතු ය. මෙම අයිතීන් සමාගම්වල ලාභය උදෙසා විකුණා දැමීමට රජය දරන උත්සාහය පරාජය කිරීම අනාගත පරපුර වෙනුවෙන් අප සැමගේ වගකීමකි.
දශක ගණනාවක් පුරා ජනතාවගේ අයිතියක් ලෙස සැලකුණු, නිදහස් අධ්‍යාපනය මේ වන විට වෙන කවරදාටත් වඩා දැඩි තර්ජනයකට භාජනය වී තිබේ. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ සැලැස්ම යළිත් ක‍්‍රියාත්මක ව ඇත. අධ්‍යාපනය ස`දහා 2017 වසර වෙනුවෙන් රජය වෙන් කළ මුදල 2016 වසරට සාපේක්ෂ ව 60% කට ආසන්න ප‍්‍රමාණයකින් කප්පාදුවට ලක් කර තිබීම මගින් ම මෙය පැහැදිලි වේ. වත්මන් රජයේ මූලික මැතිවරණ පොරොන්දුව වූ ව්‍යවස්ථා සංශෝධනය, ජනවාර්ගික කොටස් අතර සහජීවනය ඇති කිරීම, දුෂණය හා වංචාව තුරන් කිරීම වැනි පොරොන්දු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නැති උනන්දුවක් සයිටම් ආයතනය ආරක්ෂා කිරීම ස`දහා ඇති වී තිබිම අධ්‍යාපන පෞද්ගලීකරණ සැලැස්ම ස`දහා ඔවුනට ඇති උනන්දුව මනාව පෙන්නුම් කරයි.
උමාඔය, පෝර්ට් සිටි, හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල වැනි අතිශය විනාශකාරි හා අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති හරහාත්, මහ බැංකු බැ`දුම්කර වංචාව ඇතුළු මහා පරිමාණ වංචාවන් මගින් රාජ්‍ය ධනය හා දේපළ අතිවිශාල වශයෙන් විනාශ කරන ලද දේශපාලකයන් හා නිලධාරින් සම්බන්ධයෙන් මුනිවත රකින රජය රාජ්‍ය දේපළ විනාශ කිරීමේ යෝජනා යටතේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් දඩයම් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. රජයේ අරමුණ වන්නේ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම නොව තම සැලැස්මට එරෙහිවන ජනතා ව්‍යාපාර මර්දනය බව මේ මගින් මනාව පැහැදිලි වේ. පසුගිය රජය සමයේ ජනතා උද්ඝෝෂණ ස`දහා එල්ල වු මර්දනයන් විවේචනය කරමින්, ඒවාට එරෙහිව ගොඩනැගුණු ජනතා විරෝධය මතින් බලයට පැමිණි යහපාලන රජය වර්තමාන අරගලයන් හා විරෝධයන් මර්දනය කිරීම ස`දහා එවැනි ම ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම අතිශය කනගාටුදායක ය.
පෞද්ගලීකරණය නාමයෙන් සිදුවන මෙම මංකොල්ලය අධ්‍යාපනයට හා සෞඛ්‍යයට පමණක් සීමාවන්නේ නැත. ජනතාවගේ ගොවි බිම්, වෙරළ තීරයන් හා වනාන්තර මහා පරිමාණයෙන් පිටරට සමාගම්වලට විකිණීමේ සැලැසුම් ද, එම සමාගම්වලට අවශ්‍ය පරිදි ශ‍්‍රමය සූරාකෑමට හැකිවන ලෙස කම්කරු නීති අහෝසි කිරීම ද මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් තිබේ.
එබැවින් සයිටම් විරෝධි සටන තවදුරටත් සයිටම් ආයතනයට පමණක් සීමාවූවක් නොවේ. එය රටේ සමස්ත ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පිළිබ`ද සටනකි. එම සටන ජයග‍්‍රහණය කරා මෙහෙයවීම මේ මොහොතේ අනිවාර්ය වගකීමකි.

බහුජන සංවිධාන එකතුව

  • ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR)
  • ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය :(NAFSO)
  • සවිස්ත‍්‍රී කාන්තා ව්‍යාපාරය
  • ශ‍්‍රමභිමාණි කේන්ද්‍රය
  • ලංකා ගොවි සංසදය
  • දකුණු පළාත් ජනතා සංසදය
  • ඌව පළාත් ජනතා සංසදය
  • ප‍්‍රගතිශීලි ගොවිජන සම්මේලනය
  • උතුරු මැද පළාත් ජනතා සංසදය
  • පරිසර සංරක්ෂණ භාරය
  • අනාගතේ අපේ අතේ සංවර්ධන පදනම
  • ක`දුකර ජන ඉඩම් අයිතිය ස`දහා ව්‍යාපාරය
  • මධ්‍යම පළාත් ජනතා සංසදය
  • වයඹ පලාත් ජනතා සංසදය
  • ඉඩම් අයිතිය ස`දහා වූ ජනතා සන්ධානය :(PARL)