la via campesina හෙවත් ජාත්‍යන්තර සුලු ගොවීන්ගේ ව්‍යාපාරයේ ආසියානු කලාපීය පාරිසරික කෘෂිවිද්‍යාව හා දේශගුණික විපර්යාසයන් සම්බන්ධ සමුළුව.



හෙවත් ජාත්‍යන්තර සුලු ගොවීන්ගේ ව්‍යාපාරයේ ආසියානු කලාපීය පාරිසරික කෘෂිවිද්‍යාව හා දේශගුණික විපර්යාසයන් සම්බන්ධ සමුළුව.ජුනි මස 11 වන දින සිට 13 වන දින දක්වා නයිනමඩම චින්තන මධ්‍යස්ථානයේදී පැවැත්වුනි.
ආසියානු කලාපය නියෝජනය කරමින් රටවල් 16 ක් සම්භන්ධ වූ අතර ජුනි 11 ,12 යන දෙදින තුල ඔවුන්ගේ අරමුණු ,අත්දැකීම් ,ඔවුන්ට අවේනික වූ පාරිසරික ගොවි හැදෑරීම්,දැනුම,අභියෝග බෙදා හදා ගත්තේය.
12 වනදා සවස් වරුවෙහි මනරම් සංස්කෘතික අංගයන්ගෙන් සමුළුව ආලෝක මත් වුවේය.
අවසන් දිනයේදී ක්ෂේත්‍ර චාරිකාව තුල ශ්‍රී ලංකාව තුල ගොවින් හමුවීමට ගියේය.එමෙන්ම කාලගුණික හා අවිධිමත් ක්‍රියාකාරකම් නිසා විනාශයට පත් වන කඩොලාන පද්ධතියට ඇති කරන බලපෑම් අධ්‍යනය හා සංරක්ෂණ ක්‍රියාවලිය හඳුනා ගැනීමට කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථානය හා එක් වුවේය.වර්ෂාව නොමැති කමින් වියලි ගිය හා දැදුරු ඔය ව්‍යාපෘතිය නිසා ජලය අහිමව ගිය ආනවිලුන්දාව කුරුලු අභය භුමියටද නිරීක්ෂණ කල අතර අපනයනය මුලික කරගනිමින් සිදු කරන ඉස්සන් වගාව නිසා විනාශ වෙමින් පවතින කඩොලාන පරිසරය රැක ගැනීමට අරගලයක නිරතවන ප්‍රජාවන් හමුවී සහෝදරත්වය බෙදා ගත්තේය.