Education Not For Sale!
අධ්‍යාපනය පෞද්ගලීකරණයට හා සිසු අයිතීන් මර්ධනයට එරෙහි වෙමු !
கல்வி தனியார்மயப்படுத்தலையும், மாணவர்களின் உரிமைகளை அடக்குவதையும் எதிர்ப்போம்



A press conference organized by the Civil Society Collective against privatization of education and suppression of student rights was held on 3rd July 2017 at the National Library and Documentation Services Auditorium, Colombo.
The stand of the Civil Society Organizations was to protest the privatization of free education and make it a commodity, suppression of students, media and criminalization of all form of peoples struggles by the good governance regime.
Rev. Fr. Sarath Iddamalgoda of the Christian Solidarity Movement, Padma Pushpakanthi of Savisthri Women's Movement, Priyankara Costa of the National Fisheries Solidarity Movement (NAFSO), Somasiri of the Lanka Farmers' Forum and Upul Kumara Wickramasinghe of the Education Renaissance Program and Chintaka Rajapakse of the Movement for Land and Agricultural Reform (MONLAR) present their views during the press beefing.
The Civil Society Collective emphasized that the Government's repressive actions and policies are wholly unacceptable and that they support all measures and actions that can be taken against the commodifying of education and health services.
- Nadeera Priyadarshani

අධ්‍යාපනය පෞද්ගලීකරණයට සහ සිසු අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් 2017 ජුලි 03 වන දින ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විනි.
නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය හා එය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරගනිිමින් වත්මන් යහපාලන ආණ්ඩුව ගෙනයන ශිෂ්‍ය මර්ධනය, මාධ්‍ය මර්ධනය ඇතුළු සමස්ත ජන අරගලයන්ට එරෙහි මර්ධනකාරී ප‍්‍රතිපත්තියට විරෝධය ප‍්‍රකාශ කිරීම සිවිල් සංවිධාන එකතුවේ ස්ථාවරය විය.
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපරයේ චින්තක රාජපක්‍ෂ, කිතුනු සහයෝගීතා ව්‍යාපාරයේ සරත් ඉද්දමල්ගොඩ පියතුමා, සවිස්ත‍්‍රී කාන්තා සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ප‍්‍රියංකර කොස්තා, ලංකා ගොවි සංවිධානයේ සෝමසිරි සහ උපුල් කුමාර වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මින් මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.
සමස්තයක් ලෙස යහපාලන ආණ්ඩුවේ මර්ධනකාරී පිළිවෙත හා ප‍්‍රතිපත්ති පිළිකුල් සහගත ලෙස හෙලා දකින බවත්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිනීමට එරෙහිව කළ හැකි සියලූ ක‍්‍රියාමාර්ග වලට සහයෝගය දක්වන බවත් සිවිල් සංවිධාන එකතුව විසින් අවධාරණය කරන ලදී.
- නදීරා ප්‍රියදර්ශනී

මාධ්‍ය නිවේදනය

03 ජූලි 2017

ශ‍්‍රි ලංකාවේ ගොවීන්, ධීවරයින්, වතු කම්කරුවන්, කාන්තාවන් හා අනෙකුත් ජන කොටස් නියෝජනය කරන සිවිල් සමාජ සංවිධාන වශයෙන් වර්තමාන රජය විසින් නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන ශිෂ්‍ය ව්‍යාපාරයන් යටපත් කිරීම ස`දහා අනුගමනය කරන දැඩි මර්ධනකාරී ක‍්‍රියා පිළිවෙත අපි සම්පූර්ණයෙන් හෙළා දකිමු ! එසේම රටේ පුරවැසියන් ලෙස සිසුන්ට හා වෘත්තිකයන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීම ස`දහා රජයේ ඇමතිවරුන්ගේ වගකීම් විරහිත ප‍්‍රකාශ හා කි‍්‍රයාමාර්ගයන් ද අපි තරයේ ප‍්‍රතික්ෂේප කරමු.
පසුගිය රජය සමයේ ජනතා උද්ඝෝෂණ ස`දහා එල්ල වු මර්ධනයන් විවේචනය කරමින්, ඒවාට එරෙහිව ගොඩනැගුණු ජනතා විරෝධය මතින් බලයට පැමිණි වත්මන් යහපාලන රජය වර්තමාන අරගලයන් හා විරෝධයන් මර්ධනය කිරීම ස`දහා එවැනි ම ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම අතිශය කණගාටුදායකය.
දශක ගණනාවක් පුරාවට ජනතාවගේ අයිතියක් ලෙස සැලකුණු, නිදහස් අධ්‍යාපනය මේ වන විට වෙන කවරදාටත් වඩා දැඩි තර්ජනයකට භාජනය වී තිබේ. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ සැලැස්ම යළි ක‍්‍රියාත්මකව ඇත. අධ්‍යාපනය ස`දහා 2017 වසර වෙනුවෙන් රජය වෙන් කළ මුදල 2016 වසරට සාපේක්ෂව 60% කට ආසන්න ප‍්‍රමාණයකින් කප්පාදුවට ලක් කොට තිබීම ම`ගින් ම මෙය පැහැදිලි වේ. තමන්ගේ මූලික මැතිවරණ පොරොන්දු ලෙස ස`දහන් වූ ව්‍යවස්ථාව සංශෝධනය, ජනවාර්ගික කොටස් අතර සහජීවනය වැඩි කිරීම, දුෂණය හා වංචාව තුරන් කිරීම වැනි පොරොන්දු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නැති උනන්දුවක් සයිටම් ආයතනය ආරක්ෂා කිරීම ස`දහා ඇති වී තිබිම වත්මන් රජයේ අධ්‍යාපන පෞද්ගලීකරණ සැලැස්ම ස`දහා ඔවුනට ඇති උනන්දුව පෙන්වයි.
හාස්‍යජනක කරුණ නම් වරාය නගරය, උමාඔය, හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල වැනි අතිශය විනාශකාරී හා අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති හරහාත්, මහ බැංකු බැදුම්කර වංචාව ඇතුළු මහා පරිමාණ වංචාවන් ම`ගින් රාජ්‍ය ධනය හා දේපළ අති විශාල වශයෙන් විනාශ කරන ලද දේශපාලකයින් හා නිලධාරීන් සම්බන්ධයෙන් මුනිවත රකින රජය, රාජ්‍ය දේපළ විනාශ කිරීමේ චෝදනා යටතේ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් දඩයම් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. රජයේ අරමුණ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම නොව තම සැලැස්මට එරෙහිවන ජනතා ව්‍යාපාර මර්ධනය බව මේ ම`ගින් මනාව පැහැදිලි වේ.
නිදහස් අධ්‍යාපනය ස`දහා වන අරගලය සයිටම් ආයතනයට එරෙහි අරගලයට පමණක් සීමාවූවක් නොවේ. අධ්‍යාපනය ස`දහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කරන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් පසුගිය රජය සමයේ ආරම්භ කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයේ සිට මෙම අරගලය විවිධ අයුරින් ඉස්මතු වෙමින් තිබේ. මෙම ඉල්ලීම් ස`දහා නිසි ප‍්‍රතිචාර ලබා දෙමින් ජනතාවගේ අයිතියක් වූ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවට, ඒ වෙනුවෙන් සටන් වදින ශිෂ්‍ය ව්‍යාපාර හා අනෙකුත් සමාජ ව්‍යාපාර මර්ධනය කිරීමේ පිළිවෙතක් මෙම රජය ආරම්භ කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ ගොවි, ධීවර, කම්කරු, කාන්තා හා අනෙකුත් ජනකොටස් නියෝජනය කරන සංවිධාන වශයෙන් රටේ දුප්පත් ජනතාවගේ අයිතියක් වූ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සෑම විට ම පෙනී සිටින අප ඒ වෙනුවෙන් අරගල කරන ශිෂ්‍යයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු අනෙකුත් කණ්ඩායම් සම`ග අත්වැල් බැ`ද ගැනීමට සූදානමින් සිටිමු. එම ව්‍යාපාරයන් මර්ධනය කිරීමට රජය දරන උත්සාහයන් පරාජය කිරීම ස`දහා දීප ව්‍යාප්ත අරගලයක් දියත් කිරීමට සූදානමින් සිටින බව ද දන්වමු. රටේ සිවිල් සමාජ සංවිධාන යැයි කියා ගන්නා සුළුතර පිරිසක් රජයේ මර්ධනකාරී පිළිවෙත අනුගමනය කරමින් එයට සහයෝගය දැක්වීමට කටයුතු කිරීම අප තරයේ හෙළා දකින අතර ශිෂ්‍යයන්ට අමානුෂික ලෙස පහරදෙමින් විරුද්ධ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමට එරෙහිව පෙරට එන මෙන් ජනතා අයිතින් හා මානව හිමිකම් ආරක්ෂා කිරීම ස`දහා පෙනී සිටින සියලූ සංවිධානවලින් අපි ඉල්ලා සිටිමු.

ஊடக அறிக்கை
03.07.2017
இலங்கை விவசாயிகள்,மீனவர்கள், தோட்ட தொழிலாளர்கள், பெண்கள் மற்றும் ஏனைய மக்களை பிரதிநிதித்துவப்படுத்தும் சிவில் சமூக நிறுவனமான நாம், தற்போதைய அரசாங்கத்தால் இலவச கல்விக்கான உரிமைக்காக போராடும் மாணவ இயக்கங்களை ஒடுக்குவதற்காக பயன்படுத்தப்படுகின்ற கொடூர அடக்குமுறை நடவடிக்கைகளை நாங்கள் முழுமையாக எதிர்க்கின்றோம்.
கடந்த அரசாங்க காலக்கட்டத்தில் மக்கள் எதிர்ப்பு ஆர்ப்பாட்டங்களுக்காகள் மீது கட்டவிழ்த்து விடப்பட்ட அடக்குமுறைகளை விமர்சித்து; அதற்கு எதிராக கட்டியெழுப்பப்பட்ட மக்கள் எதிர்ப்பின் மூலமாக ஆட்சிக்கு வந்த "நல்லாட்சி அரசாங்கம்"; தற்போதைய போராட்டங்கள் மற்றும் எதிர்ப்பை அடக்குவதற்காக அதைப்போன்ற நடவடிக்கையை பின்பற்றுவது மிகவும் வேதனைக்குரியதாகும்.
பல தசாப்தங்காளக சமூகத்தில் மக்களின் உரிமையாக இருந்துவரும் இலவச கல்விக்கு; இதுவரையில் எப்பொழுதும் இல்லாதவாறு பாரிய அச்சுறுத்தல் ஏற்பட்டுள்ளது. உலக வங்கி மற்றும் சர்வதேச நாணய நிதியத்தின் ஆலோசனையின் பேரில் கல்வியை தனியார்மயமாக்கும் திட்டம் மீண்டும் நடைமுறைப்படுத்தப்படுகின்றது.
கல்விக்காக 2017ம் ஆண்டிற்காக அரசாங்கம் ஒதுக்கிய நிதியை 2016ம் ஆண்டோடு ஒப்பிடும்பொழுது 60% வரையிலான வெட்டு ஏற்பட்டிருப்பதன் மூலமாக இது தெளிவாகிறது. தமது முக்கிய தேர்தல் வாக்குறுதியாக குறிப்பிட்ட அரசியல் யாப்பு திருத்தம், இனங்களுக்கிடையில் சகவாழ்வை ஏற்படுத்தல், லஞ்சம் மற்றம் ஊழல்களை ஒழித்தல் போன்ற வாக்குறுதிகளை நடைமுறைப்படுத்துவது தொடர்பாக இல்லாத உணர்வு சயிதம் நிறுவனத்தை பாதுகாப்பதற்காக எற்பட்டுள்ளமையானது; தற்போதைய அரசாங்கத்தின் கல்வியை தனியார் மயப்படுத்தும் திட்டத்தை - உள்நோக்கத்தை அம்பலப்படுத்துகிறது.
இதில் வேடிக்கையானது என்னவென்றால்; துறைமுக நகரம், உமாஒயா திட்டம், ஹம்பாந்தொட்ட துறைமுகம், மற்றும் மத்தள விமான நிலையம் போன்ற மிகவும் பாதிப்பை ஏற்படுத்திய- தோல்வியடைந்த அபிவிருத்தி திட்டங்களின் மூலமாகவும், மத்திய வங்கி முறிப்பு தொடர்பான ஊழல் உள்ளடங்களாக; பாரிய அளவிளான ஊழல்களின் மூலமாக அரச நிதி மற்றும் உடமைகள் போன்றவர்ரை பாரிய அளவில் சீரழித்த அரசியல் வாதிகள் மற்றும் உத்தியோகத்தர்கள் தொடர்பாக கண்டுங்காணாமல்- அமைதியைப் பேணும் அரசாங்கம்; அரச சொத்துக்களை சீரழிக்கிறார்கள் குற்றச்சாட்டுகளின் கீழ் மாணவ செயற்பாட்டாளர்களை வேட்டையாடும் பாரிய நடவடிக்கையை ஆரம்பித்துள்ளது. இதன் மூலம் அரசாங்கத்தின் நோக்கம் அரச உடமைகளை பாதுகாப்பது அல்ல என்பது தெளிவாகிறது. அதேவேளை; அரசின் தவறான திட்டத்திற்கு எதிராக போராடும் மக்கள் அமைப்புகளை அடக்குவதென்பதுவே அரசின் நோக்கம் என்பது தெளிவாகத் தெரிகிறது.
இலவச கல்விக்கான போராட்டம்; சயிதம் நிறுவனத்திற்கு எதிரான ஆர்ப்பாட்டத்திற்கு மட்டும் மட்டுப்படுத்தப்பட்ட தொன்றல்ல. கல்விக்காக நிகர தேசிய உற்பத்தியில் 6% ஒதுக்கக்கோரிய சர்வகலாசாலை விரிவுரையாளர் சங்கத்தால்(FUTA ); கடந்த அரசாங்கத்தில் ஆரம்பித்த ஆர்ப்பாட்ட இயக்கம் முதல்; தனியார்மயப்படுத்தலுக்கு எதிரான போராட்டங்கள் பல வருடங்களாக நடந்து வருகிறது . ஆனால் ஆட்சியாளர்கள் இப்போராட்ட்ங்களையும், கோரிக்கைகளையும் கவனத்திற்கொள்ளவில்லை.மாறாக இக்கோரிக்கைகளை முன்னிறுதிப்போராடிய மாணவ இயக்கங்களையும், எதிர்ப்பியக்கங்களையும்,சமூக இயக்கங்களையும் நசுக்குவதிலேயே குறியாயிருந்தனர். இலங்கையில் விவசாய, மீனவ, தொழிலாளர், பெண்கள் மற்றும் ஏனைய மக்கள் பிரிவை பிரதிநித்துவப்படுத்தும் அமைப்புக்களான நாம்; நாட்டின் வறிய மக்களின் உரிமையான இலவச கல்விக்காக போராடும்; மாணவ அமைப்புகளுடனும், விரிவுரையாளர் அமைப்புகளுடனும்; ஏனைய குழுவினரோடும் கைகோர்த்து நிற்க நாங்கள் தயாராராகவுள்ளோம்.இந்தஇயக்கங்களை அடக்குவதற்கு அரசாங்கம் எடுக்கும் முயற்சியை தேல்வியடைய செய்வதற்காக நாடளாவிய போராட்டத்தை நடாத்துவதற்கு நாம் தயாராகிவருகிறோம்.
நாட்டில் சிவில் சமூக அமைப்பு என கூறிக்கொள்ளும் வெகுசில சிறு அமைப்புகள், சில தனிநபர்களும் அரசாங்கத்தின் அடக்குமுறைக்கு ஒத்துழைப்பும் ஆதரவும் நல்குவதை நாம் வன்மையாகக் கண்டிக்கிறோம். அத்துடன், எங்களுடன் இணைந்து மனித உரிமைகளுக்காகவும்,மக்களின் உரிமைகளுக்காகவும் போராடும் அனைவரையும், பல்கலைக்கழக மாணவர்கள் அமைப்பின் மீது நடாத்தப்படும் ஒடுக்குமுறைகள் மற்றும் வன்மையாக தாக்குதல்களுக்கு எதிராக வன்மையான கண்டனங்களைத் தெரிவிக்க இணையுமாறும் கோருகிறோம்

  • ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
  • ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
  • සවිස්ති‍්‍ර කාන්තා ව්‍යාපාරය
  • ලංකා ගොවි සංසදය
  • ශ‍්‍රමාභිමානී කේන්ද්‍රය
  • පරිසර සංරක්ෂණ භාරය
  • ප‍්‍රගතිශීලී ගොවි ජන සම්මේලනය
  • අනාගතය අපේ අතේ සංවර්ධන පදනම
  • ජාතික කාන්තා එකමුතුව
  • කාන්තා සංවර්ධන කේන්ද්‍රය
  • ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් සමාජ හා දේශපාලන අයිතීන් උදෙසා වූ සංසදය
  • ඌව ගැමි සංවර්ධන පදනම
  • පස්සර පුරවැසි සභාව
  • ඉසුරු ජීවිතෝදය පදනම
  • මධ්‍යම පළාත් පාරිසරික සංවර්ධන සංසදය
  • සබරගමු සාහිත්‍ය මිත‍්‍රත්ව සංසදය
  • ඒකාබද්ධ ප‍්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය
  • සමස්ථ ලංකා පෙර පාසැල් ගුරු සංගමය
  • ජනසහන සහයෝගීතා පදනම
  • දිදුල ප‍්‍රජා සංවර්ධන පදනම
  • තිස්ස ජය ළමා සංවර්ධන පදනම
  • උතුරු මැද පළාත් ජනතා එකමුතුව
  • විශාඛා කුලගන සංවර්ධන සමිතිය
  • සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය
  • කි‍්‍රස්තියානි සහයෝගීතා ව්‍යාපාරය
  • කිතුසර කණ්ඩායම
  • අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහන
  • වතුකර ප‍්‍රජාවගේ සංවර්ධන පර්ෂදය
  • සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
  • වමේ හ`ඩ සංවිධානය
  • එක්සත් කම්කරු සම්මේලනය
  • Standup Movement Lanka