පොදුජන විරෝධී සැලසුම් පරාජය කරමු
මහජන සභා බලගන්වමු !
පහළ මාලයේ ජනයාගේ බලය ගොඩනගන ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක් ගොඩනගමු !








ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ 28 වන වාර්ෂික මහ සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන යෝජනා


ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය 2019 වර්ෂය සඳහා පහත සඳහන් උපායමාර්ග හා ප‍්‍රතිපත්ති මත පදනම් ව ක‍්‍රියාකාරිත්වය ගොඩනැගිය යුතු බව යෝජනා කරමු.

අරමුණ

ක‍්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික හා සංවර්ධන සැලසුම් බහුතරයක් ජනතාවට හා සොබාදහමට හිතකර හෝ වාසි සහගත නොවන බව දැන් පැහැදිලි ය. ශිෂ්‍යයෝ තම නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත්, කම්කරුවන් තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙනුත්, වතුකර ජනතාව තම වැටුප් හා ගරුත්වය උදෙසාත්, ආහාර නිෂ්පාදකයින් තම ජීවිකාවන්ගේ අයිතිය වෙනුවෙනුත්, යුද්ධයෙන් පීඩාවට පත් වුවන් තම පාරම්පරික භූමියේ අයිතිය, යුක්තිය හා නිදහස වෙනුවෙනුත්, සුලූ ජන කොටස් තමන්ගේ හිමිකම් වෙනුවෙනුත් එකිනෙකට වෙනස් නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අරගලවල යෙදී සිටිති. මේ සෑම අරගලයකම මූලික සතුරෙකු බවට පත් ව ඇත්තේ ප‍්‍රාග්ධනය මත ලාභය හා සූරාකෑම සඳහා ජනතාව හා සොබාදහම සතු අයිතිවාසිකම් සහ සම්පත් අහිමි කිරීමට සකස් කොට ඇති ආර්ථික සැලැස්මයි. ජනතා විරෝධී, සොබාදහම විනාශ කරන ධනපති ආර්ථික සැලසුම් පරාජය කරමින්, සියලූ ජනකොටස්වල හා සොබාදහමේ අයිතීන් ආරක්ෂා කරවන, මහපොළොවේ ප‍්‍රතිඋත්පාදන ශක්තිය ගොඩනංවන සැලසුම් ක‍්‍රියාත්මක කර වීම සඳහා නායකත්වය ලබා දීම අපගේ අරමුණයි.



ප‍්‍රවේශය

උක්ත සඳහන් අරමුණු උදෙසා අපගේ ගමන් මඟ පහත සඳහන් ප‍්‍රධාන පිවිසුම් තුනක් ඔස්සේ හැඩගැස්වෙනු ඇත.

01. ආහාර ස්වෛරීභාවය මත පදනම් වූ, සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ අයිතීන් තහවුරු කරවන කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් දිනා ගැනීම.

02. සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ ඉඩම්, බීජ සහ ජලය ප‍්‍රමුඛ ස්වාභාවික සම්පත්වල අයිතිය තහවුරු කිරීම.

03. ප‍්‍රාග්ධනය හා හුදු ලාභය මත පදනම් ව ඉදිරිපත් කොට ඇති ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට එරෙහි ජන ව්‍යාපාරයන් ශක්තිමත් කිරීම.

වර්තමාන ආර්ථික සැලසුම් තුළ අභියෝගයකට ලක් ව ඇති ප‍්‍රධාන තම ක්ෂේත‍්‍රය වන්නේ සුලූ ගොවීන් මත පදනම් වූ කෘෂිකර්මාන්ත යයි. එමෙන් ම වර්තමාන කෘෂිකර්ම ක‍්‍රමවේදයන් විසින් අපගේ සොබාදහම් පද්ධතීන් සඳහා සිදු කර ඇති විනාශයන් ද අති විශාල ය. ඒ නිසා පවතින සමස්ත ගොවිතැන වෙනස් කර ගැනීමටත්, සුලූ ගොවීන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහාත්, ජනතාවගේ ආහාර අයිතිය රැුක ගැනීම උදෙසා ජාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීම ඉදිරි කාල සීමාව තුළ අපගේ මූලික අරමුණක් වේ.

ඉඩම්, බීජ හා ජලය අප සතු ස්වාභාවික උරුමයන් වන අතර, එම සම්පත් සඳහා ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම ඔවුන්ගේ ආහාර ස්වෛරීභාවය, ජීවනෝපායන්ගේ ආරක්ෂාව මෙන්ම අනන්‍යතාවය හා ගෞරවාන්විත ජීවිතයක් උදෙසා වන අයිතිය සඳහා ද අත්‍යවශ්‍යය. සංවර්ධනයේ නාමයෙන් මෙන්ම ජාතික ආරක්ෂාවේ හෝ ජාතිවාදී ප‍්‍රතිපත්තින් නාමයෙන් ඉඩම් හෝ ස්වාභාවික සම්පත් අහිමි කරන ලද සියලූ ජනකොටස්වල අයිතින් වෙනුවෙන් අපි පෙනී සිටිමු. එම සම්පත් සමාගම් සතු දේපල බවට පත්කර ගැනීම සඳහා ඉදිරිපත් කරන කවර ආකාරයේ හෝ අණ පනත් පරාජය කිරීම ප‍්‍රමුඛ කටයුත්තක් බවට පත් කර ගනිමු. එමෙන්ම සංවර්ධනයේ නාමයෙන් සිදු කරන සියලූ ආකාරයේ පාරිසරික විනාශයන් වලක්වා ගැනීමට කටයුතු කරන්නෙමු. ස්ත‍්‍රීන් ප‍්‍රමුඛ ව ඓතිහාසිකව පීඩාවට පත් වූ ජනකොටස්වල අයිතීන් ආරක්ෂා කිරීම අපගේ ක‍්‍රියාකාරිත්වයේ පදනම වනු ඇත.

ප‍්‍රාග්ධනය හා ලාභය උදෙසා වන නව ලිබරල්වාදී ආර්ථික සංවර්ධන සැලසුම් මත තව දුරටත් ඉදිරියට යා නොහැකි බව ලොව පුරා ඇති වෙමින් පවතින ජනයාගේ නැගී සිටීම් වලින් පෙන්නුම් කෙරේ. අප ද මේ මුහුණ දෙමින් සිටින්නේ මේ අර්බුදයේම ප‍්‍රතිඵලයන්ට ය. පහළ මාලයේ ජීවත් වන ජනතාව ලෙස අප අලූත් මාර්ගයන් සොයා ගත යුතු ය. එසේ සොයා ගන්නා විකල්ප මාර්ගයන් තුළින් ජනතාව සතු බලය ඉදිරියට ගැනීමට කටයුතු කළ යුතු ය. මුලික අවශ්‍යතා සපුරා ගත හැකි අයුරින් ජනතාවට වඩා හිතකර ජීවන මාර්ගයන් හා අයිතීන් ලබා ගැනීමට කටයුතු කිරීම අපගේ මූලික වගකීමකි.

සමාජය තුළ ජීවත් වන කවර හෝ කණ්ඩායමකගේ හෝ පුද්ගලයකුගේ නිදහස හෝ අයිතීන් ලබා නොදී සිටීමට එරෙහිව කටයුතු කිරීම. ජාතීන් අතර සංහි`දියාව ගොඩනැගීම ප‍්‍රමුඛ කාර්යක්සේම ඔවුන්ට පිළිගත හැකි නිදහසක් ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීම. ප‍්‍රධාන ධාරාවේ සමාජීය, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පද්ධතින් හේතුවෙන් පීඩාවට පත් පහළ මාලයේ ජනතාවගේ බලය ගොඩනංවන ව්‍යාපාරයන් ශක්තිමත් කිරීම ස`දහා අපි දායකත්වය දෙන්නෙමු.

පහළ මාලයේ ජනයාගේ බලය ගොඩනගන ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක් ගොඩනගමු !

සමාජ ඉහළ මාලයේ රාජ්‍යය බලයට එරෙහිව සමාජ පහළ මාලයේ රාජ්‍යය බලයකට ගමන් කිරීම සඳහා වන ක‍්‍රියාකාරිත්වයකට සමාජයේ පීඩිත කොටස් සංවිධානය කර ගැනීමේ අවශ්‍යතාව ඇති වී තිබෙන අර්බුදයන් තුළින් පෙන්නුම් කරයි.

මෙම අර්බුද නිවැරදි හා නිරවුල් දේශපාලනමය දෘෂ්ටිවාදී ආස්ථානයන් මගින් විනා අන් කිසි ලෙසකින් විස්ථාපනය කළ නොහැකි බව ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය දැඩි ව විශ්වාස කරයි.

අධිපති දෘෂ්ටිවාදය න්‍යායාත්මකව පරදවා ලීම මෙන්ම පහළ මාලයේ දෘෂ්ටිවාදය තිරසරව පෝෂණය කොට පවත්වා ගැනීම මේ මොහොතේ හදිසි අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් ඒ වෙනුවෙන් ජනතාව සංවිධානගත කිරීම අවශ්‍ය බවත් අපි පිළිගනිමු.

සමාජයේ ඉහළ මාලයේ අධිපතිවාදී හා සූරාකැමේ බලවේග වලට අභියෝග කළ හැකි හා මුලූ මහත් ලෝකයේ ම අනාගතය යහපත් කර ගැනීම සඳහා අයිතියක්, හැකියාවක් හා ශක්‍යතාවක් ඇති පහළ මාලයේ බහුතර පීඩිත ජනතාවගේ පුලූල් හා ශක්තිමත් සංවිධානයක අවශ්‍යතාව පැහැර නොහැරිය මට්ටමින්් මතු වී ඇත. මේ ඇති වී තිබෙන අර්බුද පසුගිය වසර 40 පුරා ගෙන ගිය ප‍්‍රතිපත්තිවල සෘජු හා වක‍්‍ර ප‍්‍රතිඵලයන් ය. තැනින් තැන වරින් වර මතුවන්නේ මේ අර්බුද වලට එරෙහි ජනයාගේ නැගී සිටීම් වන නිසාවෙන් නවලිබරල් ආර්ථික සැලැස්ම පරාජය කිරීම ස`දහා වන පුලූල් ජනතා ව්‍යාපාරයකට දායක වීම ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අරමුණ වන්නේය.

පළාත් ජනතා සැලසුම් සංසද ගොඩනැගීම

මේ සඳහා ජනතාව ඒකරාශි කිරීමේ ප‍්‍රධාන ව්‍යුහය බවට පළාත් මට්ටමින් ගොඩනගා ඇති ජනතා සැලසුම් සංසද හඳුනාගත හැකි ය. මේ වන විටත් බස්නාහිර පළාත හැර සෙසු පළාත් 08 හි ම පළාත් ජනතා සැලසුම් සංසද ගොඩනගා ඇත. ඉදිරි වසර සඳහා අපගේ සියලූ කටයුතු සැලසුම් කරන හා ක‍්‍රියාත්මක කරන තැන බවට මෙම සංසද පත් වේ. ඒ අනුව සංසද තුළ එකතු වන එකිනෙකට වෙනස් පුද්ගල හා සංවිධානයන්හි ක‍්‍රියාකාරිත්වයන් මත ගොඩනැගෙන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම ප‍්‍රධාන වගකීම් ලෙස සිදු වේ. මෙම සංසද සැබෑ අරගලයේ නිරතවන ජනතාව සංවිධානය කරන ව්‍යුහයන් බවට පත් විය යුතු බව අපගේ අපේක්ෂාව ය. ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය අඛණ්ඩව ලබා දීම ව්‍යාපාරය විසින් පවරාගත් වගකීමකි. 2019 වර්ෂය අවසන් වන විට පළාත් මට්ටමේ සිට ජාතික මට්ටමේ පොදු සන්ධානයක් දක්වා ජනතා එකතු ව පුලූල් කිරීමට කටයුතු කරනු ඇත.

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

29 දෙසැම්බර් 2018