වතු කම්කරු දිනක මුලික වැටුප රු.1000ක් කරනු !
ජයග‍්‍රහණය දක්වා එක්ව සටන් වදිමු !

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය







වතු කම්කරුවන් වසර 200කට වැඩි කාලයක් තිස්සේ රටේ ආර්ථික දියුණුවටත්, සංවර්ධනයටත් තමන්ගේ ශ‍්‍රමය සහ ජීවිත කැප කරමින් විශාල දායකත්වයක් ලබා දී ඇත. අදටත් අප බුක්ති වි`දින කොළඹ සිට ක`දුකරය දක්වා වු දුම්රිය හා මහා මාර්ග බොහෝමයක් ඉදිවී ඇත්තේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ශ‍්‍රමයෙනි. වර්තමාන ආර්ථිකයේ අපනයන ආදායමෙන් සැලකිය යුතු පංගුවක් වැවිලි ක්ෂේත‍්‍රයට හිමි වී තිබේ. නමුත් ගෙවුණුු වසර 200කට වැඩි ඉතිහාසය තුල වතු කම්කරුවන්ගේ දුක්ඛිත ජීවිත අබමල් රොනකින් හෝ වෙනස් වී නැත. ඔවුන් ජිවත් වන්නේ ලයින් කාමර තුලය. ඉඩමක හෝ නිවසක අයිතිය ඔවුන්ට නැත. අඩුම තරමින් රටේ සෙසු පුරවැසියන්ට හිමි පෞද්ගලික ලිපිනයක හිමිකමද ඔවුන්ට අහිමිය. අවම සෞඛ්‍ය පහසුකම් මෙන්ම පෝෂණ ඌනතා වලින් ඉහළ මට්ටමක සිටින පිරිසක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොදන්නා නමුත් අදටත් වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රු.500ක් පමණි. සත්‍ය එයයි. වසර 200ක් පුරා අඛණ්ඩව සිදුවන මෙතරම් සාහසික සුරා කෑමක් ශිෂ්ට සම්පන්න කිසිම මිනිසෙකුට අනුමත කල නොහැකිය. තම දිනක මුලික වැටුප රු.1000 දක්වා ඉහළ දමන ලෙස 2014 සිට වතු කම්කරුවන් ඉල්ලා සිටින්නේ පවතින ආර්ථික හා ජීවන වියදම දරා ගැනීමට නොහැකි මට්ටමින් ඉහළ යාම නිසාවෙනි. එම නිසා ඉතාමත් යුක්ති සහගත මෙම ඉල්ලීම ඉටු කිරීමට දැන්වත් රජය හා වතු සමාගම් වහාම කටයුතු කළ යුතුය.

1000 අරගලය

ඉතිහාසය පුරාම වතු කම්කරුවන්ගේ අරගලය සීතල ක`දුකරයට සීමා වී තිබුණි. අද එම තත්ත්වය වෙනස් වී ඇත. වතුකරයේ තරුණයන් අරගලයේ උණුසුම කොළඹට ද රැුගෙනවිත් ඇත. සෙසු වෘත්තීය සමිති, විවිධ බහුජන සංවිධාන මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප‍්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරයත් වතු කම්කරුවන්ගේ රුපියල් 1000හේ අරගලයට එක් වී ඇත. ඒ නිසාම තැතිගෙන ඇති වතු සමාගම් ඔවුන්ගේ කුලී ලියන්නන් ලවා විවිධ බොරු බේගල් පත්තර පිටු පුරා ලියන්නට පටන් ගෙන ඇත. විවිධ ආකාරයේ දීමනා එකතුකොට ලොකු මුදලක් වතුකම්කරුවන්ට ගෙවන බව ජනතාවට කියා සිටින අතර, අප ඉල්ලා සිටින්නේ දීමනාවල් රහිත දිනක මුලික වැටුප රුපියල් 1000 ක් කරන ලෙසය. මෙරට වැඩ කරන ජනතාවගේ දහඩිය මහන්සිය මත ර`දා පැවති නිදහස් අධ්‍යාපනයට පිං සිදු වන්නට විවිධ තානාන්තර වලට පත් වී ඇති හෘදසාක්ෂියක් නැති එම උගතුන්ට අප පිළිතුරු දිය යුතු නැත. එහෙත් ඔවුන් පරිභෝජනය කරන ආනයනික භාණ්ඩ ස`දහා විදේශ විනිමය උපයා දීමට වතු කම්කරුවන් දායක වී ඇති බව පමණක් මතක් කර දිය යුතුය. එමෙන්ම දිගින් දිගටම පාඩු ලබන බව පවසන වැවිලි සමාගම් දෙසැම්බර් මාසයේ පැවැති දින 7ක වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය නිසා රුපියල් කෝටි 175ක පාඩුවක් සිදු වු බව පැවැසීම හාස්‍ය ජනකය. වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අපනයන සමාගම් ඇතුලූ එක් එක් සමාගමට හිමිවන ලාබ පංගුව පිළිබ`ද ගැටලූ ඇත්නම් ඒවා ඒ ඒ සමාගම් විසින්ම විස`දා ගත යුතුය. ඊට වතු කම්කරුවන් වන්දි ගෙවිය යුතු නැත. තැරැුව්කාර සමාගම් මගින් හිතා මතාම තම අති විශාල ලාභය වසන් කරන වැවිලි සමාගම් වලට අපට පැවැසීමට ඇත්තේ එපමණකි.

සාමුහික ගිවිසුම් මගින් අරගලය පාවා නොදෙමු

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වන්නේ වසර දෙකෙන් දෙකට වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර අස්සන් කරනු ලබන සාමුහික ගිවිසුමක් මගිනි. අස්සන් කළ අවසන් සාමුහික ගිවිසුම පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වී ඇතත් වතු කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ගිවිසුම අලූත් කිරීමට රජය හා වතු සමාගම් සුදානම් නොමැති බව පෙනීයයි. වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රු.1000 දක්වා වැඩි කිරීමට එක`ග වන තෙක් සාමුහික ගිවිසුමට එක`ග නොවන ලෙස ඊට අස්සන් කරනු ලබන වෘත්තීය සමිති වලින් අපි ඉල්ලමු. යම් හෙයකින් අරගලය පාවා දි වෘත්තීය සමිති සාමුහික ගිවිසුමට අස්සන් තැබුවහොත් එය නොපිළිගන්නා ලෙසත්, රුපියල් 1000 ක් දිනා ගැනීමේ අරගලය ජයග‍්‍රහණය කරන තෙක් එක්ව සටන් වදින ලෙසත් අපි වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

දීප ව්‍යාප්ත විරෝධය ජනවාරි 23

ජනවාරි 23 දීප ව්‍යාප්ත විරෝධතා දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමින් වතු කම්කරු දිනක මුලික වැටුප රුපියල් 1000 ක් දිනා ගැනීමේ අරගලය මේ වන විට ඉදිරියට පැමිණ ඇත. එදිනට උතුරේත්, දකුණේත්, ක`දුකරයේත්, පොදුවේ රට හැම තැනමත් වතු කම්කරු දිනක මුලික වැටුප රු 1000 කරන ලෙස ආණ්ඩුවට, වතු බලධාරීන්ට හා වෘත්තීය සමිතිවලට බල කරමින් කලූකොඩි ඔසවා විරෝධතා පැවැත්වීමට 1000 ව්‍යාපාරය කටයුතු සංවිධානය කොට ඇත. මෙම විරෝධතාවන්ට එක්වන ලෙස සමස්ත වැඩ කරන ජනතාවගෙන් මෙන්ම සියලූ ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම එදිනට දිවයින පුරා සරසවි ඉදිරිපිට පවත්වන විරෝධතාවන්ට සහභාගි වන ලෙස සරසවි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන්ම වතුකරයේ සෑම වත්තකම හා නගරයකම කලූකොඩි ඔසවා විරෝධතා පවත්වන ලෙසත්, ඒවා සංවිධානය කිරීමට ස්වේඡුාවෙන් ඉදිරිපත්වන ලෙසත් වතු කම්කරුවන්ගෙන් හා ක`දුකරයේ තරුණයන්ගෙන් ඉල්ලා සිටිමු. කොළඹ පැවැත්වෙන විරෝධතා පා ගමන ජනවාරි 23 සවස 03.00 ට ග‍්‍රෑන්ඞ්පාස් හන්දියෙන් පටන් ගෙන කොටුව දුම්රියපොළ දක්වා ගමන් කිරීමට නියමිත ය. ඊට එක්වන ලෙස සියලූ වෘත්තීය සමිති හා වැඩ කරන ජනතාවගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු. ජයග‍්‍රහණය තෙක් සටන් වදිමු 1000 ව්‍යාපාරය



23 දීප ව්‍යාප්ත රැලි

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු.1000 ක් කරන ලෙස ඉල්ලමින් ගෑස්පහ හන්දියේ සිට පිටකොටුව බෝ ගහ දක්වා විරෝධතා පා ගමනක් ජනවාරි 23 දින සිදු වූයේ ය. 1000 ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණු මෙම පා ගමන සඳහා වතු කම්කරුවන් ඇතුළු 1000-1200 අතර ජනතාවක් සහභාගී විය. අවසානයේ දී ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීමක් පවත්වන ලද අතර මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද කරන ලදී. මේ සඳහා ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සහ බහුජන සංවිධාන, කම්කරු සේවක සංගම්, ආගමික නායකයින් සහභාගී වූ අතර සටන ජයග්‍රහණය කිරීමේ ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බව ද කියා සිටියේ ය. මීට සමගාමී ව තවත් දිස්ත්‍රික්ක 25 වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණවල නිරත විය.

කොළඹ -ගෑස්පහ



ප්‍රාදේශීය අරගලයන්